කොහෙද යන්නේ…→ ඉස්සරහට….


පේරාදෙණිය විශ්වවිද්‍යාලීය චෙස් සමූහය මගින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් චෙස් ශූරතාවය සහ දැනුම් මිනුම් තරගාවලිය ඊයේ පැවත්වුනා.  චෙස් තරගාවලියකට නව අංග එකතු කරමින් මෙය සංවිධානය කරනු ලැබුවා. ඔයගොලොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය සිසුවෙක් හරි චෙස් ලෝලීයෙක් නම් මේ ගැන දන්නවා ඇති.  හැබැයි මම මේ කියන්න යන්නේ ඒ ගැන නම් නොවෙයි.  කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කරන කොට වුන රසවත් සිදුවීමක් ගැන 🙂 පහුගිය දවස් ටිකේම අපි මේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරා.  අන්තිම දවසේ ඒ කියන්නේ 30 වෙනිදා නිදා ගන්නත් හම්බවුනේ නැති තරම්. 31 තමා ටුර්නමන්ට් එක තිබුනේ.  මම මේ කියන්න යන දේත් වුනේ 30 වෙනිදා……

එදා ඉතින් tournament එකට කලින් දවස හින්දා ටිකක් වැඩියෙන් කට්ටිය එකතු වෙලා වැඩ කර කර හිටියේ.  රැ 8.30 ට විතර මල්ලි කෙනෙක්ට ගෙදර යන්න වුනා.  ඉතින් කැම්පස් එකේ ඉදලා නුවරට යන්න ඒ වෙලාවට බස් අඩු හින්දා බයික් එකේ එයා ගිහින් දාන්න තමා ලැස්ති වුනේ.  මම ඉතින් බයික් එකේ යතුර වෙන යාලුවෙකුට දීල කිව්වා ඒ මල්ලිව ගිහින් දාන්න කියලා. ඉතින් මෙ යාලුවා තමා කථානායකයා.  කතාව කියන ලේසි වෙන්න ඉතින් එයාට නම දාමුකෝ..අපි එයාට කියමු ‘සංඛ ‘කියලා..නම නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ..මනංකල්පිත නමක්..හැබැයි සිදුවීම නම් සත්‍යයයි 😀 ඉතින් කැම්පස් එක හරහ යන හින්දා හෙල්මට්, ලයිසන් එහෙම දුන්නේ නැ. ගලහ හංදිය ගාවට ගිහින් දාන්න හෙල්මට් එහෙම අවුලක් නැ..සංඛත්  පොර වගේ ‘අපි පැදපු නැති බයික් තියනවද කියපු හින්දා’ වැඩේ එයාට භාර දුන්නා..ඉතින් එයා අර මල්ලිත් එක්ක ගියා..

ඔන්න ඉතින් විනාඩි 20ක් විතර ගියා. මිනිහා එන පාටක් නෑ..අපි ඉතින් වැඩ කර කර හිටියේ..අපිත් ඉතින් කතා වුනා ඇරලවන්න කියලා ගියපු මිනිහා තාම නෑනේ…කොයි ලෝකේ ගියාද කියලා. ඔන්න ටික වෙලාවකින් මගේ යාලුවෙක්ගේ ෆෝන් එකට ආව කෝල් එකක්.  එයා ඒකට ආන්සර් කරලා ඔයාට කියල මට දුන්නා..මම ආන්සර් කරා..

“හලෝ”

“හලෝ..මේ නාමල්ද කතා කරන්නේ….”

“ඔව්…”

“නාමල් ඔයාට බයිසිකලයක් තියෙන්වද…?

මමත් හිතුව කවුරු හරි යාලුවෙක් මේ බයික් එක ඉල්ලන යන්නේ කියලා…..හැබැයි ඉතින් ඔය විදිහට බයික් ඉල්ලන විදිහක් තියනවද 😀

“ඔව්..කවුද බන් මේ කතා කරන්නේ….”

“මම මේ පොලීසියෙන්…” පොලීසියේ අන්කල් කෙනෙක්…මළ කෙලියයි…සංඛ වැඩේ නාගෙන වගේ…

“මේ ඔයාගේ බයික් එකේ නම්බර් එක මොකද්ද….? “

මම නම්බර් එක කිව්වා…

“මේ ඔයාගේ බයික් එක එක්කෙනෙක් ගාව තියනවා..ඔය එයාට බයික් එක දුන්නද….?”

“ආ..ඔව් ඔව්…මම මේ මල්ලි කෙනෙක්ට ගෙදර යන්න පරක්කු වෙනව කිව්ව හින්දා එයාව ගිහින් දාන්න කියලා බයික් එක දුන්නා…මොකක් හරි අවුලක් ද…”

“මේ මිනිහ ගාව බයික් එකේ ලයිසන් මොකුත් නෑනේ…”

“මම ඉතින් හදිස්සි හින්දා ඒවා දුන්නේ නෑ…මම ඔතෙන්ට එන්නද…?”

“නෑ නෑ ඕන නෑ…ඔයා ඉතින් අඩු ගානේ හෙල්මට් එකක් වත් දීලා එවන්න එපාය….”

ඒයත් ඉතින් නැති කතා කියනවා….මාත් ඉදල ඉදල හරි මිනිහට තමා බයික් එක දීලා තියෙනේ…

“හරි හරි ප්‍රශ්ණයක් නෑ..මම මිනිහව එවන්නම්..මේ පාර්ක් එක ගාව බයික් හොරකන් කරන කට්ටියක් ඉන්නවා..මම මේ එකයි බැලුවෙ…බයික් එක confirm කර ගන්න ඔයාගෙද කියලා…”

“මම දැන් ඔතෙන්ට එන්නද…”

“නෑ…නෑ..මම එයාව එවන්නම්…”

“හරි..තැන්ක් යු…”

මළ කෙළියයි..මාත් දැන් තක්කු මුක්කු වෙලා…මොකද්ද දන්නේ නෑනේ සීන් එක. අනික පොලීසියේ කෙනා කතා කරේ පොලීසියේ නෙවයි වගේ…අපිත් හිතුවා හොද පොලිස් අන්කල් කෙනෙක්ට මිනිහව අහු වෙලාද කියලා 😛 කෝකටත් මම තව යාලුවෙක් එක්ක පාක් එකට ගියා බලන්න කියලා….කවුරුත් නෑ..කෝල් එකක් දීලා බැලුවා. බලද්දී සංඛ ෆැකල්ටි එකට ඇවිල්ලා…

අන්තිමට වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි….

අර මල්ලිව ගිහින් දාන්න ගලහ හන්දියටම සංඛ ගිහිල්ලා තියනවා..ඒ මල්ලිව බස් එකට දාල එද්දි මෙඩිකල් ෆැකල්ටි එක පැත්තට පොලීසියේ කීප දෙනෙක් යනව දැකලා..ඒ පැත්තෙන් තමා  සංඛ බයික් එකෙන් ආවේ..දැන් ඉතින් ඒ පැත්තෙන් යන්න බෑනේ…හරව ගත්තා බයික් එක…තව පැත්තක් තියනව යන්න..පේරාදෙණිය ටවුමට ගිහිල්ලා අක්බාර් හෝල එක පැත්තෙන් යන්න පුලුවන්..ඉතින් ටවුම හරහා යන හින්දා පොලීසිය හිටියොත් කියලා බයික් එක තල්ලු කර ගෙනම එන්න පටන් ගත්තා. ඔන්න හෙමින් තල්ලු කර ගෙන ආවා..ටවුන් එක මැදින් දැන් යන්නේ..තාම ටවුන් එක..ඒ හින්දා බයික් එකට නගින එක ෂුවර් නෑ 😀

තව ටිකක් දුර ගියා..මේ එක පාරටම කඩයක් ඇතුලෙන් පොලිස් අන්කල් කෙනෙක්  එළියට ආවා 3:)

“මේ මහත්තයා පොඩ්ඩක් නවතිනවද…”මළ කෙලියයි..සංඛ නැවතුනා…

“කොහෙද මහත්තයා යන්නේ…” සංඛ දැන් රත් වෙලා ඉන්නේ….

“මේ..ඉස්සරහට…”

“එහෙමද…..ලයිසන් එහෙම තියනවද…?”

“ඔව් තියනවා…”

“ගමුකෝ බලන්න….”

“ඒවා ගෙදරනේ…”

“එහෙමද…ලයිසන් හෙල්මට් නැතුව බයික් එකක් ඇරගෙන කොහෙද මේ යන්නේ…බයික් එක හොරකම් කරලවද්ද..ඔයා කොහෙද…?”

“කැම්පස්…”

“කැම්පස් ID එක තියනවද…”

“ඔව්…”

“දෙන්නකෝ බලන්න…” සංඛ එයාගේ ID එක දුන්නා…

“දැන් කාගෙද මේ බයික් එක …”

“යාලුවෙක් ගේ…”

“දැන් යාලුව කෝ…”

“එයා කැම්පස් එකේ..”

“මේ පාර්ක් එක බයික් උස්සන කට්ටියක් ඉන්නවා..ඒ හින්දා මට මේ බයික් එක confirm කරගන්න ඕන…මට ඒ යාලුවාට කෝල් එකක් ඇරගෙන දෙන්න…”

සංඛ ගත්තා ෆෝන් එක…මළ කෙලියයි..නම්බර් එක නෑ…යන්තන් මගේ වෙන යාලුවෙකුට ඇරගෙන මට කතා කරා….

කොහොම හරි පොලීසියේ හොද, අහිංසක පොලිස් අන්කල් කෙනෙක්ට අහුවුන හින්දා වැඩේ යන්තම් ගොඩ 😀 නැත්නම් ආයේ කට්ට නේ 🙂

“දැන් ඉතින් ඔයා ඕක තල්ලු කරගෙන යන්න එපා…නැගල යනව…හැබැයි තව ටිකක් දුර තල්ලු කර ගෙන ගිහිල්ලා…නැත්නම් මට හොද නෑ….”

යන්තම් සංඛ ආවා…ඊට පස්සේ සංඛට වුන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ….

වැඩේ කියන්නේ එදා තම සංඛගේ උපන්දිනේ…රෑ වෙලා  12 විතර ලංවෙලා අපි මිනිහගෙන් පොඩි පාටියක් එහෙම් ගත්තා..ඊට පස්සේ පට්ට සීතලේ එයාව පොකුණකට ගිහින් දැම්මා…මොකද උපන්දින පාටියයි ඒ දවසේ සිද්ද වුන රසවත් සිදුවීම සමරන්න එපාය…

මම දන්න විදිහට අපි මේ කරපු tournament එකේ වුන රසවත්ම සිදුවීම තමා මේක…තාමත් මතක් වෙනකොට හිනාවක් යනවා…හැබැයි එයාගේ ෆැකැල්ටිය මොකද්ද කියලා අහන්න නම් එපා..පොඩි හින්ට් එකක් දෙන්නම්කෝ..ඔය අක්බාර් එක පැත්තේ ලු ඕක තියෙන්නේ…

හැබැයි ඉතින් ඒක දැන් ගත්තත් ඉතින් වැඩක් නෑ…සංඛ කියන්නේ මනංකල්පිත නමක්නේ…කොහොම හරි මෙවගේ රසවත් සිද්ධි, සහ ප්‍රශ්ණ මැදින් සියලු දෙනා ගේ එකමුතුවෙන් අපේ තරගාවලිය සාරථකව නිමා කරගන්න අපිට පුලුවන් වුනා…ඒක තමා වැදගත්ම දේ.. තව එකක්.මේ වගේ වැඩ වලදී ගැනූළමයි ඉතින් පොඩ්ඩ්ක කට්ටි පනිනවනේ..ඒ වුනාට මේ සැරේ වෙනදාට වඩා ඒ ගොල්ලන්ගේ උදව්ව එකතු වුනා..ඒකත් සතුටට කාරණයක් 🙂 ඊළග අවුරුද්දේත් මීටත් වඩා සාර්ථක තරගාවලියක් පැවත් වීමට හැකි වේවා කියා මම සුභපතනවා…

තව එකක් …පොඩ්ඩක් අවුලකට තියෙන්නේ අන්තිනේදී මේ වුන වැඩේට මමත් වග කියන්න ඕන කියලා කට්ටිය කියපු එක…මම සංඛව යවල තියෙන්නේ හෙල්මට් එක දෙන්නේ නැතුව නේ..ඒකට මම වග කියන්න ඕනලු…බලන්නකෝ එකෙත් හැටි 😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, ක්‍රීඩා, ගේම්ස්, පේරා Campus, රස කතා and tagged , , , . Bookmark the permalink.

10 Responses to කොහෙද යන්නේ…→ ඉස්සරහට….

  1. කවුද බොලේ අපි නොදන්න සංඛ
    මෙ අපේ පැටිස් චරිතය වත්ද?

  2. Anonymous says:

    a kathawe sanka raaa wela naawalu neda????

  3. Anonymous says:

    මේකෙ හොදම හරිය මෙක නෙමේ එහෙම නේද කතාවේ සංඛ

  4. Jonny says:

    umba me dawas tikema campus wage neda. mamath awith yanna enna one, koheda mun result ekakwath danne nene.

  5. unknown says:

    habai..ithin mehema nam dala hint gahana ekanam honda na..

Leave a reply to Chanaka Aruna munasinghe Cancel reply