චීනය වේගවත් දුම්රිය වාර්තාවන් අලුත් කරයි…


වේගවත් බවට තවත් එක් සටහනක් එක කරමින් ලෝකයේ වේගවත්ම දුම්රියේ වාර්තාව අලුත් කිරීමට චීනය පසුගියදා සමත් වුනා. ඒ  “The Harmony – CRH-380A” නම් වූ නව දුම්රිය පරික්ෂණ ධාවනයකදී 416.6 Km/h උපරිම වේගයක් ලබා ගනිමිනි. Shanghai සිට Hangzhou දක්වා වු Huhang high-speed දුම්රිය පථයේදී මෙම වාර්තාව තැබීමට හැකිවී තිබෙනවා. ලෝක දුම්රිය  කේෂ්ත්‍රයේ බලවතුන් බව නැවත් වරක් සනාථ කළ චීනය මීට පෙරද මෙවනිම වේගවත් වාර්තාවන් තබා තිබෙනවා. ඒ 2008 වසරේ 394.3 Km/h වේගයෙන් දුම්රියක් ධාවනය කිරීමෙනුයි.

Shanghai සිට Hangzhou දක්වා ධාවනය වීමට නියමිත මෙම දුම්රිය මෙම මස ධාවනය සදහා එක වීමට නියමිත වනවා. එසේම 202 km දුර විහිදෙන මෙම පථය හරහා වසරක් තුලදී මගීන් මිලියන 80 ක් ප්‍රවාහනයට ඔවුන් බලාපොරොත්තු වනවා.අද වනවිට වේගවත් දුම්රිය කේෂ්ත්‍රයේ ලොව පෙරමුණේ පසුවන චීනය සතුව වේගවත් දුම්රිය මාර්ග 7055 km දුරක් පවතිනවා. 2012 වන විට මෙම මාර්ග 13000 දක්වා දියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා. එසේම 2012 වන විට ඔවුන්ගේ ප්‍රධාන ධාවන පථය ධාවනය සදහා විවෘත කිරීමට බලාපොරොත්තු වනවා.

1300 Km  දිගින් යුතු මෙම පථය සදහා යුවාන් බිලියන 220.9 ආයෝජනය කරන අතර මෙමගින් Beijing-Shanghai  ප්‍රධාන නගර දෙක අතර යාමට ගතවන කාලය පැය පහක්ටත් වඩා අඩු කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් පවසනවා.එසේම නවතම වාර්තා වලට අනුව මෙම දුම්රියන් ඇමරිකාවට හදුන්වාදුන්නහොත් ඔවුන්ගේ අහස්යාන කර්මාන්තය විශාල අර්බුදයකට ලක් වනු ඇති බව පැවසෙනවා.

තාක්ෂණය, දැනුම හා හැකියාවන මනාව මුසු කරගනිමින් ප්‍රවාහන කලාවේ නව මාවත සොයන චීනයේ වේගවත් දියුණුවට එක හේතුවක් වන්නේ මෙයයි. රටක දියුණුව සදහා ප්‍රවාහන කේෂ්ත්‍රයේ දියුණුව අනිවාරයෙන් බලපාන අතර තවමත් ශ්‍රිලංකාවට වටහා ගැනීම්ට අපහසුවී ඇත්තේද මෙයයි. නමුත් අපිට මෙය කළ නොහැක්කක් නොවේ.දේශපාලනය,වංචාව,දූෂණය ඉවතලා අපේම දියුණු ප්‍රවාහන පද්ධතියක් ඇරඹිය නොහැකිද…දැන් තිබෙන්නේ සිතන්නට කාලය නොවේ..ඇරඹුම සදහා කාලයයි..නැතහොත් ලොවේ ප්‍රවෙගමත් සංවර්ධනයේදී අප පසුපසට ඇදියාම වැළක්විය නොහැකියි…

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ගැජැට්, තාක්ෂණය, වාහන and tagged , , . Bookmark the permalink.

6 Responses to චීනය වේගවත් දුම්රිය වාර්තාවන් අලුත් කරයි…

  1. අමිල says:

    නිකං මඥ්ඤං වාර්ථා දාන්නේ මොකද? අලිබොරුවක්නේ ඔයාගේ මාතෘකාව. ලෝකයේ වේගවත්ම දුම්රිය ප්‍රංශයේ TGV. වාර්ථාගත උපරිම වේගය පැයට කි.මි. 573ක්. චීනය අලුත්​ක​ලේ කාගෙ වාර්ථාව ද දන්නෑ. නිකං පච කෙලින්න එපා එහෙන් මෙහෙන් කොපි කරලා.

    • panhida says:

      බොහෝම ස්තුතියි පෙන්නල දුන්නට…පොඩි වැරදීමක් වුනේ…ඔන්න වැරැද්ද හැදුවා. ඔයාට
      මඥ්ඤං වගේ උනා නම් සමාවෙන්න ඕන….දැන් හරිනේ…

      http://goo.gl/UAk8
      http://goo.gl/9ox5

  2. Anonymous says:

    වේගවත් බවට තවත් එක් සටහනක් එක කරමින් ලෝකයේ වේගය අඩුමදුම්රිය ලංකාවේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s