Apple ibike


ඇපල්, පෙරළිකාර තාක්ෂණයක් සහිතව නව විලාසිතාවන් හදුන්වදෙමින්  ඉදිරියට යන්නක්.  iPhone, i pad, iPod, iTunes ලෙස පෙරළිකාර නිපැයුම් ඉදිරිපත් කිරීමෙන්  පාරිභෝගිකයන් තමන්ගේ ග්‍රහණයට නතු කර ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා.  ඔවුන්ගේ නිපැයුම් කඩයිම් පුළුල් කරමින් නව ඉසව්වක් වෙත මේ වන විට යොමුවී තිබෙනවා.  ඒ smart bike ලොවට ඉදිරිපත් කිරීම සදහා අදහසක් තබාගෙනයි. මේ වන විට ඔවුන් බයිසිකල් උපාංග සදහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට අවසර ඉල්ලා තිබෙනවා.  අගෝස්තු මස 5 වන දින US Patent & Trademark Office මගින් ප්‍රසිද්ධියට පත් කෙරුනු ඇපල් සමාගමේ පේටන්ට් ඉල්ලුම් පතට අනුව ඔවුන් විසින් මෙය ‘smart bike’  නමින් හදුන්වා තිබෙනවා.

මොවුන්ගේ බයිසිකල් පේටන්ට් පත්‍රය මගින් බයිසිකලය පදින්නන් සදහා, ඔවුන් ධාවනය කරන මාරගය සම්බන්ධ තොරතුරු දැනගැනීමට තොරතුරු ගබඩාවට පිවිසීමට අවස්ථාව ලබා දෙනවා. මේ මගින් බසිකලය ධාවනය වන උස, අක්ෂාංශ, දේෂාංශ, ආනතිය, ධාවන වේගය, ධාවන කාලය, ධාවනය වූ දුර,පදින්නාගේ හද ගැස්මේ වේගය ආදී තොරතුරු රැසක් දැන ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී එම තොරතුරු ලබා ගැනීම සිදුවන්නේ iPod හෝ i pad සහ බයිසිකලයට සම්බධව තිබෙන සංවේදක මගිනි.

දැනටමත් බටිසිකල් සදහා ඇපල් සමාගමේ විවිධ උපකරණ ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. Apple iPhone applications සහිත තාක්ෂණික කට්ටලයක් 200$ පමණ මිලකට ලබා ගැනීමට පුලුවන්. එසේම Wi-Fi ජාලයක් හරහා ධාවකයන් අතර සන්නිවේදනය කිරීමේ පහසුකමද පවතිනවා. එසේම මෙම තාක්ෂණයන් voice command  පහසුකම සහිතයි. ඔබ බයිසිකලය ධාවනය කරන්නේ පැයට කිලෝමීටර 40 පමණ වේගයෙන් නම් තමන්ගේ දෑත් බයිසිකලයෙන් ඇත් කරගැනීම නුවණට හුරු නැහැ. මෙම තාක්ෂණය නිසා ප්‍රවේශම් ධාවනයක් ධාවකයාට ලැබෙනවා. මෙම සියලුම තොරතුරු බයිසිකලය මත රදවා තිබෙන LCD  තිරයක් මගින් අපිට ලබා ගත හැකියි.

දහවල් කාලයේදී මෙම තිරය පැහැදිලිව ධාවකයාට දැක බලා ගැනීමේ හැකියාවක් පවතිනවා. එසේම ඇපල් සමාගම ඔවුන් විසින්ම සම්පූර්ණ බයිසිකලයක් ඉදිරිපත් කිරීමේ අදහසද තබාගෙන සිටිනවා. අද වන විට ඇපල් යනු හුදෙක් තවත් එක් වෙළද නාමයක් පමණක් නොවේ. එය බහුතර පාරිභෝගිකයන් රැසකගේ විලාසිතාවක් බවට පත්වී හමාරයි. ඇපල් නව මුහුනුවරකින් මෙසේ ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ ඔවුන්ගේ නව විලාසිතාවකුයි. iPhone, i pad, iPod, iTunes ලෙසින් තාක්ෂණ විලාසිතා ලොව ජයගත් apple හි මෙම නැවුම් අංගය ‘ibike’ලෙසින් ලොව හමුවට නොබෝ දිනයකින් නොපැමිනෙතැයි කිව හැක්කේ කාටද..!!!!

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, ගැජැට්, තාක්ෂණය, වාහන and tagged , . Bookmark the permalink.

3 Responses to Apple ibike

  1. මේක ලංකාවට ආවම ඒකටත් ලයිසන් සුයි හෙල්මටුයි නම්බර් ප්ලේටුයි අනිවා කරයිද දන්නේ නෑ??😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s