හෙට Convocation :)


ඔන්න හෙට ඉතින් කොල්ල නිල වශයෙන්ම උපාධිය ගන්නවා 🙂 උපාධිය සම්පූර්ණ කරා කියල මීට මාස ගානකට කලින් සහතිකයක් දුන්නට හෙට තමා ලෝකෙටම පේන්න උපාධිය පිරි නමන්නේ 😀 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 74 වෙනි උපාධිප්‍රදාන උත්සවයට තමා හෙට සහභාගී වෙන්නේ.

හැබැයි ඉතින් උපාධිය කියල කෑගහගෙන ගියාට හෙට නම් එසේ මෙසේ කට්ටක් නම් නෙවයි කන්න තියෙන්නේ..උදේ 7.30 විතර ඉදන් වැඩේ පටන්ගන්නවා…උදේ පෙරහරකින් එක්කන් ගිහිල්ලා උත්සවශාලාවේ වාඩිවෙනවා..ඉවර වෙනකන් ඉතින් නෝහෙල්ලුම්…විභාග ලියන්න කාපු කට්ටට වඩ ලොකු කට්ටක් හෙට කන්න වෙයි වගේ.මෙදා සැරේ ශාලාවට ඇතුල් වෙන්න දෙන්නෙත් අම්මට හරි තාත්තට හරි විතරයි.අනික ඇතුලට මොකුත් අරන් යන්නත් බෑ…නෝ ෆෝන්, නෝ කැමරා 😦

අන්තිමේදී ඉවර වෙලා එලියට ඇවිල්ලා ගෙදර කට්ටිය එක තැනකට ගන්න සැහෙන ගේමක් දෙන්න වෙයි වගේ 😛 . මෙදා සැරේ හැබැයි ගිය පාරට වඩා උපාධි ප්‍රධානෞත්සවයකට ලස්සන වට පිටාවක් හැදිලා තියනවා..වෙනදා මාර්තු 1 වෙනිදා තියන උපාධි ප්‍රධානෞත්සවය මෙදා සැරේ ටිකක් කල් ගියා…. මේ දවස වල පේරාදෙනියට කහ මල් වසන්තය උදා වෙලා තියෙන්නේ…පරිසරය ලස්සනට හැඩ වෙලා තියනවා.. හැබැයි බය තියෙන්නේ මේ ලස්සන දෙපිටින් යන්නත් කියලා හවස් වරුවේ හොද වැස්සක් වහියිද කියල.. එහෙම උනොත් නම් උඩින් කියපු කතා ඔක්කෝම වැස්සට හේදිලා යනවා…පොඩ්ඩ්කට යට ෆෝටෝ ටික බලන්න මේ ටිකේ ලස්සන කොහොමද කියලා…

ලස්සනයි නේද 🙂 ඉතින් හෙට උපාධි ප්‍රධානෞත්සවයට එන අයගේ එක අරමුණක් තමා මේ පරිසරයේ සුන්දරත්වය තමන්ගේ කැමරා කාචයට හසු කර ගැනීම..මමත් ඉතින් ඕක ඔලුවේ තියන් ඉන්නේ…හැබැයි වැස්සොත් නම් වැඩේ හබක් 😦

කොහොමෙන් කොහොම හරි හෙට සාර්ථක උපාධිප්‍රධානෝත්සවයක් පැවැත්වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…
හෙට දිනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිප්‍රධානෝත්සවයේදී උපාධිය හිමිකර ගන්නා සියලුම දෙනාට මගේ සුභ පැතුම්….!!!

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පේරා Campus and tagged , , , . Bookmark the permalink.

5 Responses to හෙට Convocation :)

  1. sudaraka says:

    සුබ පැතුම්….හෙට උත්සවය අවුලක් නොවී තියෙන්න කියලා පතනවා…බලාන ගියාම පේරාදෙනිය කැම්පස් එක හරිම ලස්සන තැනක්නේ….:)

    • panhida says:

      බොහොම ස්තුතියි.. 🙂 ලස්සනම තැනක්..ඇවිල්ල බලල සුන්දරත්වය රස විදින්න 🙂

  2. chathu says:

    පුංචි කාලේ ඉදල තිබ්බ හීනයක් campus’ එක. ඒ හීනෙනම් හැබෑවුනා.ඒත් පේරා එව්ව බැරිවුන එක දුකයි

    • panhida says:

      පේරා ආපු එකට මම ඉහලින්ම සතුටුයි..කොහොම හරි chathuත් කැම්පස් ආවනේ…එකට සතුටු වෙන්න 🙂

  3. saliya says:

    Mamath asama pere uni yanna.eka mara lassanay ne ayye.Habay gihin aniwa kellek da gannawa,dagannawa may 🙂 Me august A/L s hodatama pass wenna full try ekak denawa
    oyata kellek innawada?

Leave a comment