දුටු නුදුටු දෑ දුටු මන්නාරම


ඒකාකාරී වැඩ වලින් පොඩ්ඩක් මිදිලා වෙනසක් වෙන්න එක්ක අපි කරන දෙයක් තමා ට්‍රිප් එකක් යන එක🙂 අපිත්, ඒ කියන්නේ මායි මගේ යාලුවොයි ඔහොම ගමනක් දාගෙන තිබුනේ. ගමනේ සංවිධානය, යන තැන්, ඉන්න තැන් ඔක්කෝම භාරව කටයුතු කරේ කැලා. කැලා කියන්නේ එයාගේ කාඩ් එක. කැම්පස් එකේ. කොහොම හරි ඕක යන්න හිතාගෙන හිටියේ මීට මාස දෙකකට විතර කලින්. අපි දැන් ගිහිල්ලා ඉන්න හිට්යේ කැලාගේ අයියා කෙනෙක්ගේ තැනක. ඉතින් කොහොමෙන් කොහොම හරි අයියගේ වැඩ හින්දයි,රටේ අධ්‍යාපනයේ අස්ථාවර භාවයයි හින්දා වැඩේ පොඩ්ඩක් පරක්කු වුනා.😀 එහෙම වෙලා ට්‍රිප් එක අපි ගියේ මීට සති දෙකකට විතර කලින්. දෙයියනේ කියලා අපි පස් දෙනෙක් වැඩේට සෙට් වුනා. යන්න හිටියේ සිකුරාදා නයිට් මේල් එකේ. ඔන්න කෝච්චියේ යනව නම් ඉතින් මැදවච්චියෙන් බැහල තමා යන්න වෙන්නේ. ටේන් එකේ කාලසටහන මෙතනින් බලා ගන්න පුලුවන්. කතාව කියන් ගියාට යන තැන කියලා නෑනේ. මන්නාරමට තමා අපි යන්නේ😀

එතනත් වැඩේ කියන්නේ රැ යන ගමන පොඩ්ඩක් අනිත් දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා පාන්දරට කල් ගියා. අපි යන්න සෙට් උනේ පාන්දර යන ඕමන්තෙයි express train එකේ. එක්කෙනෙක් කොලඹින් නගින්න හිට්යේ. ඒ තමා අපේ අපේ සංවිධායකතුමා. එයා වේලාවට වැඩ කරන කෙනෙක්. ඒ හින්දාම ටේන් එක යන්න පිටත්වෙන වෙලාවට තමා ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ😀 ඒ වගේ ට්‍රේන් වල ඔය booking system එකක් තියනවලුනේ. ඉදගන්න එහෙම කලින් බූක් කරන්න ඕන. ඒ හින්දා වෙලාවට ස්ටේෂන් එකට ආවා කියලා ගමන් යන්න බෑ. පොඩ්ඩ්ක් කලින් යන්න ඕන. නැත්නම් ඉතින් ‘මචන් කෝච්චිය නූලෙන් මිස් උනා ‘කියලා තමා කියන්න වෙන්නේ😛 අපිට ඔය මොබිටෙල් ලගෙනුත් එක කරගන්න තිබුනා.හැබැයි ඒක මතක් උනේ යාලුවාට ට්‍රේන් එක මිස් උනාට පස්සේ.  Mobitel Post Paid package එකක් තියෙනවනම් 365 ගහලා book කරන්න පුලුවන්. මාසේ බිලට ඒක එකතු වෙනවා.
කොහොම හරි යාලුවා එහෙන්ම වවුනියා බස් එකකට නැගලා. තව එක්කෙනෙක් පොල්ගහවෙලින් නැග්ගා.මායි තව යාලුවෙකුයි කුරුනෑගලින් සෙට් උනා කෝච්චියට. අනිත් යාලුවා හවස බස් එකේ එනවා. එයා උදේ වැඩක් දාගෙන හින්දා..දැක්කනේ මේක මේ ට්‍රිප් එකක් කීව්වට පොඩ්ඩ්ක් වෙනස්…ඔය ට්‍රේන් එක සැහෙන speed යන එකක්. නැලවිලි නෑ. හැබැයි එදා පොඩ්ඩක් පරක්කු උනා. ඔය කෝච්චි පාරවල වලත් බ්ලොක් සෙට්වෙනවලුනේ😛

කොහොම හරි මැදවච්චියට එද්දි  දවල් 12 පහුවුනා..10 යි ගානට එන්න තියන කෝච්චියක්, මැදවච්චියට.කොහොම හරි මැදවච්චියෙන් බැහැලා මන්නාරමට යන්න සෙට් උනා. අපේ කැලාගේ අයියා වාහනයක් එවලා තිබුනා මන්නාරමට යන්න. ඒ හින්දා අවුලක් වුනේ නෑ. කැලා, අපි ඇවිල්ලා පැයකින් මැදවච්චියට ආවා. ඊට පස්සේ අපි කෙලින්ම මන්නාරමට ගියා. යන ගමන් අපිට හම්බෙනවා යෝධ වැව.ලොකු වැවක්.හැබැයි එච්චරම ලස්සනක් එදා ඒ වැවේ තිබුනේ නෑ.

වැවත් පොඩ්ඩ්ක් බලාගෙන යන්න පිටත් වුනා. නාන්න කියල ආවේ. වැව දැක්කම නාන එකත් එපා වුනා😀 ඊට පස්සේ කෙලින්ම මන්නාරමට. ඕන්න ඉතින් අපි යන පාර දෙපැත්තේ ඉන්නව බූරුවෝ. කකුල් හතරේ එවුන්. සමහර එවුන් රන්ඩු වෙනවා. සමහර එවුන් බලාගත්තු අතේ බලා ඉන්නවා. ගෙනැල්ල තිබුනු කැමරාව ඉතින් එක දිගට වැඩ. මොකද නුවර කකුල් හතරේ බූරුවෝ ඉන්නවද ?

කැමරාව ගැනත් නොකියම බෑ. ඒ වගේ කැමරා කලින් අල්ලලා තිබුනට, මගේ වගේ පාවිච්චි කරන්න හම්බුනේ මේ කැම් එක තමා. මේක පොදු දේපලක්. මොකද, ඒක හම්බෙලා තිබුනේ උසස් අධ්‍යාපනය සදහා වෙන්කරපු ප්‍රතිපාදන හරහා. එක යාලුවෙක් Mphil එකක් කරනව. මිනිහා කරන්නේ ඔය ගස්, වැල් ගැන මොකද්දෝ research එකක්. ඉතින් ලක්ෂ ගානක දීලා ඔය කැම් එක එයාට දීලා තියෙන්නේ. යන යන තැන්වල ගහක් ගලක් සතෙක් පේන්න බෑ..යාලුවාගේ ඊළග target එක තමා කොහොම හරි PhD එකක් කරන එක. මොකද ප්‍රතිපාදන හරහා තව මොනවහරි ගන්න බැරිය😀 කොහොම හරි අපිත් යන්තම් හරි වෘතීමය ඡායාරූපකරුවන් වුනා ඒ දවස් ටිකට. ඊලගට දවල් කාලා කෙලින්ම ගියා නැවතිලා හිටපු තැනට.

ආ ඒ යන ගමන් ගියා බයෝ බැබ් ගහ බලන්න. බලන්න එපාය ඒ ගහේ මහත. මීටර 19 ගානක් කද මහතයි. උස නම් 7.5m විතරයි. වීඩියෝ එකනම් You tube එකේ තිබ්බ එකක්.

ඉතින් ඒ ගහ වටේ පොඩ්ඩ්ක් කැරකිලා, වටේ ඇවිදිලා එහෙම ගියා නවතින තැනට.
එතන පොඩ්ඩක් නැවතිලා ඉදලා හවස පැත්තේ ගියා මුහුද බලන්න.හබැයි මේ හරියේ එච්චරම රස විදින්න පුලුවන් විදිහේ වෙරලක් නම් නෑ. අපි ගියේ පොඩි බෝට්ටු නවත්තලා තියෙන තැනකට. කුඩා ධීවර වරායක් වගේ.එතන ටික වෙලාවක් ඉදලා ආයෙත් නවතින තැනට ගියා.

කාලා බීලා ඉතින් නිදාගන්න ලැස්ති වෙද්දී රෑ 12 ත් පහුවෙලා තිබුනේ. එච්චර වෙලා අපි ඉතින් කරපු දේවල් හිතා ගන්න පුලුවන්නේ. තව එකක් ඔය  තියන Slid Show එකේ එක පින්තුරයක් තියනව ආච්චි කෙනෙක් පණ තියන කුකුල්ලු දෙන්නෙක් උස්සගෙන එනවා. අපේ පැතිවල නම් එහෙම පන තියන එවුන් උස්සගෙන එනව දකින්න අඩුයිනේ. එහෙමත් ඉතින් වෙනවනම් ඔය රෑට හොරෙන් උස්සන් යන එවුන් තමා😀 ඒ පැතිවල අය මරපු සත්තු කන්න කැමැති නෑලූ. නැවුම් පිට ඉන්න සත්තු ලු කන්නේ. ඉතින් ඒ ගෙන සතා මරලා ඒ වෙලාවේ උයාගෙන කන එක තමාලු කරන්නේ. කොහොමත්, මරලා පස්සේ කෑවත්, එවෙලේ කෑවත්, නොකෑවත් සතුන් මරන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවයි.

අපේ දෙවෙනි දවස උනේ ඉරිදා දවසක්. එදාට එහේ කට්ටිය ඉතින් ෆන් ගන්න දවස තමා ඉරිදා. එදාට වැඩ බෑ, පල්ලි යන්න ඕන. ඊට පස්සේ කාලා බීලා ජොලියේ ඉන්නව. පල්ලි යන් නැතුව මුහුදු ගියොත් එහෙම පල්ලියෙන් දඩ ගහනවලු. ඒකේ ඇත්ත නැත්ත නම් හොයා ගන්න බැරි උනා.

අනිත් දවසේ අපේ ගමන් තිබුනේ තලෙයිමන්නාරමට. අපේ අරමුණ තිබුනේ ආදම්ගේ පාලම බලන්න යන්න. නාවික හමුදාව මගින් තමා මේ ගමන සංවිධානය කරන්නේ. රුපියල් 4000/= විතර මුදලක් මේ සදහා අපිට වැය කරන්න සිද්ද වුනා. අපි කිව්වට අපේ කැලාගේ අයියා කෙනෙක් තමා මේ දායකත්වය දැරුවේ. මේකට විතරක් නෙවෙයි අපේ ගමනේ වැඩි බර ඒ අයියා තමා දැරුවේ. ඉතින් පැය භාගයක් විතර මුහුදු ගමනකින් පස්සේ අපිට ආදම්ගේ පාලමේ දෙවන වැලි කන්ද මතට ළගා වෙන්න පුලුවන් වුනා.

මේ පාලමේ වැලි කදු 16 ක් තියනව. ඒකෙන් 8 ක් අපට අනික් 8 ඉන්දියාවට තමා අයිති වෙන්නේ. 10 Km දුරින් තමා මේ වැලි කන්ද පිහිටලා තියෙන්නේ.
හැබැයි ඕක බලන්න යන වෙලාවේ මුහුද සැරයි නම් වැඩේ හරියන්නේ නෑ. සමහර දවස් වල හවස් කාලය වෙද්දී ඔය තත්වය උදා වෙනවා. ඒ හින්දා උදේ යන එක හොදයි. අපි යන වෙලාවෙත් පොඩ්ඩ්ක් මුහුද රළු වෙලා තිබුනේ. ඒ වුනාට ඒක එච්චරම අවුලක් වුනේ නෑ.රළ දෙබෑකරගෙන බෝට්ටුව වැලි පරය වෙතට අරගෙන යන්න නාවික හමුදාවේ අය සමත් වුනා. ඉතින් යන වෙලාවට මූණ මාර විදිහට ලුණු රසයි. ඇයි රළ දෙබෑ කරගෙනනේ යන්නේ. ඔය වැලි කන්දට යන එකත් ලේසී නෑ. යන්න වෙනම පාරවල් තියනව.ඔන්න ඉතින් “මුහුදේ කොහෙද පාරවල්” කියල ගොන් ප්‍රශ්න එහෙම අහන්න එපා😀

මොකද කෙලින්ම වැලි පරයට ගියොත් බෝට්ටුව වැලි පරයට ළගා වෙන්න කලින් වැලි වල හිර වෙනවා. ඒ හින්දා පොඩි රවුමකින් වැඩක් දාල එන්න වෙනවා. කොහොම හරි අපිට මුහුදට බැහලා බෝට්ටුව තල්ලු කරන්නත් උනා. වැලි පරයට ආවට පස්සේ ඉතින් පිස්සු තමා.සමහර අය වැල්ලේ රටා අදිනවා, එක එක ඒවා ලියනවා, දුරදක්න වලින් ඉන්දියාව බලන්න හදනවා,සිප්පු කටු ඇහිදිනවා, පිනුම් ගහනවා, රැල්ල පාගනවා.. හරියට පොඩි එවුන් වගේ.

එන්න කලින් අපිට කියල තිබුනේ නාන්න එහෙම බෑ කියලා. මොකද ඒ හරියේ ‘මඩුවෝ’ ඉන්නවලු. ඔයගොල්ලෝ දන්නවනේ කවුද මඩුවෝ කියන්නේ කියලා.දන්නේ නැත්නම් දන්න කෙනෙකුගෙන් අහන්න. ඔය පින්තුරේ ඉන්නේ එවුන් තමා :D ඒ වුනාට ගියාට පස්සේ අවුලක් නෑ නාන්න කිව්වා. මම හිතන්නේ අපි එන ටිකට මඩුවෝ ඒ හරියෙන් යන්න ඇති. තව එකක් කියන්න අමතක උනානේ. අපි බෝට්ටුවේ එද්දී පියාඹන පොඩි මාළුවෝ අපේ බෝට්ටුව එක්ක ඉස්සරට ආවා. ඒකත් ලස්සන දර්ශනයක්.

අපි ඉතින් දූපත වටේ රවුමක් ගිහිල්ලා, පොඩ්ඩ්ක් වතුරේ පිස්සු කෙලින්න පටන් ගත්තා. පැයක් විතර අපිට දූපතේ ඉන්න අවස්ථාවක් ලැබෙනවා.අපි නම් ඊට වඩා හිටියා.අපට මෙම ගමනෙදී කන්න, බොන්න හම්බෙනවා. ඒක අපට හම්බෙන්නේ අපි ගෙවන මුදලට. ඒක නොමිලේ දෙන සේවාවක්. සිසිල් බීම පැකට් එකක්, බිස්කට් පැකට් එකක්, චොකලට් එකක් ඒකට අයිතියි. තව එකක් කියන්න ඕන. මේ වගේ තැනකට ඇවිල්ලා විනෝද වුනාට අපිට ඒ පරිසරය විනාශ කරන්න අයිතියක් නෑ. මොකද පරිසරය කියන දේ මිනිසාට පමනක් අයිති දෙයක් නෙමෙයි. ඒ හින්දා අපි එනකොට ගෙනාපු දේවල් ඔක්කෝම ආපහු ඇරගෙන යන්නත් හොදට මතක තියා ගන්න.එහෙම නොකරන මෝඩයිනුත් මෙහි පැමිනිලා තියනවා කියලා අපිට දකින්න හම්බුනා.

ඊට පස්සේ ඉතින් ආපහු මුහුදු ගමන. අර කලින් ආපු විදිහම තමා.ලුණු රහ බල බල එන්න තියෙන්නේ. මට ඉතින් එන ටිකට පොඩ්ඩක් නින්ද එහෙමත් ගියා.ඒ හින්දා ආපු හැටි කියන්න මට මතක නෑ..
ඇවිල්ලා කට්ට අව්වෙම ගියා කන තැනට. ඇග නිකන් ඇලෙනව ඇලෙනව වගේ. ඒ හින්දා නාන්න පත ගත්තා. එතන තිබ්බේ ආඩියා ළිදක්.ටැප් එකෙන් එන වතුරට වඩා ළිදේ වතුර හුගාක් සනීපයි. අපි නාන වතුර ඔක්කොම යන්නේ පොඩි පාත්තියකට. ඔය පහ වසරේ හිටපු කට්ටියට නම් මතක ඇති ආඩියා ළිද ගැන පාඩමක් තිබුනා සිංහල පොතේ.මම නම් ඒ වගේ ළිදක් ඇහැට දැක්කේ මුල් වතාවට. නුවර පැත්තේ මේවා නැනේ.

නාලා ඉතින් කන්න පටන් ගත්තා.අපේ කැලාගේ අයියා නම් සැහෙන්න මහන්සි වෙලා තිබුනා. ඒ අයියා ඉතින් ටිකක් විතර බොන කෙනෙක්.ඔය ඒ පැත්තේ තල් ගස් එහෙම හුගාක් තියනවා. තල් ගස් තියන හින්දා තල් රා එහෙමත් තියනවා. ඉතින් ඒ හින්දා අපේ කෑම මේසෙටත් සුදු පාට බෝතල් දෙකක් එකතු වෙලා තිබුනා😀

ඔය තල් රා වෙන ඒව බොනව වගේ බොන්නත් බෑලු නේ. ගම්මිරිසුයි, ලුණුයි තමා බයිට් එක. ඒ පැත්තේ නම් බෝතලයක් රැ 60/= වෙනවා. නුවර එළකිරි බෝතලයක ගාන තමා. හැබැයි පුතෝ එක ගහේ ඒවා බොන්න ඕනලු. කලවම් වෙලා තිබුනොත් බඩ අල්ලගෙනලු ඉන්න වෙන්නේ. ඒ කතාවේ ඇත්ත නැත්ත නම් හරියටම දන්නේ නෑ. එතන කෙනෙක් තමා අපිට ඒක කිව්වේ. ඒ පැතිවල හුගක් දෙනා හවසට කරන එක දෙයක් තමා තල් රා බොන එක.සමහර අය නම් බෝතලේ කටේ තියන් ගහන්නේ. අපිටත් හම්බුනා බෝතල් දෙකක් නුවර ගේන්න. අපේ යාළුවා තමා ඒ වගකීම ගත්තේ. මොකද නුවර අය වැඩිය තල් රා දැකලා නැතිලුනේ. ඒ වුනාට පොරගේ හිත වෙනස් වෙලාද කොහෙදෝ බස් එකට නගින්න කලින් කුණු බාල්දියකට ඒ බෝතල් ටික දැම්මා.

අපිට එන ගමන තමා පොඩ්ඩක් අමාරු උනේ.රැ 10 ට තලෙයි මන්නාරමෙන් තිබුනා කොළඹ බස් එකක් ඒකේ තමා එන්න පිටත් උනේ. මුලදී ගොලුබෙලි ගමනකින් මන්නාරමට එනකන් බස් එක ආවත් ඊට පස්සේ සමහර වෙලාවට 120 Km/H වේගෙන් ගියපු වෙලාවලුත් තිබුනා. දවල් යනවට වඩා ඉක්මනට යන්න පුලුවන් රෑ යන එක. කොළබට පාන්දර පහයි ගානක් වෙද්දි යන්න පුලුවන්. නුවරට එනවනම් මැදවච්චියෙන් බහින්න ඕන.ඔය බස් එක 12 වෙද්දි මැදවච්චියට එනවා. එතනින් 12.30 වෙද්දි නුවරට යන්න බස් එකක් සෙට් වෙනවා. ඒකේ එන්න පුලුවන් නුවරට.මම නුවරට ආවේ එහෙමයි. කොහොම හරි දවස් දෙකක හොදට විනෝද වුන ගමනක් යන්න හම්බුනා. මේකේ වැඩි ස්තුතිය යන්න ඕන කැලාටයි ,කැලාගේ අයියටයි තමා.

එළ කැම් එකක් හම්බුන හින්දා තැනක් නොතැනක් නැතුව ෆොටෝස් නම් ගත්තා. හැබැයි ඒ ඔක්කෝම දාන්න බෑනේ.. ටිකක් පල්ලෙහා Slide Show එකේ තියනවා. යන්න ඉන්න කැමති අය ඉන්නව නම් ඔන්න යන්න හොද තැනක්. හැබැයි කළු වෙන්න කැමැති නැති සුදු බබාලට නම් එච්චර හොද ගමනක් නම් නෙවයි මේක😛 මොකද කළුවට හිටපු මම කට්ටම කළු උනා මේ ට්‍රිප් එකෙන් පස්සේ😀

This slideshow requires JavaScript.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පරිසරය, රස කතා and tagged , , , . Bookmark the permalink.

8 Responses to දුටු නුදුටු දෑ දුටු මන්නාරම

  1. දත කාලා යාපනේට නම් ගියා තවම මන්නාරමට නම් යන්න බැරි උනා ට්‍රයි එකක් දෙන්න ඕනා

  2. Madhawa Sampath says:

    නියම Trip එක මටත් ආස හිතුනා යන්න….

  3. පන්හිද කියන්නේ හැමදම වගේ දැනුම බාගයක් නෙමෙයි සම්පුරුණයෙන්ම බෙදන අඩවියක්. දැනුම කියන්නේ රසවින්දනයක් එක්ක ලැබෙන දෙයක් නෙවැ..ඉතින් ඕං මාත් ගත්තා..අපිත් මන්නාරම ගියා ෆයිබර් නෙට්වර්ක් එකකට..ඒ ගමනත් නම් මරැ..ඒත් මේ ගමන දැකකම් ආයෙත් යන්න හිතෙනා.

  4. Jonney says:

    tho apita horen giya ne, hitu ape ekata kiyannema ne umbata😛

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s