ඇහුන් නෑ..අහෙයිද දාල තියන සද්දෙට..ගන්නව බලන්න තමුසෙගේ ID එක…


ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා..මේ කාලේ මම  මේ training එකේ ඉන්න හින්දා මෙලෝ වැඩක් කර ගන්න බැරි උනා. උදේ නැගිට්ටා…හවස ආවා…කෑවා… බීවා …නිදා ගත්තා…ඉතින් මොන බ්ලොග්ද…පොඩි රස කතාවක් කියන්න මතක් වෙලා තමා මෙහේ ආවේ…වැඩේ උනේ ඉතින් මගේ යාලුවෙකුට…කවුද කියල කියන්න බෑ…අය බෝඩිම පැත්තේ ගිහින් හමාරයි..කතාව කියන්නම්කෝ ඉතින්…ලේසියට යාලුවාට සම්පත් කියමු…ඕක ඉතින් මනංමල්පිත නමක් කියල හිතා ගන්න….හරිද…

ඒ දවස් වල අපි මේ විභාගෙකට දාගෙන වැඩ..මම ඉතින් ගෙදර ඉදන් කැම්පස් ගියාට විභාගේ කාලෙට බෝඩිමේ තමා…ගෙදර හිටියොත් ඉතින් විභාගේ අලේ අල…ඇයි අපි මෙලෝ වැඩක් කරනව කියලය….ඉතින් ඒ ටිකේ පාන්දර එලි වෙනකම් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා තමා…දැන් නම් ඉතින් දෙය්යන්ගේ පිහිටෙන් ඒවා ඉවරයි🙂

ඔන්න ඔය දවසක අපි දවල්ට කන්න කියල බත් ගෙන්න මායි තව යාලුවෙකුයි ගියා ලග කඩේකට..යාලුවා චන්දිම..ඒ නම නම් මනංකල්පිත නෑ..මොකද මේ කතාවේ මෙයාට අතුරු ආන්තරාවක් වෙන්නේ නෑ..හැබැයි ඒ නම දාන්න නම් අවසර ගත්තේ නෑ😛

හරි ඔන්න අපි දෙන්න බත් ගේන්න ගිහින් බෝඩිමට ආවා…එද්දී මිදුලේ සම්පතුයි තව කාකි ඇදුමක් ඇද ගත්ත එක්කෙනෙකුයි ඉන්නවා..ඔයගොල්ලෝ දන්නවනේ කාකි ඇදුම් අදින්නේ කවුද කියලා..අන්න ඒ අයගෙන් පොඩ්ඩක් භයානක කෙනෙක් තමා හිටියේ.හිතාගන්න පුලුවන්නේ…අන්න හරි, ඔයගොල්ලන්ට තේරුනා…පොලිස් අංකල් කෙනෙක් තමා😀

බෝඩිමේ කලින් තිබුන සාමකාමී වාතාවරණය එතන තිබුන් නෑ..අපිත් බැලුවා මේ මොකද කියාලා..මොකද සම්පත් කුරා කූඹියෙකුටවත් හිංසා කරන කෙනෙක් නෙමේ..කූඹි මෙයාට මොනවත් කරොත් මිසක්😛  වැඩේ කියන්නේ යාලුවා එයාගේ national ID එකත් දික් කරගෙන ඉන්නව..යකෝ මූ අපි නැති වෙලාවක ලග ගෑණූ ළමයෙක් ඉන්න ගෙදරකටවත් රිංගුවාද…එහෙම දෙයක් වෙන්නත් බෑනේ..

පොලිස් මාමත් හෝ ගාලා බනිනවා….සම්පත් ට කැදත් නෑවගේ…අපි ගියා..

චන්දිම්:- මොකද්ද සර් මේ…. (සර් කිව්වහම මිනිහට මාර හැපී..)

පොලිස් අංකල්:- නෑ බලන්වකෝ මේ මිනිහා කරපු දේ..

මම:- හරි සර් අපි ඇතුලට ගිහිල්ල කතා කරමු.

චන්දිම:- ඔව් මෙතන කෑ ගහන්න ඕන නෑනේ…ඔන්න ඉතින් කට්ටියම ගියා ඇතුලට

මිනිහා ඇවිල්ල හිට්යේ ගෙවල් වල ඉන්න අයගේ විස්තර පුරවගන්න…ඔන්න වුන දේ පස්සේ අහන්න තියලා ඒ වැඩේ කරන්න පටන් ගත්තා.මම තමා පුරවන්න ගත්තේ. කට්ටියගේ විස්තර දාලා එහෙම පුරවන්න තිබුනේ. හැබැයි අයිතිකාරයා එදා හිටියේ නෑ…

චන්දිම:- අද හැබැයි අයිති එක්කෙනා නම් නෑ..

පොලිස් අංකල්:- එයා නැතුවට කම නෑ..අනිත් එවා පුරවන්න..

මමත් ඉතින් ඉදල ඉදල ගොන් ප්‍රශ්නයකුත් ඇහුවා..

මම:- දැන් අපි කොච්චර කල් මෙහෙ ඉන්නව කියල දාන්න ඕනද…?

පොර මං දිහා හොදට බැලුවා..සන්තෝසේ බෑ…

පොලිස් අංකල්:- දැන් බං මමද ඕක දන්නේ…උබල ඉන්න කාලේ මම කොහොමද දන්නේ..

ඒකත් ඇත්තනේ.

චන්දිම:- අපි පොලීසියට එන්න ඕනද? චන්දිමත් ලේසියෙන් අත අරින්නේ නෑ…

පොලිස් අංකල්:- පිස්සුද..මේ කරපු ටික හොදටම ඇති..ආය එහේ එන්න ඕන නෑ…කරපු හරිය හොදටම ඇති… හොදටම මළ පැනලා

දැන් ඉතින් ඔක්කෝම පුරවගෙන පොලිස් මාමා ගියා.. අපි දෙන්නම වට වුනා සම්පතයා වටේ..

මොකද බං වුනේ..

ඔන්න වුන සිද්දිය..

අපි ගියාට පස්සේ මිනිහා computer එක දාලා සද්දෙට ඔක්කොටෝම ඇහෙන්න සිංදු අහලා…හැමවෙලාවෙම පොතේ ඉන්නත් බෑනේ..ඒ අස්සේ තමා පොලිස් මාමා ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා දොරට ගහලා සැහෙන්න…කෑගහලත් එක්ක…කොහොම හරි යාන්තමට සම්පත්ට පොඩි සද්දයක් ඇහිලා තියනවා..ඒ හින්දා කෝකටත් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා බලන්න..ඇවිල්ලා ජනේලයෙන් පොඩ්ඩක් ඔලුව දාලා බලලා..මළකෙලියයි..පොලීසියෙන්…හැබැයි ඒ වෙලාවේ සම්පත් මල්ලි ඉදලා තියෙන්නේ උඩුකය නිරුවතින්…

ආයෙත් උඩට දුවලා ගිහින් ට්ෂර්ට් එකක් දාගෙන් ඇවිල්ලා ඔන්න දොර ඇරලා..එක පාරටම පොලිස් මාමා සම්පත්ට කඩන් පැනලා…

පොලිස් අංකල්:- කොහෙද ඕයි තමුසේ හිටියේ….මම කොච්චර වෙලා කෑගහුවද…

සම්පත්:- මම…මම…උඩ හිටියේ…මට..මට..ඇහුනේ නෑ…සම්පත් තක්කු මුක්කු වෙලා…

පොලිස් අංකල්:- ඇහුන් නෑ..අහෙයිද දාල තියන සද්දෙට..ගන්නව බලන්න තමුසෙගේ ID  එක…

ලැබුනු අණින් මෙලෝ දෙයක් හිතා ගන්න බැරි උන සම්පත් දුවල ගිහින් ID එක ගෙනාවා..

පොලිස් අංකල්:-  බලනවකෝ තමුසේ කරන දේවල්…ඔහොම සද්දේ දාගෙන ඉන්නවද ගෙදරක..අනිත් ම්නිස්සු ඉන්නේ කොහොමද..

සම්පත්ට ඉතින් කතා නෑ…ID එක  දික් කරගෙන ඉන්නවා…වස ලැජ්ජාවේ බෑ..ඇයි ඉතින් අපි ලග ගෙවල් ටිකට ඉතින් කැම්පස් පොර ටෝක් ටික දාගෙනනේ හිටියේ…

යන්තම් ඉතින් පොලිස් මාම කූල් ඩවුන් කරලා තම වැඩේ ෂේප් කරේ….පොලිස් අංකල් ගියාට පස්සේ වුන දේවල් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ…මට මේක මේ අහම්බෙන් මතක් උනේ….බෝඩිම පැත්තේ ගිය වෙලාවක අයේ මතක් කරල ගන්න ඕන😀😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පේරා Campus, රස කතා and tagged , , , , . Bookmark the permalink.

8 Responses to ඇහුන් නෑ..අහෙයිද දාල තියන සද්දෙට..ගන්නව බලන්න තමුසෙගේ ID එක…

  1. mesua............ says:

    හි..හි… ලස්සන BLog Post.. එක

  2. panhida says:

    බොහෝම ස්තුතියි🙂

  3. bckurera says:

    ගන්නවා ID එක😛

  4. රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න http://wrestlingsl.blogspot.com

  5. හිකීස්…මරු වැඩේ තමා😀😀

  6. Jonny says:

    Mama hitana eka wenna one meka karanna atte,
    Okata film pissuwa tiyanawa ne

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s