“බලනවකෝ අයිසේ තමුසෙලා එතනත් බලු කරල ඇවිල්ලා මෙතනත් බලු කරන්න යනවනේ..”


ඔන්න ඉතින් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ බ්ලොග් එකේ වැඩ අල්ලන්න යන්නේ..ඊට කලින් අලුත් අවුරුද්දට ඔයගොල්ලෝ ඔක්කෝටම සුභ පතන්න එපාය..“ලැබුවා වු අලුත් අවුරුද්ද  දී කිරි, මීකිරි, සූ කිරි, කල් කිරි, ටින් කිරි, පිටි කිරි, මුදවපු කිරි ඉතිරෙන එළම කිරි අලුත් අවුරුද්දක් වේවා….”ඔයගොල්ලෝ හැම දෙනාටම සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වේවා කියා මම හදවතින්ම පතනවා.

මම දැන් කියන්න යන්නේ පොඩි රස කතාවක්..මගේ යාලුවෙකුට වුන දෙයක්…කාට හරි මේ වගේ දෙයක් උනොත් කියල, අනිත් අයව දැනුමත් කරන්න මේක බ්ලොග් එකේ දැම්මට කමක් නෑ කියලා යාලුවා කීවා. ඒක හින්ද තමා මම මේක බ්ලොග් එකේ දාන්නේ…මේක උනේ මේ ළගදි දවසක.තැන තමා පේරාදෙණිය මල් වත්ත..කථාවට තුන් දෙනෙක් සම්බන්ධයි..මගේ යාලුවා, එයාගේ පෙම්වතිය සහ එතන හිටපු ආරක්ෂක නිලධාරියෙක්..දැන් ඉතින් දෙන්නා උදේ පාන්දරම ගිහින් මල් වත්තේ බෙන්ච් එකක් එහෙම අල්ලගෙන කයිය ගහ ගහ හිටියලු.තව එකක් කියන්න ඕන මේක මේ දෙන්නගේම පළමු හමුවීම..

එහෙම ඉදලා දවල්ට කාලා දෙන්න මල්වත්තේ පොඩ්ඩක් ඇවිදින්න ගිහිල්ලා..ඇවිදින ගමන් ඔය අස්සක තිබුන ගහක් යටට දෙන්නා ගියාලු.මම මේ නරක කථාවක් එහෙම නෙවෙයි කියන්න යන්නේ..දෙන්නා ගිහින් වාඩිවෙලා කථා කර කර ඉන්න ගමන් දෙන්නම දන්නේ නැතුව පෙම් සුවයේ එක්තරා සුවයක් විද විද හිටියලු කුඩයකිනුත් වහගෙන…ඇහුනලු විසිල් සද්දයක්..මොන..ඔය වෙලාවට හෙන ගැහුවත් දැනෙන්නේ නෑනේ…ටික වෙලාවයිලු ගියේ කවුදෝ කාකි කාරයෙක් දෙන්න ඉස්සරහ හිටගෙනලු…දෙන්නා ඉතින් දනි පනි ගාලා නැගිටලා…

දැන් තමා කථාව;

ආරක්ෂක නිලධාරියා:- මොනවද අයිසේ තමුසෙලා ඔතන කරන්නේ….තමුසෙලාට කන් ඇහෙන්නේ නැද්ද…

යාලුවා:- නෑ නෑ අයියා…සොරි සොරි..

යාලුවාගේ පෙම්වතිය:- [කතා නැත]

ආරක්ෂක නිලධාරියා:- මේ තමුසෙලාට මම ඈත ඉදන්ම විසිල් ගැහුවා..තමුසෙලා නැහුන ගානට මෙතන පිස්සු කෙලෙනවා…වෙන මහත්තුරු අපිට පෙන්න පෙන්න යනවා මේන් කිය කිය….

යාලුවා:- සොරි සොරි අයියා

ආරක්ෂක නිලධාරියා:- සොරි සොරි නෙවෙයි ගන්නව දෙන්නගෙම ID එක..තමුසෙලාට ලැජ්ජා නෑනේ…තැනකට ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නෑ…

යාලුවා:- නෑ අයියා නෑ.. ඕන නෑ..අපි මෙතනින් යන්නම්…

ආරක්ෂක නිලධාරියා:- නෑ නෑ නෙවයි දෙනව ID ටික…

යාලුවා අමාරුවෙන පර්ස් එකෙන් ID එක ඇරගෙන දෙයි…ඔහුගේ පෙම්වතිය තක්කු මුක්කු වී ඇත..ඇය ක්ලාන්ත වීමට ආසන්නය…ඇයත් අමාරුවෙන් මෙන් ID එක දෙයි…

ආරක්ෂක නිලධාරියා:- තමුසෙලා කොහෙද…

යාලුවා:- අපි කැම්පස් එකේ අයියා…

ආරක්ෂක නිලධාරියා:- මොන කැම්පස්ද

යාලුවා:- පේරාදෙණියේ…

ආරක්ෂක නිලධාරියා:- බලනවකෝ අයිසේ තමුසෙලා එතනත් බලු කරල ඇවිල්ලා මෙතනත් බලු කරන්න යනවනේ….මෙතන්ටත් තමුසෙලාගේ කට්ටිය ඇවිල්ල ඉගන ගන්නව..තමුසෙලා මෙතනත් බලු කරනවා…තමුසෙලාට ලැජ්ජා නෑනේ…

යාලුවා:- නෑ නෑ අපි දැන් යනවා…

ආරක්ෂක නිලධාරියා:- යනව තමා….අපිට SB මහත්තයා කියලා තියෙන්නේ මෙතනත් ඇවිල්ල  පිස්සු කෙලින කැම්පස් එවුන් ඉන්නවනම් අල්ලල දෙන්න කියලා..ආ ආ ගන්නව තමුසෙලාගේ ID ..තැනකට ඇවිල්ලා හැසිරෙන්න දැන ගන්නවා…යනවා යනවා දැන්වත් ඉස්සරහ පැත්තට පවු නොදි…

යාලුවා ඉතින් එක පාරටම එයාගේ ගෑනු ළමයත් එක්කගෙන වෙන තැනකට ගිහින්….දැන් යාලුවා කියන්නේ කවුරු හරි තමන්ගේ පෙම්වතිය එක්ක පේරාදෙණියේ මල් වත්තකට ගිහින් ඔය කොහේ හරි අස්සක වාඩි වෙන්න යනවනනම්…වාඩි වෙලා ඉන්න අතරේ පළවෙනි විසිල් එකක් ඇහුනොත් නැගිටලා වෙනතැනකට යන්න කියලා…නැත්නම් හොදට කථා ටිකක් අහ ගන්න වෙනවලු…මිනිහ මේක කිව්වේ අනිත් අය දැනුමත් වෙන්න ඕන නිසාලු…අනේ මන්දා ඔන්න අලුතෙන්ම ඕකට යන්න කට්ටිය හිතන් ඉන්නවනම් ඔය ව්සිල් ගහන අයගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න🙂

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පේරා Campus, රස කතා and tagged , , , , . Bookmark the permalink.

6 Responses to “බලනවකෝ අයිසේ තමුසෙලා එතනත් බලු කරල ඇවිල්ලා මෙතනත් බලු කරන්න යනවනේ..”

  1. චතුවා (ළමයා) says:

    මට නම් අහගන්න වෙලා නෑ.. ඔය විසිල් සද්දේ නම් මල්වත්තට ගියොත් ඕනේ තරම් අහගන්න පුලුවන්….😀

  2. kathandara says:

    මොකට යනවද මල්වත්තේ ටිකට් අරං.
    මුලු විශ්ව විද්‍යාල භූමියටම එකම මල් වත්තක්නේ!

  3. kathandara says:

    ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s