~2010 පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩා වර්ණ ප්‍රධානෝත්සවයේ තිරය පිටුපස නාටකය~Drama Behind the 2010 Colours Award Ceremony of the University of Peradeniya~


උපුටා ගැනීමකි :-

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය චෙස් සමූහයේ නිල බ්ලොග් අඩවිය

 

දිනය 2011 මාර්තු මස 25 දින

ස්ථානය- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩාගාරය

වැඩසටහන- 2010 ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය

වසරක් පුරාවට ක්‍රීඩාවන් වෙනුවෙන් දහඩිය හෙලු සහ ක්‍රීඩාවන් තුළ දක්ෂතාවයන් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයනු වස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2010 ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය මෙවරත් වර්ණවත්ව පැවත්වීමට කටයුතු සූදානම් කෙරුනි. නමුත් එම වර්ණවත් බව පරයමින් නැගුනු අදුරු කඩතුරාවක් නිසාවෙන් මෙවර වර්ණ ප්‍රධාන උත්සවයේ ගුණාත්මක බව දියාරු වී ගොස් තිබිනි.

විශ්වවිද්‍යාලය තුළ ක්‍රීඩාවේ ඉදිරි පැවත්ම සදහා නිසි ලෙස ඇගයිමක් සිදු කළ යුතුය. එම ඇගයීම සුදුස්සන් සදහා හිමිවිය යුතුය. වසරක් පුරාවට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කළ කැපවීම අගයන වටිනාම අවස්ථාව වන්නේ වසරේ වර්ණ ප්‍රධාන උත්සවයයි. මෙවර එය ක්‍රීඩක,ක්‍රීඩිකාවන් තුළ පසුතැවිල්ලක් ඇතිකරලීමට ඉඩක් ලබා දීම සදහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පරිපාලනය යොදා ගෙන තිබිනි.

විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පරිසරයට සහ එහි යහ පැවත්මට හානි දායක වන ලෙස තීන්දු තීරණ ගැනීමට විශ්වවිද්‍යාලීය වගකිවයුතු ක්‍රීඩාබලධාරීන් මෙවර මූලිකත්වය ගෙන තිබිනි. වර්ණ ප්‍රධාන උත්සවයකදී, ක්‍රීඩා කණ්ඩායමකට ලබා ගත හැකි වටිනාම ඇගයීම වන්නේ “වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා කණ්ඩායම” යන ඇගයීමයි. බැලූ බැල්මට පෙනෙන සාධාරනත්වයට එහා යමින් පටු තීරණ ගැනීම නිසා මෙවර එහි වටිනාකම බාල වුනි.

මෙය ලබා ගැනීම සදහා ක්‍රීඩා කණ්ඩායමක් කරුණු කිහිපයක් මූලිකවම සැපිරිය යුතුය.

1. එම වසරේ අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ශූරතාවය දිනා ගත යුතුය.

2. විශ්ව විද්‍යාලීය නවක ක්‍රීඩාතරග, අන්තර් පීඨ ක්‍රීඩා තරග සංවිධානය ක්‍රීම සිදු කළ යුතුය.

3. ක්‍රීඩාව සදහා අදාළ වෙනත් තරග සදහා සහභාගීත්වය පෙන්නුම් කරමින් එවායේ දක්ෂතා ඉදිරිපත් කළ යුතුය.

මෙම කරුණු තුන සපුරන කණ්ඩායම් සදහා “වසරේ විශිෂ්ඨතම ක්‍රිඩා කණ්ඩායම” යන ඇගයීම සදහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක. මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාලය අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙලීදී ලබා ගෙන තිබුනේ ශූරතාවයන් තුනකි. ඒ චෙස්,බේස්බෝල් හා රගර් ක්‍රීඩාව සදහාය.  ඒ නිසා බැලු බැල්මටම මෙවර ඉහත ඇගයීම සදහා සුදුසුකම් සපුරා ඇත්තේ ඉහත ක්‍රීඩා කණ්ඩායම් තුනෙන් එකක් විය යුතුය. නමුත් එම සරල කරුණ බැහර කරමින් මෙවර “වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා කණ්ඩායම” සදහා ඇගයීම ලබා දුන්නේ අන්තර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය ලබා ගත් “බාස්කට් බෝල්” කණ්ඩායමටයි.

මෙහිදී තිබෙන හාස්‍යජනක කරුණ වන්නේ විශ්වවිද්‍යාලීය ක්‍රීඩා අධ්‍යක්ෂිකාව මේ සදහා ලබා දුන් නිර්වචනයයි. මෙහිදී ක්‍රියා පටිපාටියේ සදහන්ව තිබෙන “win the inter university championship”යන්න ඇය අර්ථ කතනය කළේ කිනම් ස්ථානයක් ලබා ගත්තත් දිනුම් යනුවෙනි. එසේනම් විශ්වවිද්‍යාලයක් ඉහළින් සලකනු ලබන අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියක් සදහා  ඉදිරිපත් වීම අර්ථ විරහිත ක්‍රියාවකි. ඒ සදහා ක්‍රීඩා පුහුණූ වීම් වල යෙදී අන්තර් විශ්වවිද්‍යාලීය කිරුළ ලබා ගැනීමට වෙර දැරීම කාලය කා දමන වැඩකි. මක් නිසාද යත් අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරග ඔහේ ක්‍රීඩාකර, වෙනත් පවත්වන බාහිර ක්‍රීඩා තරග වලට සහභාගී වී මෙම ඇගයීම ලබා ගත හැකිවන නිසාය.

මෙවර මෙම ඇගයීම සදහා බොහෝ දෙනා අදහස් කර ගෙන සිටි කණ්ඩායම වූයේ චෙස් කණ්ඩායමය. 2007 වසරේ සිට 2010 වසර දක්වා අඛන්ඩව වසර හතරක් අන්තර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ශූරතාවය දීනු ඔවුන් හට ඒ සදහා ඕනවටත් වඩා සුදුසු කම් තිබ්නි. වසර පුරාවටම අඩුම ලෙස මසකට වරක් හෝ ඔවුන් චෙස් ක්‍රියාකාරකම් වල නිරත වුනි. විශ්වවිද්‍යාලීය චෙස් ක්‍රීඩාව ශ්‍රීලංකීය චෙස් පෙතේ පිටුවක් බවට පත් කිරීමට ඔවුන් සමත් විය. අනෙකුත් විශ්ව්ද්‍යාලීය චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට භීතියක් ගෙන දීමට ඔවුන් සමත් විය. නමුත් අවසානයේ සමහර පුද්ගලයන් රගපැවේ අමුතුම ජවනිකාවනය. මේ පිලිබදව සරල වැටහීමක් වර්ණ ප්‍රධාන උළෙලේ සමරු පොතේ සටහන් කර තිබු පහත  දක්ෂතා සැළකිල්ලට ගැනීමෙන් පෙනී යයි. මෙහිදී ඉස්මතුවූ තවත් කරුණක් වන්නේ චෙස් සහ බෙස්බෝල් ක්‍රීඩාවල සියලුම දක්ෂතා එහි ඇතුළත් කර නොතිබීමයි. විවිධ පුද්ගලයන් හට චෝදනා එල්ල කරමින් මේවායින් ගැලවීමට වගකිවයුත්තන් දැරූ ප්‍රයත්න සැබවින්ම ශෝචනීය ජනකය. චෙස් ක්‍රිඩාවේ වසර පුරා ඔවුන්ගේ ක්‍රියා කාරකම් පිළිබදව මනා වැටහීමක් ඔබට පහත සබැදිය හරහා ලබා ගත හැක. විශ්වවිද්‍යාලීය චෙස් ඉතිහාසයේ විශිඨතම වසර බවට 2010 වසර පත්ව තිබූ බව ඉහත සබැදියේ වාර්ථාවන් කියවීමෙන් පැහැදිලි වන්නකි.

පහත දැක්වෙන්නේ සමරු පොතේ සටහන් කර තිබු දක්ෂතාවයන්ය.

Basketball:-

  1. Kandy District League Basketball Championship-2010.- Most Valuable Player at the tournament.
  2. National(Senior) Basketball championship-2010 (B-division)- Represent

SLUSA-1st place

3.National Sports Festival 2010- Represented/ Central Province 3rd place

4.Inter University Basket Ball championship- 2nd place

Chess:-

  1. 2 players participate for World University chess championship 2010 Zurich, Switzerland.
  2. Three Players out of the four selected for National University Team.
  3. Won Equal Championship at 3rd Colombo International Chess Championship 2010
  4. Won equal Second at Kandy international rating chess championship.
  5. Selected for national Chess pool.
  6. Best Unrated player at Mora kings and 3rd Kandy international chess championship 2010

මෙහිදී පැහැදිලි වෙනස් කම් දකින්නට ලැබේ. ඒචෙස් ක්‍රීඩකයන් ක්‍රීඩා කර තිබෙන්නේ බහුතරව අන්තර්ජාතික ශ්‍රේණි ගත කීරීමේ තරගාවලීන්ය. එහිදී ඔවුන් ශූරතාවයන්, අනුශූරතාවයන්, සහ වෙනත් දක්ෂතාවයන් පෙන්වා ඇත. මෙවන් වූ ශූරතාවයන් ලෝක චෙස් සම්මේලනයේ අනුමැතිය යටතේ පැවත්වෙන අතර අඩුම වශයෙන් වෙනත් රටවල් තුනක සහභාගීත්වයක් දැක්වේ. මෙවන් සමහර තරගාවලි සදහා ඉදිරිපත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගනන 500 පමන වන අවස්ථාද තිබේ. එවන් ප්‍රමාණයකින් ඉහත දක්ෂතා පෙන්වීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එසේම මෙහි ඔවුන්ගේ පළාත් තරග දක්වා නැත. එසේම සමහර දක්ෂතාවයන් කාගේ හෝ උවමනාවට මෙහි සදහන්ව නැත.

මෙහිදී සදහන් කළ යුතු රසමුසු දෙයක්ද ඇත. එනම් සමහර පුද්ගලයින්ගේ භූගොලීය දැනුමයි. සමහරුන් සිතා සිටින්නේ මධ්‍යම පළාතට වඩා ශ්‍රීලංකාව කුඩා බවයි. ශ්‍රිලංකාවට වඩා අන්තර්ජාතික මට්ටම කුඩා බවයි. ඒ අර්ථවිවරණයට අනුව අන්තර්ජාතික තරග ජයගත් ක්‍රීඩක දක්ෂතා මධ්‍යම පළාත් තරග වල ක්‍රීඩා දක්ෂතා හමුවේ දෙවනි තැනට වැටී ඇත. ක්‍රීඩාවක් ඉහළට ඔසවා තබනු වෙනුවට පුහු මත සහ පටු,පුද්ගලික උවමනාවන් සපුරාලමින් සමහර විශ්වවිද්‍යාලීය පරිපාලන නිළධාරීන් ගෙන යන මෙවන් නිවට උත්සහයන් සැබැවින්ම ගෙනෙන්නේශෝකාන්ත ජනක අවසානයකි. ක්‍රීඩාවක අනාගතය තීරණය කරන්නට මෙවන් අණුවන තීරණ ගෙන දෙන්නේ දැඩි බලපැමක්.

මෙවන් ලිපියක අරමුණ වන්නේ ක්‍රීඩාවක් වෙත කෝප සහගත සිතුවිලි ජනිත කර ලීම නොවේ. මෙවන් ක්‍රියාවන් නිසා ඇතිවන අනිටු ප්‍රථිඵලයන් අවම කිරීමය. නිසි බලධාරීන් මෙසේ දෑස් වසා ගනිමින් තීන්දු තීරණ ගැනීම සිදු කළහොත් වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාවන් අභාවයට යාමය. මෙසේ කීමට පැහැදිලි හේතුවක් ඇත. 2007 වසරේ අන්තර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙලේ ශූරතාවයන් රැසක් දීනු පේරාදෙණිය   2010 වසරේ ලබා ගත්තේ ශූරතාවයන් තුනකි. මෙසේ වීමට නම් ප්‍රබල හේතුවක් තිබිය යුතුය. එක්කෝ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ දැවන්ත ක්‍රීඩා දක්ෂතා පසු බැස්මය, එක්කෝ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා බලධාරීන්ගේ දුරදිග බලනා හැකියාව සහ නුවනැති තීරණය,නැතහොත් අනෙක් විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා කැපීපෙනෙන ලෙස වැඩිවීමය,එසේත් නැතහොත් අපේ අවාසනාවය…

අපට සිතෙනා ලෙස මේ අපේ අවාසනාවය. ශ්‍රිලංකාවේ තිබෙන සුන්දරම විශ්වවිද්‍යාලය වන පේරාදෙණියේ ක්‍රීඩාවන් සදහා තිබෙන්නේ මාහැගි සම්පත්ය. සමහක් ඒවා අනෙකුන් විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයන්ට භුක්ති විදීමට අවස්ථාවක් නැත.එවන් තැනක මෙවන් විගඩම් වන්නේ නම් ඒ එහි සිටින ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ අවාසනාවම විය යුතුය..නමුත් එය විශ්වවිද්‍යාලිය ක්‍රීඩා බලධාරීන් නම් සිතා ගෙන සිටින්නේ වාසනාවක් හැටියටය…’අනේ කාලේ වනේ වාසේ’ පැරණි කියමන මතක් වන්නේ මෙවන් වෙලාවටය.

ක්‍රිඩාවෙන් ක්‍රීඩාවට විවිධ ක්‍රියාපටි පට්පාටීන් අනුගමනය කරමින්,පැලස්තර ඇලවීම නම් ක්‍රීඩාවන්ට හානිදායක දෙයකි. ක්‍රීඩාව පිළිබදව නිවරදිව අවබෝධයක් ලබා නොගෙන, වර්ණ ප්‍රධානය කිරීම මෙවරද සිදුවිය. මෙවන් දෑ පිළිබද කතාකිරීමේදී විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා බලධාරීන් පවසන්නේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විනය විරෝධීව හැසිරෙන බවයි..ඔවුන් සිතා සිටින ලෙස ඔවුන්ගේ තීරණ අවසාන තීරණ වේ.නමුත් අයුක්තිය, අසාධාරණය ඉවසා නොසිටින බව ඔවුන් මෙම වසරේ දැන ගත්තේ බළලා කලින්ම මල්ලෙන් එළියට පැනීම නිසාය.මෙහිදී සදහන් කල යුතු වැදගත් කරුණක් ඇත.පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ක්‍රීඩාකරන බහුතර ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන්නේ විශ්වවිද්‍යාලයට තිබෙන ආදරයට මිස එයින් කිසිවක් ගැනීමේ බලාපොරොත්තුවෙන් නොවේ.

චෙස් ක්‍රීඩා කන්ඩායම සැලකූ විට බහුතරය ජාතික තලයේ චෙස් ක්‍රීඩා කරන ක්‍රීඩක යන්ය.ඔවුන් චෙස් හා ජීවත් වන පුද්ගලයෝය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ චෙස් ක්‍රීඩාව හා ඔවුන් එක් වන්නේ චෙස් ක්‍රීඩාව හා විශ්වවිද්‍යාලයට ඇති ලෙන්ගතු කම නිසාය.නමුත් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පරිපාලනයේ දෙබිඩි පිළිවෙත් මෙම බැදීම අඩු කිරීමට ඉවහල් වී ඇත.එසේ වූ විට වන්නේ ක්‍රීඩාවේ පසු බැස්මය.මෙවන් ක්‍රියා වලින් වන්නේ ක්‍රීඩකයන් දුර්වල වීමය.

එසේම් මෙහි සිටින සමහර ක්‍රීඩා බලධාරීන් චෙස් යන්න ක්‍රීඩාවක් හැටියට පිළිගැනීමට සුදානම් නැත.පසුගිය වසර දෙක  පුරාවට චෙස් කණ්ඩායම වසරේ විශිෂ්ඨත කණ්ඩායම බවට පත්වූ විට සමහරුන්ගේ ඇසේ කටු ඇනෙන්නට වුනී..එවිට ඔවුන් කීවේ “library වල චෙස් ඇදල outstanding team වෙනවා යන්නයි..”එක අතකට මෙවන් කියමන් වලට සැලෙන්නට ඇවසි නැත..ඔවුන්ගේ දැනුම ගැන අනුකම්පා කල යුතුය..අද චෙස් ක්‍රීඩාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මගින් ක්‍රීඩාවක් බවට නිර්දේශ කර තිබේ.නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ක්‍රීඩා බලධාරීන් නම් මෙම ඔලිම්පික් කමිටු නිලධාරීන්ට වඩා උසස් යැයි සිතන නිසාදෝ චෙස් යන්න ක්‍රීඩාවක් ලෙස පිළිගැනීමට සූදානම් නැත…ඒ ඔවුන්ගේ හැටිය.එයට අප කලබල විය යුතු නැත.

අසාධාරණත්වය ලොව බහුල දෙයකි. නමුත් ක්‍රීඩවක් සදහා එය සිදුවේ නම් එය අතිශයෙන්ම කල්පනාකාරීව සලකා බැලිය යුතු ය.සැම ක්‍රීඩාවක්ම සමාන ලෙසින් බැලීමට බලධාරීන් පුරුදු විය යුතුය.ක්‍රීඩාවන්හි නිරත වුවන් ලෙස සමානාත්මතාවය යන්න ඔවුන් දැනගත යුතු දෙයකි.

අටුවා ටීකා ලිවීමට ඇවසි නැත.වියයුත්ත වී හමාරය.සිතා බැලිය යුත්තේ අනාගතය ගැනය.තිබෙන අඩු පාඩු සාදා ගෙන අනාගතයට සැලසුම් සැකසීමට විශ්වවිද්‍යාලීය බලධාරීන් ක්‍රියා කරන්නේ නම් , විය යුත්තේ එයයි….

නැතහොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අභිමානයේ මළගම නොබෝ දිනකින්ම උදාවනු ඇත.

~~~පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා බලධරයිනි මේ ඔබේ අවධානය පිණිසයි……!!!

 

 

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, ක්‍රීඩා, තර්ජන, පේරා Campus and tagged , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s