‘F’ 4 න් සෙත්සිරිපායට ගිය ඉංජිනේරූ පීඨයෙන් බිහිවූ දිරියවන්තයා…


ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් විනා විද වන්න ඕන දෙයක් නෙවයි කියල කියමනක් ඔයගොල්ලෝ අහල ඇති🙂 ඒ වුනාට ජීවිත ගමනේ මුහුණ දෙන අභියෝග, ප්‍රශ්ණ හමුවේ මේ විදින්න ඕන ජීවිතය විදවන්නක් බවට අපි හුග දෙනෙක් පත් කර ගන්නවා. තමන්ගේ ජීවිතය විදින්න ඕනද විදවන්න ඕනද යන්න තියෙන්නේ තමන්ගේ අතේ :) සැඩ සුළගට නොබියව මුහුණ දෙන විසල් රුකක් වගේ, ජීවිතය විදින්නාද තමන් හමුවට පැමිනෙන අභියෝග, කම්කටොලු සියල්ල සම සිතින් පිළිගෙන ඒවාට නොබියව මුහුණ දෙනවා.

එවන් පුද්ගලයන් විටෙක ජීවිතයේ බිංදුවට වැටුනද නැවත නොසිතු ලෙස ජීවිතයේ ඉහළට පැමිනෙනවා :) මෙවන් වචන පෙළක් ඔබ හමුවට ගෙන ඒමට පාදක වූයේ මාගේ මිත්‍රයෙකු මා වෙත එවා තිබුනු කතාවක් නිසයි. අභියෝග හමුවේ නොසැලී අභියෝගයන්ට අභියෝගයක් වූ සැබෑ ශ්‍රීලාංකීකයෙකුගේ  මේ කතාව අපි සියලු දෙනාට මහගු ආදර්ශයක් වනවාට කිසිම සැකයක් නැහැ…

‘F’ 4 න් සෙත්සිරිපායට ගිය ඉංජිනේරූ පීඨයෙන් බිහිවූ දිරියවන්තයා.

1.

2.

3.

4.

5.

6.

අපි ජීවිතයේ කරන අත්වැරදීම් අනන්තයි…එසේම ඒවායින් අපිට ඉගන ගත හැකි දෑද අනන්තයි..වැදගත්ම දෑ වන්නේ අපි ලබා ගන්න අත්දැකීම් එකතුවයි.ජීවිතය ජය ගන්න සිටින දිරිය ඔබට මෙම චරිතය මනා පිටුවලක් වේවී…

මෙය රිවිර පුවත්පතේ පල වූ ලිපියක්..එයට මෙම සබැදියෙන් ඔබට යන්න පුලුවන්

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, රස කතා and tagged , , , , . Bookmark the permalink.

15 Responses to ‘F’ 4 න් සෙත්සිරිපායට ගිය ඉංජිනේරූ පීඨයෙන් බිහිවූ දිරියවන්තයා…

  1. ඇත්තටම මිනිහෙකුට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න පුලුවන් කතාවක්.අපිටත් ජීවිතේ අනන්තවත් වැරදිලා තියෙනවා.නමුත් අදිශ්ටානය හා කැපවීම තියෙන මිනිහෙකුට කරන්න බැරි දෙයක් නැ.මෙතුමා එයට හොද උදාහරනයක්.නියම කතාවක් නාමල් අය්යා.දිගටම ලියන්න.

    • panhida says:

      අධ්ශ්ටානය හා කැපවීම තියෙන මිනිහෙකුට කරන්න බැරි දෙයක් නැ🙂 වචන වලින් අපි දන්න ඒ දේ ක්‍රියාවෙන් පෙන්නන්නේ බොහෝම අතොලොස්සක් විතරයි…මොකක් හරි හේතුවකට ඒ දේ ක්‍රියාවට නංවන්න අපි හුගක් දෙනෙකුට තියෙන්නේ අඩු ශක්තියක්…ඒ වුනාට බැ කියල දෙයක් නෑ…ඔබට ජය..ස්තුතියි මල්ලි…:)

  2. චාමර ජයකොඩි says:

    මගේ කතාවත් මේ වාගේ මයි.ඇස් වලට කදුලු ආවා මට මේක කියවාගෙන යද්දි..සාමාන්‍යෙපෙල ඒ අකුරු අටයි බී දෙකක් එක්ක පාස් වෙලා උසස් පෙල ජිව විද්‍යා අංශයෙන් කරලා විභාගේ අසමත් උනා. පුදුම තරම් මහන්සි අරගෙන පාඩම් කරත් ඒ විභාගේ සාර්ථකව කරන්න හම්බ උනේ නැ. මගේ යාලුවෝ, ගුරුවරු පුදුම උනා. පුදුම විදිහට කැප වෙලා ඉගෙන ගත්තත් බැරි උනා. තාත්තත් නැති පවුල ගොඩ ගන්න මට අමාරු බව තේරුනා. ඔයේ වැලි ගොඩ දැම්මා, ලොකු සයිට් වල කම්බි නැමුවා. පාරවල් වල කොන්ක්‍රිට් දාන්න පටන් ගත්තා. ඒ අතරේ මගේ යාලුවෝ උපාධිය කලා. කරන්න දෙයක් නැතිව හිටියා. යාලුවෝ හම්බුනාම මට මං ගැනම දුක හිතුනා. හැම තැනටම ණය වෙලා අපි. අක්කාගේ කසාදෙට සල්ලි නැතිව හිටියේ. ජිවිතේ ගැට ගහන්න පුදුම දුකක් වින්දා. ඒ අතරේ මම පොඩි පොඩි කොන්ත්‍රාත් අරගෙන කලා. ටික ටික කරා. ඒ අතරේ ලංකා බැංකුව මට හිතන්න වත් බැරි ණය මුදලක් දුන්නා. ඒකෙන් මම රජයේ කොන්ත්‍රාත් කලා. අද වෙන කොට මං ඉක්ටාඩ් වර්ගිකරණයේ එම් පහ ශ්‍රේණියේ කොන්ත්‍රාත් කරුවෙක්. යාන වාහන හැම දෙයක්ම තියෙනවා. ඒ අතරේ මං පුද්ගල කළමනාකරනය පිලිබද පාඨමාලාවන් හැදැරුවා. වෘත්තිය පාඨමාලාවන් හැදැරුවා. ජාතික ඩිප්ලෝමාව දක්වා හැදැරුවා. අද මම පශ්චාත් උපාධිය හදාරනවා. ඒ ලංකාවේම විශ්ව විද්‍යාලයක. අද මම මගේ යාලුවෝ හැම දෙනෙක්ටම වඩා සතුටු වෙනවා. ඒ අය අද මගෙන් සල්ලි ඉල්ලාගෙන යනවා.. මේ කතාවත් මගේ කතාව වගේමයි…

    • panhida says:

      තවත් උත්සහවන්ත, සැබෑ මිනිසෙකුගේ තවත් කතාවක් අසන්නට ලැබීම මගේ වාසනවක්..ඔබ ඔය ලිපිය කියවනකොට කදුලු ආවා වගේම මටත් කියවද්දී කදුලු ආවා…සමහර විට මේ කතාව කියවපු හුගක් දෙනාට එහෙම වෙන්න ඇති…නමුත් අපි කියෙන් කී දෙනාටද පුලුවන් ඒ කදුලු වලට වටිනාකමක් දෙන්න..අම්මගෙන් මව් කිරි බිව් ණය, මහපොළොව අපි උසෞලා සිටියාට ණය…ගෙවන්න..
      ඔබේ කතාවත් අපි සියලු දෙනාටම වටිනා පාඩමක් කියා දෙනවා..එක් කණකින් ඇසු දේ අනිත් කණෙන් පිට නොකර කාලයත් සමග ඒ වටිනා බව අලුත් කර ගන්න අපිට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා….
      අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජය ගත් ඔබට රට වෙනුවෙන් තවත් බොහෝ දෑ කරන්නට ශක්තිය හා දිරිය ලැබේවා….!!!

      • Chaturanga (Jonny) says:

        ape campus eke inna ewun kee denukuta meken padamak igena ganna puluwanda neda macho,
        Apima danna ewun degree eka complete nokar pissu kelina heti dakinkota nam mata sirawata tharaha yanawa,
        me wage minissungenwath un padamak igena gannawa nam loku deyak.

  3. uom says:

    ela ela ranji aiya ohoma yan
    oya gana ahanna labuna ekath sathutui
    api oyata wada batch ekak pahala unath oya apith ekkath full fit una ekata thank u ela suba gaman

  4. අපේ කැම්පස් එකේ අයය කෙනෙක් ….පුදුමාකාර චරිතයක්!!

  5. Tharanga says:

    වටිනා අර්ථවත් ජිවිත කථාවක් ….. අපි සැම දෙනාටම ජිවිතය යනු කුමක්ද කියා මනාව පැහැදිලි කරලා තියෙනවා…

  6. Ashan says:

    So great ayye ….
    you so adorable . such a encouragement
    I wish you all the best !

  7. Niluka Mihiran says:

    ur a grate man………….

  8. A.D says:

    මෙවන් ඉතමත් වටිනා කථාවක් ඈසිමට මම භාගයවත් විමි.තවද මෙම කතව කියවීමෙන් ජිවිතය අර්තවත් කර ගෑනිමට සියලු දෙනාට හෑකිවෙවා යෑයි මම පර්ථනා කරමි.

  9. Anonymous says:

    When I first read this I told my friend who forward this link this should be distributed among AL students. His reply was “It is not enough to distribute this among them. They should be hammered using a 2″x2″ rod.”🙂

  10. Anonymous says:

    very nice advice

  11. lanmeng says:

    Thank you for posting this article. I also plugged the show on Face book, with mixed results from my friends. All I ask of people, whether they are familiar with homeopathy or not, is to watch the story.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s