~ මූණූ පොතේ Profile Page එක හැඩ කරමු ~


අද හුගක් දෙනා අතර ප්‍රචලිත වෙලා තියන වචනයක් තමා Facebook කියන්නේ. F අකුරෙන් පටන් ගෙන K අකුරෙන් අවසන් වෙන ලොව ප්‍රචලිතම වචනය බවට අද පත් වෙලා තියෙන්නෙත් Facebook කියන වචනයලු 😀 ඉස්සර ඉස්සර නම් ප්‍රසිද්ධ වෙන වචනයක් 😛  කතාවේ ඇත්ත නැත්ත මොනව වුනත් අද ලෝකයට Facebook මගින් කරල තිබෙන බලපෑම ඉතා විශාලයි. ඒ නිසා තමා ජනප්‍රිය Times සගරාව මගින් 2010 වසරේ පුද්ගලයා ලෙස Facebook හි සම නිර්මාපක Mark Zuckerberg  තෝරා ගනු ලැබුවේ. අද ලෝකයේ බොහෝ දෙනා මෙම සමාජ ජාලය හා එක්වී අවසන්.  මෙය රටක් ලෙස සැලකුවහොත් ජනගහනය අතින් ලොව දැනට තුන් වන ස්ථානයේ පසුවන බව සදහන් වනවා. දැනට මෙහි මිලියන 600 කට අධික ප්‍රමාණයක් ගිණුම් පවත්වාගෙන යන බව සදහන්. එසේම මෙය ඉතාමත් කාර්යබහුල ස්ථානයක් බවට පත්වී තිබෙනවා. Times සගරාව මගින් ඉදිරිපත් කර තිබෙන “One Minute on Facebook” හි මෙය මනාවට ඉදිරිපත් කොට තිබෙනවා.

එසේම Facebook අද බොහෝ දෙනාට ඇබ්බැහී වී තිබෙන රෝගයක් බවට පත්වී අවසානයි 😦 මෙම රෝගයට මමත් බොහෝ විට ඔබත් ගොදුරු වී ඇති බව නම් කිව හැකියි. 2004 දී ඇරඹී මෙම සමාජ ජාලා අඩවිය අද වන විට බොහෝසෙයින් නවීකරණය වී වෙනස් වී තිබෙනවා.  ඉන් Profile page එක ප්‍රධානයි. අපගේ මිතුරන් හට අපගේ විස්තර, සහ අනෙකුත් දෑ දැන ගැනීමට තිබෙන වැදගත් ස්ථානයක් වන්නේ මෙයයි. බොහෝ දෙනා මෙම අංගය නිර්මාණාත්වකව සැකසීමට උත්සහ දරනවා. Facebook නව සැකස්මත් සමග මෙසේ නිර්මාණාත්මකව තම Profile page බොහෝ දෙනා ඉදිරිපත් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයක්.

ඔබත් Facebook වෙත ඇබ්බැහි වී තිබෙනවානම් මෙය වැදගත් දෙයක් වේවි. මෙසේ තම Profile page එක නිර්මාණය කළ හැකි ක්‍රම කිහිපයක් පවතිනවා. පහසුම ක්‍රම වන්නේ Facebook හා බැදී තිබෙන තුන්වන පාර්ශවයේ Application වල සහය ලබා ගැනීමයි.

1. Profile Photos Bar

මෙයින් සරලව ඔබට ඇවසි පින්තූරයක් මෙම Application එක හරහා  සැකසිය හැකියි.

2.  Profile Image Maker

මෙයත් ඉහත දැක්වූ ආකාරයේම Application එකක්. මෙමගිනුත් පහසුවෙන් ඔබට අවශ්‍යය පින්තූරය upload කිරීමෙන් සකසා ගත් හැකියි.

3. Panorama Profile

මෙය වෙබ් අඩවියක් වන අතර අවශ්‍යය පින්තූරය upload කිරීම කළ යුතුය.

4. Your New Profile

මෙම වෙබ් අඩවිය මගින්ද ඔබගේ Profile page එක නිර්මාණාත්මකව සැකසිය හැක.

5. එසේම Profile Page  එක සදහා ගැලපෙන Photoshop file එකක් මගින්ද සැකසීම කළ හැකියි. පහත දැක්වෙන විඩියෝවේ එය සිදු කරන ආකාරය මනාව දක්වා තිබෙනවා.

6. එසේම අපගේ Profile picture එක වෙනස් ආකාරයෙන් හා සිත් ඇදගන්නා ලෙසද ඉදිරිපත් කළ හැකියි.  Photoshop භාවිතය මෙහිදී සිදු කළ යුතු වනවා 🙂

මෙසේ ඔබ කැමති ආකාරයකට ඔබගේ Profile picture එක වෙනස් කර ගැනීමට ඔබට පුලුවන් 🙂

මීට අමතර ඔබගේ profile page එක සදහා පසුබිමක්ද එක් කිරීමේ හැකියාව පවතිනවා 🙂 Pagerage වෙබ් අඩවිය ඔබට මෙම පහසුකම සපයනු ලබන අතර ඒ සදහා plug-in ස්ථාපනය කර ගත යුතුයි. එසේම මෙය ඔබගේ යහළුවන්ට දර්ශනය වීමට නම් ඔවුන්ද එම plug-in ඔවුන්ගේ පරිඝනකයේ ස්ථාපනය කර ගෙන තිබිය යුතුය 🙂

අද Facebook යන්න බොහෝ දෙනෙකුගේ ජීවන රටාව වෙනස් කිරීමට සමත් වී තිබෙනවා. Social Networking තමන්ගේ ජීවන රටාවේ ප්‍රධාන අංගයක් ලෙස සලකා කටයුතු කිරීමට බොහෝ දෙනා පෙළබී තිබෙනවා. වැදගත්ම කරුණ වන්නේ මෙය පාලනය කර ගැනීමයි. කතාවක් තියනවානේ “ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියලා” 🙂

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, ගැජැට්, පරිඝනක and tagged , , , , . Bookmark the permalink.

10 Responses to ~ මූණූ පොතේ Profile Page එක හැඩ කරමු ~

  1. Dushan says:

    මේ ටිකනම් නියමයි thanx.

  2. Ayesha says:

    කියලා දුන්නට ස්තුතියි මල්ලි

  3. lanmeng says:

    කියලා දුන්නට ස්තුතියි මල්ලි

  4. Anonymous says:

    thank machan

  5. Anonymous says:

    kohomada sinhala akuru face book aeke liyanne

Leave a reply to Ayesha Cancel reply