අසල්වැසියාට ප්‍රේම කරන්න ♥ නත්තලේ අපේ අයගේ පැතුම්



නත්තල් දවසේ අද උදේන්ම නැගිටපු ගමන්ම මම පතපු දෙයක් තමා ‘අද දවසටනම් වහින්න එපා කියලා’ :)  වෙන ඉතින් ඒ වෙලාවේ පතන්න ඔලුවට දෙයක් ආපු නැති හින්ද්ද කොහෙදෝ ඒක තමා පැතුවේ😀 කොහොම හරි අද දවසේ මම නම් වැස්සට අහුවුනේ නෑ…කාලෙකින් ඔය පතපු පැතුමක් හරිගියාමද කොහෙදෝ😆

කට්ටිය ඉතින් අද එක එක පැතුම් පතනවනේ…ඒක එක එක්කෙනාට වෙන්වුන දෙයක්…අද උදේන්ම මූණු පොතට ගිය ගමන් මගේ යාලුවෙක් එයාගේ බිත්තියේ දාලා තිබුනු දෙයක් තමා “ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න..ඔබට සුභ නත්තල් වේවා” ටික වෙලාවකින් ඒකට comments ගොඩයි…මොකද මගේ යාලුවාගේ අසල්වැසියා වෙන්නේ ගැහැනු ළමයෙක් හින්දා…කොහොම හරි පරිසරය,වටපිටාව,කාළගුණය, (මම වගේ😛 ) තමන්ගේ හිත මිතුරන්,පවුල ආදී විවිධාකාර විචල්‍යයන් නිසා එක් එක් අයගේ පැතුමන් වෙනස් වෙනවා😀

තවත් කෙනෙක් “අද සැන්ටා එක්ක බොන්නලු යන්නේ…”
තවත් කෙනෙක් “සුභ නත්තලක් කියල පතන ගමන් අද දවස පරිස්සමෙන් ගත කරන්න කියලා කියනවා”
සමහර දෙනා ජේසු තුමාට උපන්දින සුභපැතුම් යවනව
තවත් අය බඩු මිල අඩු වෙන නත්තලක් වේවා කියලා සුභ පතනවා. තව යාලුවෙක්ට නත්තල් සීයා තැග්ගක් දීලා..නත්තල් සීයාට ස්තුති කරනවා..

තවත් කෙනෙක් කියනවා සැන්ටා ජේ.වී.පි එකේලු..එහෙම කියන්නේ සැන්ටා 1. රතු අදින නිසා 2. බෙල් එකක් තිබෙන නිසා 3. රැවුලක් තිබෙන නිසා.

හැබැයි මම නම් දන්නේ නෑ කතාවේ ඇත්ත නැත්ත😀 තවත් අයට නම් පැතුමක් හිතෙන්නෙම නැද්ද කොහෙදෝ…

තවත් අය නත්තල් සීයාට තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය තමන් වෙතට එවන්න කියල කියනවා ♥ ….එහෙම කරනවනම් නත්තල් සීය කොච්චර හොදද..එහෙනම් මම මගේම කියල තව නත්තල් දවසක් දාගන්නවා😀

බලන් ගියහම බොහෝ දෙනාට තියෙන්නේ විවිධාකාර අදහස්..
ඒ අස්සේ තවත් කෙනෙක් අහනවා “මචන් අද නත්තල්ද කියලා” ඒකෙත් හැටි බලමුකෝ😛

අපේ ජනාධිපතිතුමා ප්‍රාර්ථානා කරන්නේ “ශ්‍රී ලාංකිකයින් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවායි”කියලයි

විපක්ෂ නායක්තුමා ප්‍රාර්ථනා කරන්නේ “ශ්‍රී ලාංකික හා ලෝ වැසි සියලු කිතුණුවන්ට අසිරිමත් නත්තලක් වේවා යනුවෙනි “.

මේ සබැදියෙන් ඔයගොල්ලන්ට දැන්ගන්න පුලුවන් 2009 දී හොදම නැත්තල් සුභපැතුම් 25..මේක Google වල ගහල ගත්ත දෙයක්.

මම නම් ඉතින් නත්තල් සමරන්නේ නැතුවුනාට නත්තල හින්දා ටිකක් නිවාඩු හම්බුනා..ඒ හින්දා නත්තල ලබනවා කියන්නේ සතුටුදායක දෙයක්…

කොහොම හරි පැතුම් පතනවට වඩා වැඩි දෙයක් අපිට අනිත් අය වෙනුවෙන් කරන්න තියෙනවා🙂 නත්තල කෙසේ වෙතත් දිනයක අරුත් බව වැඩි කරන්න අපි සියලු දෙනාට එකිනෙකට වෙනස් වූ වගකීම් රැසක් තියෙනවා සමාජයට ඉටු කරන්න..ඉතින් ඒ සදහා ඔබ සැමට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා…
ඒ වගේම නත්තල අවසන් වෙලා එන නව වසරේ ඇරඹුම  මට නම් ටිකක් හොද නෑ…මොකද විභාගයෙන් තමා 2011 පටන් ගන්නේ…ඉතින් ඒකත් අවුලක් නැතුව ගොඩ දාන්න පුලුවන් වේවා කියල ඔයගොල්ලෝත් මට ප්‍රාර්ථනා කරයි කියල මම හිතනවා🙂

♫ ♪ නත්තලේ අසිරිය………නත්තලේ සාමය……සමරමු හද බැතියෙන……..මේ..නත්තල් දා….♫♪

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in රස කතා, සම්ප්‍රදායන් and tagged , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s