~කැමතිද මූණ පොඩ්ඩක් වෙනස් කර ගන්න……


අපි හුගක් දෙනා ආස දෙයක් නේ අපේ පින්තූර එක්කිනෙකා අතර බෙදා ගන්න එක🙂 බොහෝ වෙලාවට ඔය සමාජ ජාල වෙබ් අඩවි වල දකින්න තියෙන සුලබ දෙයක් තමා ඕක. ඔය අතරේ අපි හුග දෙනෙක් කරන දෙයක් තමා විහිලු කාරී, සිනහ මුසු පින්තූර තමන්ගේ profile picture එක ලෙස තමන්ගේ profile එකට යොදා ගන්න එක. මොකද එහෙම කරන එකත් පොඩි වෙනසක්නේ.. මටත් හමබ්වුනා ඔය වගේ අපේ පින්තූර, බොහෝ වෙලාවට අපේ මුහුනවල් පොඩි පොඩි වෙනස් කම් වලට ලක් කරන්න පුලුවන් පහසුකම් තිබෙන අඩවි කිහිපයක්…පොඩ්ඩක් උත්සහ කරල බලන්නකෝ..හැබැයි තමන්ගේ තියන මුහුණ නම් වෙනස් කර ගන එපා…😆

1. මේ තමා Pic Hacks අඩවිය.

මේකට ඔයගොල්ලන්ගේ පින්තූරය upload කරලා අනතුරුව අපිට උවමනා ලෙස, පින්තූරය වෙනස් කරන්න පුලුවන්. පොඩ්ඩක් ඒක ලස්සනට කරන්න බලන්න. මම වෙනස් කරපු එකක් තමා පල්ලෙහා තියෙන්නේ….වෙනස් කරාට පස්සේ පොඩ්ඩ්ක් බයයි වගේ එක දිහා බලන්න…(මම අදුරන එක්කෙනෙක් නෙවයි ඔය ඉන්නේ  :P ) කෝකටත් කරලම බලන්නකෝ🙂

 

2. 3D Face Generator

මෙතනදි හැබැයි ඔය ගොල්ලන්ට පින්තූරයක් upload  කරන එක උවමනා වෙන්නේ නෑ…හැබැයි පොඩි පොඩි ප්‍රශ්ණ කිහිපයකට උත්තර දෙන්න වෙනවා..එව එච්චර අමාරු වෙන්නේ නෑ..තමන් ගැන අහන්නේ..හැබැයි සමහර අයට තමන් ගැන අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක තමා අමාරු. ඒ ටික සම්පූර්න කලාට පස්සේ තමන්ගේ 3D රූපය ලබා දෙනවා.

3.  Sketch Generator

මෙතනදි අපේ රූපය කටු සටහනක්, නැත්නම් දළ විදිහට ලබා දීම තමා කරන්නේ.

4. Face Transformer Generator

මෙමගින් අපිට අපගේ පින්තූරයේ වයස් ස්භාවය, ජාතිය සේම ගැහැණු,පිරිමි ස්භාවය වෙනස් කල හැකියි.

5. Font Image Generator

මෙමගිනුත් අපේ පින්තූරය වෙනස් කිරීමට පුලුවන්. නමුත් මෙය ඉහත දැක්වූ අඩවි වලට වඩා මදක් වෙනස් අඩවියක්..

ඉහත අඩවි වලින් ඔයගොල්ලන්ට කැමති විදිහට ඔයගොල්ලන්ගේ පින්තූරය වෙනස් කර ගන්න පුලුවන්…හැමදාම එකම මුණ තියා ගෙන ඉන්නේ නැතුව පොඩ්ඩ්ක් වෙනස් කරල බලමුද…?

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in පරිඝනක, වෙනත් and tagged . Bookmark the permalink.

10 Responses to ~කැමතිද මූණ පොඩ්ඩක් වෙනස් කර ගන්න……

  1. මේක නම් නියමම නියමයි. නියමෙට‍ වැඩ. බොහෝම ස්තූතියි. හොය හොය හිටපු දෙයක්

  2. jonny says:

    hapooi masa ganakata passe article ekak dala,he he

  3. එළ එළ ,,,,ඒකත් කරල බලමුකෝ එහෙනම්…..
    තැන්ක් යූ වේවා….🙂

  4. pcw says:

    ela maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa thanks

  5. Friend says:

    3D Face Generator – meka nam ela. mage muna ea widihatama dunna … LOL

  6. කරුමක්කාරයා says:

    මේකත් උත්සාහ කරල බලන්න
    PhotoFunia

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s