නෙත පිනවන සුන්දර ‘අසුපිනි’ දිය ඇල්ල..!!!


සොබාදහම කියන්නෙ හරිම අපූරු දෙයක්. සතුන්ගෙන්, තුරුපත් වලින්,දිය ඇලි වලින් ආදී නොයෙක් නොයෙක් අංගයන්ගෙන් මේ සොබාදහම පිරිලා තිබෙනවා..සොබාදහමේ මේ තිබෙන සුන්දර දේවල් සමහර වෙලාවට මිනිස් ඇසට මුවා වීලයි තිබෙන්නේ. ඒ සොබාදහමේම යහපතට වෙන්නැති…
පසුගිය සතියේ දිනයක මෙවන් මිනිස් ඇසට නිරන්තර ලක් නොවුනු සුන්දර දිය ඇල්ලක සුවය විදීමට මට හැකි වුනා. ඒ මාගේ ගම් ප්‍රදේශය අසලම තිබෙන අසුපිනි ඇල්ල නම් සුන්දර දිය ඇල්ලකයි.

මාගේ ගම් ප්‍රදේශයේම පිහිටා තිබෙන මෙම දිය ඇල්ල නැරඹීමට මෙතෙක් කල් යෑම පිළිබදව කණගාටුවිය යුතු වුනත්, අවසානයේ එය නැරඹීමට හැකිවීම පිළිබදව මම සතුටු වනවා🙂 මෙම දිය ඇල්ල මිනිස් ඇසින් මදක් වසන් වී තිබෙන්නේ මෙය පිහිටා තිබෙන ප්‍රදේශය මදක් දුෂ්කර වන නිසායි. ගම්පොල නගරයේ සිට 18 Km පමන දුරින් උඩුවැල්ල නම් ප්‍රදේශයේ මෙම අලංකාර දිය ඇල්ල පිහිටා තිබෙනවා.ඔබ මෙහි අසිරිය විද ගැනීමට පැමිනෙන්නේ නම් ඔබට ගම්පොල-උඩුවැල්ල බස් රථයකද පැමිණීමට පුලුවන්.උඩුවැල්ලේ සිට මිනිත්තු 15 පමන පා ගමනකින් මෙම දිය ඇල්ල අසලට පැමිනිය හැකියි.දිය ඇල්ල නැරඹීම සදහා නැරඹුම් මැදිරියක්ද සකස් කොට තිබෙනවා..එය පිහිටා තිබෙන්නේ දිය ඇල්ලේ සිට මදක් දුරින් වන්නටයි.අලංකාරය පිටුපසින් භයානක බව සගවා ගත් මෙම දිය ඇල්ල බොහෝ දෙනාගේ නපුරු සිහිනයන් සැබැ කොට තිබෙනවා..ඒ අවට පුද්ගලයන් පවසන පරිදි මෙම දිය ඇල්ල අඩුම වශයෙන් වසරකට එක් මිනිසෙක් ඇයගේ තුරුලට ගන්නා බව පැවසෙනවා.

දිය ඇල්ලේ භයානකම ස්ථානය වන්නේ දිය ඇදහැලීමට පටන් ගන්නා ස්ථානයයි.  ජලය නිතරම ගලා යෑම හේතුකොට ගෙන එහි තිබෙන ගල හොදින් මට සිලුටු වී ඔප මට්ටම් වි තිබෙනවා. එනිසා ඔබේ අපරික්ෂාකාරි එක් පියවරකින් ඔබව ඔරු තුරුලට යා හැකියි.  එසේ බිලිගැනුනු බොහෝ දෙනාගේ සිරුරු මතු වන්නේ අවම ලෙස දින හය, හතකට පසුවයි. මේ නිසා මෙහි අලංකාරය විදගන්නවා සේම ඔබගේ ආරෂාව පිළිබදවද කීපවක් සිතා බැලිය යුතුයි.

මහ ඔයේ ජල පහරකින් හටගන්නා මෙම දිඅ ඇල්ල පිළිබදව විවිධ ජනප්‍රවාදයන් පවතිනවා..එක් රජ කෙනෙකු යුද්ධයක් කිරීමට යන අතර, යුද්ධය ජය ගතහොත් පණිවිඩකරුවෙකු මගින් එය දන්වන බව රජු තම බිසවට පවසනවා. රජු යුද්ධය ජය ගන්නා අතර පණිවිඩකරු පැමින අත්වැරද්දීමකින් වැරදි කොඩියක් වනනු ලබනවා. මෙය දැකීමෙන් අසු පිට හුන් බිසව කම්පනයට පත්වී දිය ඇල්ලෙන් පනිනු ලබනවා. අසු පැන්න ඇල්ල පසු කාලීනව ‘අසුපිනි’ ඇල්ල වූ බවට මතයක් තිබෙනවා.

ඔබට මෙහි නෑමට ඇවැසි නම් ඔය ඉහළ ප්‍රදේශයේ තිබෙන ආරක්ෂාකාරී ස්ථානයක් තෝරා ගැනීම සුදුසු වනවා. එසේම අරණායක් හරහාද මෙහි පැමිනීමට ඔබට පුලුවන්.

එසේම එම ප්‍රදේශයට ආසන්න දොලොස්බාගේ ප්‍රදේශය නැරඹීමටද ඔබට පුලුවන්. අලංකාර තේවතු. තවත් එක් කුඩා දිය ඇල්ලක් සහ රාස්සා ගල නැමැති කන්දක් නැරඹීමට එහිදී පුලුවන්.

එම ප්‍රදේශයන් පිළිබදව බොහෝ විස්තර ලිපියේ සබැදියන් හරහා ඔබට ලබාගත හැකියි.
සොබාදහම යනු ඔබටත්, මටත් පමනක් අයිති දෙයක් නොවේ.  එය ලොවේ සිටින සියලුම ජීවීන්ටද අයිති දෙයකි.  ඒ නිසා සොබාදහමේ අසිරිය විදිනවා සේම ඒවා රැක ගැනීමද අප හට පැවරී තිබෙන මහගු වගකීමක්.

 

 

 

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පරිසරය and tagged , , , . Bookmark the permalink.

4 Responses to නෙත පිනවන සුන්දර ‘අසුපිනි’ දිය ඇල්ල..!!!

  1. Hasitha says:

    පුලුවන් වුණු වෙලාවක ගිහින් බලන්න ඕනේ. ස්තුතියි විස්තරයට

  2. Anonymous says:

    eala……………….kiri

  3. lanmeng says:

    Thanks for your share. Your site is really good, and it is very worthy to visit again. Welcome to our bridal gowns online store http://www.bridalgownsstore.com/.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s