Wilma Rudolph ~ නොසැලුනු චරිතයක මතකය


කැපවීම, උත්සහය උනන්දුව ඇත්නම් ඔබගේ සිහිනය ජය ගැනීම අපහසු නොවේ…විල්මා රුඩොල්ෆ් ගේ චරිතයෙන් අපට ගත හැකි වටිනාම දේ එයයි. ඔබ දන්නවාද කවුද මේ විල්මා රුඩොල්ෆ් කියන්නේ කියලා. මමත් අද වෙනකම් මේ අද්වීතීය චරිතය පිළිබදව අසා තිබුනේ නෑ. කෙසේ නමුත් මට අද අසන්නට ලැබුනු මේ චරිතය ඔබට සහ මට බොහෝ දේවල් කියා දේවී…

1943 ජූලි 23 වන දින Clarksville, Tennessee  හි සහෝදරයන් 21 ක් හා එක් සහෝදරියක් සිටින පවුලක 20 වැන්නා ලෙස විල්මා මෙලොව එළිය දකිනවා. රාත්තල් 4.5 ක බරින් යුතුව මෙලොවට බිහිවන විල්මා ජීවන ගමන අරඹන්නේ කටු අකුල් සපිරි මාවතකයි.  තම දිවියේ සිව්වන වසරට පා තබන විට විල්මාට හිමිවූයේ සොබාදහමේ අකාරුණික ත්‍යාගයක්. අංග විකල බව හා ඇවිදීමේ නොහැකියාව ඇතිකරමින් විල්මා හට පෝලියෝ රෝගය වැල දෙන්නේ දිවියේ අදුරු කාලයක් ඇයට උරුම කරමිනි. එම තත්වය ඉතාමත් අවාසනාවන්ත බවට පෙරලෙන්නේ ඇයගේ පවුල අග හිග බවින් මිරිකී සිටි බැවිනි.

ජීවිතයේ සරදමට දිගින් දිගටම ලක්වූ විල්මා ඇයගේ 12 ව්න වියේදී කක්කල් කැස්ස, රතු උණ සහ පැපොල රොගයන්ගෙන් පීඩා විදිනු ලබනවා. නමුත් මේ සියල්ලටම නොසැලී මුහුන දීමට විල්ම සහ ඇගේ දෙමාපියන් සමත් වෙනවා. දිවියේ සරදමට සරදමකින් පිළිතුරු දීමට ඔවුන් සමත් වෙනවා. අග හිගකම් මැඩ ගනිමින් විල්මා ඇතුලු අනිකුත් සහෝදර සහෝදරියන් 21 දෙනා ජීවත් කිරීමට විල්මාගේ දෙමාපියන් උත්සහ ගනු ලබනවා. විල්මාට කිසිදා ඇවිදීමට නොහැකි බව දොස්තරවරුන් පවසද්දී එය කිසිත් මායිම් නොකොට විල්මාව දෙපයින් නැගටවීමට විල්මාගේ දෙමාපියන් උත්සුක වෙනවා.

මේ අරමුණින් සතියකට දෙවතාවක් විල්මාව සැතැපුම් 50 ක් දුරින් පිහිටි Nashville හි Fisk University යේ black medical college වෙත රැගෙන යනු ලබනවා. විල්මාගේ මව විසින් වසර දෙකක් තිස්සේ ඇයව සතියට දෙවතාවක් පරික්ෂණ සදහා එම ස්ථානයට රැගෙනයනු ලබනවා.  එහිදී කරනු ලැබු ප්‍රතිකාර වලට අනුව ඇයට ලෝහ ආධාරකයක් සහිතව දෙපයින් නැගීසිටීමට වාසනාව උදා වෙනවා. වැටි වැටී නැගිටිමින්, තුවාල වෙමින්, වේදනා විදිමින් වෙර වීරිය දැරි වෙල්මා වයස අවුරුදු 12 පමන වන විට කිසිදු ආධාරකයක් නොමැතිව ඇවිදීමේ වාසනාව උදා කර ගනු ලබනවා.

ඉන් පසු ඇරඹෙන්නේ ඇයගේ සිහින දිවීයේ වේගවත් ධාවනයයි. පෝලියෝ රෝගයෙන් පීඩා විදි සමයේ ඇයගේ දිනක් ඇයගේ මව ඇයගෙන් මෙවැන්නක් විමසා සිටියා.
‘දුව ලොකු වුනාම කවුරු වෙන්නද කමැති…?’
කුඩා විල්මා මවගේ ප්‍රශ්ණයට පිළිතුරු දුන්නේ මෙසේයි.
‘මම අම්මා කැමැති ලෝකේ වේගවත්ම කාන්තාව වෙන්නයි’
තම දුවගේ පිළිතුරින් මව මදක් වික්ෂිප්ත වුනා. පෝලියෝ රෝගයෙන් බැට කන තම දියණියගේ අනාගත සිහිනය කෙසේ මල් ඵල ගැන් වෙනු ඇතැයිද යන්න ඇයට සිතෙන්න ඇති. නමුත් ඇයට සෙවනැල්ලක් වෙන්නට මව තීරණය කරනු ලැබුවා. වයස අවුරුදු 14 වන විට නිවස අසල පාසලකට විල්මා ඉගනීම සදහා ඇතුළත් වෙනවා. ඒ අකුරු ඉගනීමද ජීවිතයට අත්වැලක් වන බැවිනි. එහිදී බාස්කට් බෝල් ක්‍රීඩාව සදහා ඇය යොමු වෙනු ලබනවා. කායික ශක්තිය සම්පුර්ණ නොවුනද සිතේ ශක්තිය එම දුර්වලතාවයන් අභිබවා ඇයව ඔසවා තැබීමට සමත් වෙනු ලබනවා. තමන් හට දිවියේදී ලැබුනු අකාරුණික ත්‍යාගයන් වලට අභියෝග කරමින් ජීවන ගමනේ වේගවත් ඇරඹුමක් ඇය ලබා ගන්නවා. ප්‍රාන්ත තරගාවලිදි සුවිශේෂි දක්ෂතා පෙන්වු ඇය තම පාසල් කන්ඩායම ප්‍රාන්ත ශූරතාවය සදහා මෙහය වීමටද සමත් වෙනවා. නොසැලෙන ගමනක් සහිතව ඉදිරියට යන වෙල්මා ඉන් පසු යොමු වන්නේ ඇයගේ සිහිනය වෙතයි.ධාවන පථයට පිවිසෙන ඇය එහිදී ප්‍රවේගකාරී ඇරඹුමක් ගනු ලබන්නේ වයස අවුරුදු 16 වන විට ඇමෙරිකානු ජාතික ඔලිම්පික් පිල නියෝජනය කරමිනි.

1956 මෙල්බන් ඔලිම්පික් උළෙලීදි 4 x 100m සහය දිවීමේදී ඇය ලෝකඩ පදක්කමක් උරුම කර ගනු ලබනවා. 1960 රෝමයේ උළෙලීදී තම දිවියේ සිහිනය සැබැ කර ගැනීමට ඇය සමත් වෙනවා. දැඩි උෂ්ණත්වයක හා 80000 ක පමන නරඹන්නන් ඉදිරීයේදී ඇය නව ඔලිම්පික් වාර්තාවක් තබමින් 23.2s කාලයකින් 200m තරගය ජය ගනු ලබනවා. එසේම 100m තරගයද ඇය ජය ගන්නේ ලොව වේගවත්ම කාන්තාව ලෙස අභිසෙස් ලබමිනි. 4x100m තරගයටද සහභාගී වන ඇය මනස්කාන්ත අවසානයක් සමගින් තරගය නිමා කරනු ලැබුවේ ලෝක වාර්තාවක් ඒ සදහා තබමිනි. අවසන් වටයේ දී යෂ්ටි හුවමාරුවේ දී සිදුවූ අතපසු වීමකින් විල්මා හට නිසි ලෙස යෂ්ටිය නොලැබී යෂ්ටිය ධාවන පථය මත පතිත වෙනවා. ඇසිල්ලෙකින් යෂ්ඨිය නැවත ලබා ගත් විල්මා තරගය කිසිවෙකු නොසිතු ලෙසින් අවසන් කරනු ලබනවා .ඒ ඔලිම්පික් ඉතිහාසයේ වට්නා සිහිවටනයක් තබමිනි. ඔලිම්පික් උළෙලක රන් පදක්කම් තුනකින් පිදුම් ලැබු ප්‍රථම ඇමෙරිකානු කාන්තාව ලෙස ඇය පත් වෙනවා.ඉන් පසුව ඇය ධාවන ලොවේ ප්‍රභල චරිතයක් බවට පත් වන්නේ ලොව නන් දෙසින් ගරු බුහුමන් රැසක් හිමි කර ගනිමිනි.

වයස අවුරුදු 22 දී ධාවන පථයෙන් සමු ගන්නා විල්මා,Wilma Rudolph පදනම අරඹනු ලබනවා. ඒ විනය සපිරි කැපවීමක් සහිත ළමුන් සදහා දිරි දීමේ අරමුණ ඇතිවයි. 1994 දී මොළයේ පිළිකාවක් නිසා ඇය දිවියෙන් සමු ගනු ලබනවා.

ඇවිදීම පිළිබදව සිහිනයක්ව තිබු විල්මා කිසිවෙකු නොසිතූ ලෙස ලොවම විශ්මයට පත් කරමින් ලොව වේගවත්ම කාන්තාව බවට පත් වෙනු ලබනවා.ඒ ඇයගේ නොපසුබට උත්සහයයි. කැපවීමයි. නොනැවති අරමුණ කරා යෑමේ අදිටනයි. දෙපයින් පොළොව මත නැගී සිටින අප බොහෝ දෙනාට විල්මා රොඩ්ලොෆ් කියා දෙන්නේ ඒ පාඩමයි. සුළගට ගසා ගෙනයන කොළයක් බවට පත් නොවී දැවන්ත, ශක්තිමත් අරටුවක් සහිත ගසක් බවට ඇය පත් වූයේ ජීවිතය පිළිබදව නොසිතු දෙයක් අපිට සිතන්නට ඉතිරි කරමිනි..

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ක්‍රීඩා, වෙනත් and tagged , . Bookmark the permalink.

One Response to Wilma Rudolph ~ නොසැලුනු චරිතයක මතකය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s