අන්තර්ජාල අපරාධ (Cyber Crime) ගැන ඔබේ දැනුම කෙසේද….?


අපි හුගක් දෙනෙක්  අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන දේ ගැන හුගක් දේවල් අහල ඇති. මොකද්ද මේ ඇත්තටම අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන්නේ. Symantec වෙබ් අඩවියේ සදහන් වන විදිහට මේකට දෙන්න පුලුවන් සරලම පිළිතුර තමයි “ඒක සංකීර්ණයි” කියන එක. පරිඝණකයක් සහ ජාලයක් උපයෝගී කර ගෙන අපරාධ කටයුතු වල යෙදීම ලෙස මෙය සරලවම හදුන්වන්න පුලුවන්. නමුත් මෙහිදී පරිඝනකය අපරාධය සදහා උපකාරකයක් ලෙස යොදා ගැනීම හෝ යොදා නොගැනීම සිදු විය හැකියි.එසේම එම වෙබ් අඩවිය පවසන ආකාරයට අනාරක්ෂිතව අන්තර්ජාලය වෙත සම්බන්ධ වන පරිඝණක විනාඩි හතරක් ඇතුළත හෝ සම්බන්ධ වූ සැනින් යම් කිසි ආකාරයේ අන්තර්ජාල ප්‍රහාරයකට හසුවන බව පැවසෙනවා.

hacking, කතෘ හිමිකම් උල්ලංඝණය, child pornography child grooming ආදිය  ප්‍රධාන ලෙස cyber crime හා සම්බන්ධ වනවා. එසේම මේ හරහා පුද්ගලිකත්වය සහ රහසිගත තොරතුරු නැතිවීමද සිදුවනවා. එසේම FBI and the National White Collar Crime Center ආයතනයන්ට අනුබද්ධිත Internet Crime Complaint ආයතනය මගින් එලි දැක්වූ වාර්තාවනට අනුව 2008 වසරේ මෙම cyber crime නිසා $ 264.6 million යක් අහිමී තිබෙනවා.

මෙම cyber crime පිළිබදව තොරතුරු රැසක් මෙම ලිපියේ සබැදියන් හරහා ඔබට ලබා ගන්නට පුලුවන්.

ඉතින් ඔබත් මේ පිළිබදව අවධානයෙන් පසුවන්නෙක්ද ?
ප්‍රසිද්ධ ඩිස්කවරි වෙබ් අඩවිය මගින් සපයන cyber crime කෙටි ප්‍රශ්ණ දහයකට පිළිතුරු සැපයීමෙන් ඔබට ඔබගේ දැනුම පිළිබදව තක්සේරුවක් ලබාගැනීමට පුලුවන්. එයට පිවිසීමට පහත සබැදිය යොදා ගන්න.

මට නම් 6/10 ක් ලකුණු හම්බවුනා😛  හැබැයි දන්නවනේ අපිට ඉතින් MCQ කිව්වොත්😀 ඔයගොල්ලොත් උත්සහ කරල බලන්න🙂


මෙම cyber crime ක්‍රියාත්මක වන ආකාරය, හා ඒ හා සම්බන්ධ සිදුවීම් පිළිබදව වැටහීමක පහත වීඩියෝව මගින් ඔබට ලබා ගන්නට පුලුවන්..

ඔබත් ඔබේ පරිඝනකයත් රැක ගන්න…මෙම වීඩියෝව මගින් cyber crime හි විවිධ ස්වරූප හා එමගින් ආරක්ෂාවන අයුරු පිළිබදව වැඩහීමක් ලබා ගන්නට පුලුවන්

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, තර්ජන, තාක්ෂණය, පරිඝනක and tagged , , . Bookmark the permalink.

One Response to අන්තර්ජාල අපරාධ (Cyber Crime) ගැන ඔබේ දැනුම කෙසේද….?

  1. Chinthaka says:

    I got 9/10.. 😛

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s