♦ලොව ප්‍රමුඛතම විද්‍යුත් මෝටර්සයිකලය♦MotoCzysz E1pc, the World’s Most Advanced Electric Motorcycle


Isle of Man TT (Tourist Trophy) තරගාවලිය යනු ලොව පවත්වනු ලබන මෝටර්සයිකල් තරගාවලි වලින් ප්‍රමුඛතම ස්ථානයක් ලබාගන්නා තරගාවලියකි. මෙම තරගාවලිය කාලගනනය මත පදනම්ව පවතින්නක්.  Isle of Man රට මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබේ. බ්‍රිතාන්‍ය කිරුල යටතේ පවතින මෙම රාජ්‍යය මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය අතර පිහිටා ඇත.

මෙම තරගාවලි මාලාවේ TT zero තරගාවලියේ ජය ලබාගැනීමට MotoCzysz E1pc විද්‍යුත් මෝටර්සයිකලය පසුගියදා සමත් උනා. Snaefell Mountain Course ධාවන පථයේ මෙම තරගාවලිය පවත්වනු ලබන අතර මෙම ධාවනපථය ලොව තිබෙන දුෂ්කර සහ භයානක ධාවන පථ වලින් එකක් ලෙස හදුන්වනු ලබයි.

සැතැපුම් 37.733 (60.73Km)  පුරා විහිදීයන මෙම ධාවන පථය A1, A2, A3, A18 යන පථ වලින් සමන්විත වී තිබෙනවා.

මෙම තරගාවලිය සදහා කාබන් දහනයක් සිදු නොවන, විෂ සහිත හානි දායක දහනයන් සිදු නොවන මෝටර්සයිකල් පමනක් සහභාගී කර ගනු ලබන අතර Isle of Man රජය මගින් මෙම තරගය තුලදී එම ධාවන පථය තුළදී තම මෝටර් සයිකලයේ සාමාන්‍ය වේගය 100 mph ඉක්මවීමට හැකිවන තරගකරුවාට පවුම් 10000 මුදලක් ප්‍රධානය කරනු ලබනවා. 100 mph යනු විනාඩි 22.38.388 කාලය ඇතුලත 37.733 miles ධාවන පථය සම්පූර්ණ කළ යුතු වනවා.

පසුගිය කාලය පුරාවට මෙම කඩයිම පසු කිරීමට උත්සහ දැරූ බොහෝ දෙනා සහ තරග නරඹන්නන් අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වී තිබෙනවා.  නමුත් පසුගියදා 2010 MotoCzysz E1pc මෝටර්සයිකලය  මගින් තරග වැදුනු ඇමරිකානු තරගකරුවා විසින් 96.820 mph දල වේගයක් රදවා ගනිමින් 100 mph  ඉලක්කය වෙත ආසන්න වීමට සමත් වී තිබෙනවා. දුෂ්කර හා භයානක තරග පථයක මෙම තරගාවලිය පවත්වනු ලැබීම මෙම ඉලක්කය වෙත තරග කරුවන්ට ලගාවීමට තිබෙන ප්‍රභලතම ගැටලුවයි.

මෙහිදී ඉස්මතු වූ වැදගත්ම කරුණ වූයේ මෙම තරගයේ  ජය ලබාගත් මෝටර් සයිකයලයයි. ගැස් දහනයක්, තෙල් සහ ක්ලච් භාවිතයක් මෙම සයිකලය තුල සිදුවන්නේ නැත.  එසේම මෙහි එන්ජිම සුසර කිරීමක් (engine warm up) නැත. ඒ මෙහි එන්ජිමක් නැති නිසාය😛

කොහොමද බයික් එක  ☺☺☺

Tiny Oregonian company මගින් නිෂ්පාදන කරනු ලැබූ මෙම සයිකලය Toyota Prius මෙන් 10 ගුණයක් බැටරි ධාරිතාවක් සහිත සහ Ducati 1198 මෙන්  2.5 ගුණයක ව්‍යාවර්ථයක් සහිතව නිෂ්පාදනය කර තිබෙනවා.

පුහුණු ධාවනය තුළදී මෙම සයිකලය 140 mph (225.30816 kph) උපරිමයක් ලබා ගෙන තිබෙනවා. ලොව වේගවත්ම බයිසිකලය වන BMW’s S1000 RR, a gas-powered superbike මෙම වසරේ මැයි මස 194.6 mph (313.178342 kph) උපරිමයක් රදවා ගෙන තිබෙනවා. මෙහි සුවිශේෂීම අංගය වන්නේ මෙහි බැටරියයි. එකක බර 19.5 Lbs වන lithium polymer කෝෂ 10 ක් මෙහි පවතිනවා.

මෙහි වයර් කිසිවක් බැටරියට හෝ නිරාවණය වු අග්‍රයකට  සම්බන්ධ වී නැත. මෙහි ඇතුලත සම්බන්ධය තවමත් පවතින්නේ රහස් තාක්ෂණයක් ලෙසයි. මෙහි හැඩය පවා නිමවා ඇත්තේ වායු ප්‍රතිරෝධය ඉතා අවම වන ලෙසයි.

මොකද බයික් එක ගැන හිතෙන්නේ🙂

පල්ලෙහා තියෙන වීඩියෝ එකත් බලන්නකෝ.🙂

මේ තව එකක්…

කොහොමද බයික් එක… ♥♥♥

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ගැජැට්, තාක්ෂණය, වාහන and tagged , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s