Need For Speed World ↔ධාවන ලෝකයේ නැවුම් පෙරළිය


ටික දවසක පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හම්බවුනා…මේ ටිකේ විභාගේත් කිට්ටු කිට්ටු😦 ඒ හින්දා ඉගෙනීමේ කටයුතු වලට මුල් තැන දීලා වෙන වැඩ කර කර ඉන්නවා😀  කොහොමත් හෙට තියන දේට අද සූදානම් උනොත් මදෑ…අද මේ මූණූ පොතේ කාලේ කමින් ඉන්න වෙලාවේ දැක්කා අලුතෙන් එන ගේම් එකක් ගැන..ගේම් එකක් කිව්වොත් ඉතින් ආය දෙකක් නෑ,ගහලම තමා පස්ස බලන්නේ🙂 රේස් පදින්න ඇබ්බැහි වෙලා ඉන්න අයට මේක සුභ ආරංචියක්..

මේක මේ ඉදිරිපත් කරන්නේ අපි හැමෝම දන්න EA Games ලා. ‘Need for Speed World‘ නමින් ජූලි මස 20 නිකුත් වීමට තිබෙන මෙම ක්‍රීඩාව දැනට සීමිත බීටා ටෙස්ට් මට්ටමේ පවතිනවා. ඔබටත් මෙහි බීටා නිකුතුව සදහා ඉල්ලුම් කළ හැකියි.මෙය Most Wanted, Carbon ක්‍රීඩා වල ක්‍රීඩා රටාව මනාව මුසු කරගනිමින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. නමුත් මෙම ක්‍රිඩාවේ චමත්කාරය විද ගැනීමට හැකියාවක් ලැබෙන්නේ අන්තර්ජාලයේ පහසුකම හරහා පමණයි. මක් නිසාද මෙය ලෝකයට ඉදිරිපත් කරන්නේ අන්තර්ජාල ක්‍රිඩාවක් ලෙසයි.

එසේම මෙහි අත්දැකීම අපිට විදීමට හැකියාවක් ලැබෙන්නේ යම් කිසි තලයක් වෙත පමනයි. ඉන් පසු  ඉදිරියට යැමට NFS World Starter Pack මිලදී ගත යුතු වනවා😦

බලාගෙන ගියහම මේක සෙල්ලම් කරන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. කොහොම වෙතත් රේසිං ක්‍රිඩාවේ නැවුම් පෙරලියක් මේ හරහා වනු ඇති බවයි මෙහි නිර්මාණකරුවන් පවසන්නේ. ඔබත් මෙවන් වූ උද්වේගකර රේසිං තරගයක් ඔබගේ යහලුවන් හා යෙදීමට කැමති නම් ඉවසා සිටීමට සිදුවන්නේ මාස දෙකකට වඩා අඩු කාලයක් . කෙසේ වුවත් ලොව පුරා විසිරී සිටින දැවන්ත රථ ධාවකයින් හා ක්‍රිඩා කරමින් නැවුම්, අලුත් ක්‍රිඩා අත්දැකීමක පහස විදීමට ඔබට මෙමගින් හැකිවනු ඇතිබව නම් විශ්වාසයි…

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, ගේම්ස්, පරිඝනක and tagged , , . Bookmark the permalink.

3 Responses to Need For Speed World ↔ධාවන ලෝකයේ නැවුම් පෙරළිය

  1. මල්ලි .. ඔබට පොඩ්ඩක් පෞද්ගලිකව කතා කරන්න පුලුවනිද ….?

    kbandaraya

  2. ruwan says:

    ඒ.. මට හොද ටොරෙන්ට් ලින්ක් එකක් හොයල දියන්කෝ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s