සුන්දරත්වයේ තෝතැන්නක් වූ පේරාදෙණිය සරසවිය


සුන්දරත්වය කියන වචනයට අපි බොහෝ දෙනා කැමතියි🙂 තමන්ගේ ඇහට සුන්දර දසුන් දකින්න ලැබෙනවනම් එයට සියලු දෙනා කැමතියි.ඉතින් එවන් සුන්දර දසුන් පෙළක් සජීවීව නොවුනත් ඔබට ළගා කිරීමටයි මම අද මේ උත්සහ ගන්නේ. පේරාදෙණිය සරසවිය කියන්නේ ලංකාවේ සරසවි වලින් සුන්දරත්වයෙන් ප්‍රමුඛ සරසවියක්.  ඒ වගේම බක් මාසය උදා වෙනවා කියන්නේ සැම තැනම් සුන්දරත්වයෙන් පිරෙන කාලයක්.  එය පේරාදෙණිය සරසවියටත් අදාළ දෙයක්.  මේ කාලයට සරසවියේ සුන්දරත්වය වෙනත් කාල වලට වඩා සුන්දරත්වයෙන් පිරී පවතිනවා. ඕනවට වඩා අටුවා ටීකා කතාකරන්නේ නැතුව පල්ලෙහා තියෙන පින්තූර වලට ඔයගොල්ලන්ගේ ඇස යොමු කරා නම් ඒක පැහැදිලි වේවී. මේ සැරේ මේ සුන්දරත්වය පැවතුනේ ටික කාලයයි.ගිය අවුරුද්දට වඩා සුන්දර ඡායාරූප ලබා ගැනීමේ අදහසක් මගේ සිතේ පැවතුනත් අවුරුදු නිවාඩුව එළබීමත්, ඒ වන විට විභාග අවසන් වී නොතිබීමත් නිසා ඒ සිහිනය බොදවී හියා.

විභාගය අවසන් වුනේ අද.  නමුත් අවාසනාවට මේ කාලය තුලදී ඇද හැලුනු වර්ෂාව පේරා සරසවියේ නැවූම් වු සුන්දරත්වය මකා දමා තිබුනා :( ඉතින් මේ සුන්දරත්වය කැමරා ඇසට හසු කර ගෙන තිබුනු මගේ මිතුරෙකු නිසා ඔබත් සමග ඒ සුන්දරත්වය බෙදා ගැනීමට මා සිතුවා. මෙම පින්තූර ලබා දීම සම්බන්ධයෙන් මගේ මිතුරෙකු වන ප්‍රභාෂ් දසනායකට මගේ ස්තුතිය හිමි වෙනවා. ගිය වසරේ සරසවියේ සුන්දරත්වය මීට වඩා ඉහළ මට්ටමක පැවතුනා. ඒ සුන්දර දසුන් රැසක් ඔබට මේ සබැදි හරහා ගොස් දැක ගත හැකියි.

හන්තාන අඩවියේ පාමුළ මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන පේරා සරසවිය ලංකාව තුළ පිහිටා තිබෙන සිත් ඇදගන්නා පරිසර පද්ධති වලින් එකක්. ඔබත් පේරාදෙණිය සරසවියට පැමින තිබෙනවානම් මා සමග එකග වේවී.  තම මිතුරු මිතුරියන්,තම පෙම්වතුන්,පෙම්වතියන් සමග මේ සුන්දරත්වය බෙදා ගැනීමට බොහෝ දෙනා මේ කාලයේදී කටයුතු කරනවා🙂 කහ මල් ඇතිරුනු පලස් මත සිටිමින් සුන්දර මතක සටහනක් තමන්ගේ සිත් තුළ ඉතීරි කර ගැනීමට ඔවුන් බොහෝ දෙනා කැමතියි. ඉතින් එවන් වූ සුන්දරත්වයක පහස විදීමට ඔබට කෙරෙන දයාබර ඇරයුමයි මේ….!!!!

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පරිසරය, පේරා Campus and tagged , , . Bookmark the permalink.

5 Responses to සුන්දරත්වයේ තෝතැන්නක් වූ පේරාදෙණිය සරසවිය

  1. Hasiya says:

    නියමා……………..යි

  2. abilin says:

    එල බන්,
    තව පින්තුර ඔන……..🙂

    • panhida says:

      ඔය ටික තම හම්බ වුනේ..තව හම්බුනොත් දෙන්නම්…අපෙ අය ගාව තව ඇති…🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s