ඔන්න නයෙක් නයෙක්….☺☺☺


අවුරුද්දත් හොරාට හොරාට හෙමින් හෙමින් කිට්ටු වෙනවා🙂 තව ඉතින් වැඩි පැය ගානක් නෑ..හැබැයි මම කියන්න යන්නේ අවුරුද්ද ගැන නෙවෙයි..පොඩි රසවත් කතාවක්. හුගක් දෙනෙක් පළාමල්ලගේ ‘ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්’ලිපිය කියවන්න ඇතිනේ..කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න. අපි හුගක් දෙනෙක්ගේ රසවත් කාලය තමා පාසල් කාලය. පාසල් කාලයට හුග දෙනෙක් ආපහු යන්න ආස ඒකනේ.ඒ ලිපිය කියෙව්වට පස්සේ මටත් වුන රසවත් සිදුවීමක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුනා😉 මේක දැන් මතක් වෙද්දි හරිම රසවත්.හැබැයි ඒ දවස් ට්කේ නම් බලාගත්තු අතේ බලාගෙන හිටියේ මොකද උනේ කියලා😳

මම වලට මුලින්ම පන්ති ගියේ කීර්ති ධර්මසිරි සර්ගේ. නුවර සුධර්ශි එකේ. හුගක් දෙනා මේ සර්ගේ එනවා. සර්ගේ පන්ති ගියපු අය දන්නව ඇති සර් ගැන.හැබැයි සර් උගන්නන එක හොදට කරා. ප්‍රථිපල එහෙමත් හොදට අරන් දුන්නා. ඒ වගේම සර් හොද කතා කාරයා🙂 කතා කිව්වේ රස කතා. සර් හුගක් වෙලාවට රටවල් වල සංචාර වලට යනවා.මොකද සර් ප්‍රධාන පෙලේ විදුළි ඉංජිනේරුවරයෙක්. ඔය ඉතින් රටකට ගිහිල්ල ඇවිල්ල අනිත් දවසේ පන්තිය කරන කොට ඉතින් අනිවාරයයෙන් පොඩි කතාවක් දෙකක් කියනවා.

සමහර ඒවා පොඩිත් නෑ..හැබැයි හුගක් වෙලාවට අපිත් හොදට අහගෙන ඉන්නවා. මොකද සර්ට අපි හිනාවෙනව දැකල මළපැන්නොත් ඉවරයි👿 අනික හැම වෙලාවෙම ඉගන ගන්න පුලුවනෑ..ඒ හෝල් එකේ ඉන්න කොට හෝල් එක ඇතුල රත් වෙනවා..සමහර වෙලාවට එපා වෙනවා.අපි ඉතින් කරන්නේ හෝල් එකේ පිටිපස්සේම තියනවා බැල්කනිය කියලා ටිකක් උසින් තියන කැල්ලක්..ඕක අල්ල ගන්න එක තමා කරන්නේ.ඔතන අවුලක් නෑ..හොදට හුළං එන, සනීපෙට ඉගන ගන්න පුලුවන් තැනක්.

අපි ඉතින් කට්ටියම ගිහින් එතන ඉන්නවා..ඔන්න ඉතින් දවසක් පන්තිය පටන් ගත්තා. පන්තිය තිබුනේ හවස 1 ඉදලා 5 වෙනකං. එදා කරේ ද්‍රව විද්‍යාව අපි ඔය Hydraulic Science කියලා කියන්නේ. ඉතින් ඕක කරලා Hydraulic  Jack ගැන කියන්න ගත්තා.ඔන්න සර් ටිකක් වෙලා ඕක උගන්නලා පොඩි කතාවක් කියන්න හැරුනා..මම එදා හිටියේ බැල්කනියේ..එකේ වෙන දේවල් සර්ට හොදට පේනවා..සර් කතාව පටන් ගත්තා විතරයි;

මම , “ඕන්න නයෙක් නයෙක්” කියලා   ළග හිටපු යාලුවෙක්ගේ පොත වැහුවා. ඊට පස්සේ මමත් එක පාරටම මගේ පොත වැහුවා..

ඔය පස්සහම ඉන්න හරක් ටික මොකද කරන්නේ..” කියලා ඇහුනා.

කට්ටිය මීක් නෑ..මම ඉතින් පොත දිහා බලාගත්තා..

ඔය කෙළවරේ ඉදන් ඉන්න තුන් වෙනියා..එනවා ඉස්සරහට..”

ආයෙත් ඇහුනා..මම ඉතින් නැහුනා වගේ හිටියා..

මචන් උඹ උඹ” ..යාලුවෙක් මගේ කකුලට තට්ටුවක් දැම්මා.

මළ කෙලියයි..

මම එන්න කලින් තමුසේ එනවා ඉස්සරහට..”

අවසාන අනතුරු ඇගවීම නිකුත් උනා..මොනවා කරන්නද,දුවන්නත් බෑ..එළියට යන්න තියෙන්නෙත් හෝල් එක ඉස්සරහින්..ගත්තා තීරණයක් බංකුවෙන් නැමිලා ගිහිල්ලා හෙම්ට හෝල් එක ඉස්සරහට යන්න පටන් ගත්තා.

හෝල් එකේ ඉස්සරහට යන්න බෑ..දාහක් විතර ඉන්න පන්තියක්. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම කන්න වගේ බලාගෙන ඉන්නවා😳 මම මැදක් ගිහිල්ලා එක පාරටම ළග තිබුනු බංකුවක වාඩි උනා😆

එනව ඉස්සරහට..තමුසෙලා වගේ වීරයෝ ඉස්සරහට එන්න ඕන කාලේ..

ආයෙත් අණක් ලැබුනා.මොනව කරන්නද..මියෙම්වා රැකෙම්වා කියලා ඉස්සරහටම ගියා..

අන්න අතන තියන යකඩ පුටුව අරගෙන ඉස්සරහින්ම ඉදගන්නවා...”

මම හෙමීට ගිහින් පැත්තක තිබුන යකඩ පුටුවක් අරගෙන ඉස්සරහින්ම තියාගත්තා. මට දැන් කවුරුවත්ම පෙන්නේ නෑ😕

වටේටම කළුවරයි වගේ..දැන් මම තමා හෝල් එකේ ඉස්සරහම ඉන්නේ..සර් ආයෙමත් උගන්නන්න පටන් ගත්තා..මම ඉතින් පොත ඔඩෙක්කුවේ තියාගෙන ලියනවා. මොනවා කරන්නද..කොහොම හරි විවේකෙත් හම්බවුනා..කාටත් කලින් මම එළියට ගිහින් යාලුවොත් එක්ක සෙට් උනා..එතන වුන කතාටික අමුතුවෙන් කියන්න ඕන නෑනේ..විවේකේ ඉවරයි..

හුගක් අය හිතුවේ මම විවේකේ පනින්න ඇති කියලා..මම ආපහු ගිහිලා ඒ පුටුවේ වාඩි උනා..සර් බලාගෙන හිටියා. මොකුත් කිව්වේ නෑ..ටික වෙලාවකින් පිටිපස්සේ හිටපු එක්කෙනෙක් මට තට්ටුවක් දාලා කිව්වා එතන ඇවිල්ලා ඉදගන්න කියලා..මම එතෙන්ට ගියා.

හැබැයි තාමත් නිකන් හොල්මන් වගේ..පන්තිය 5 ට ඉවර උන ගමන් මම කාටත් කලින් එළියට පැනලා ගියා. හැබැයි බස් එකට නගින්න වුනේ යාලුවොත් එක්ක..පොඩි නමකුත් එදා මට යාලුවෝ ටික දැම්මා..ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. Hydraulic  Jack😀

ආය ඉතින් පංතියේදී වැඩිය දැගලුවේ නෑ..එදා වුන දේ දැන් නම් ඇත්තටම රසවත්. නැවත නැවත හිනාවෙන්න පුලුවන්..අපිට ඒ දවස් ගැන හිතලා සුන්දර විදිහට සතුටු වෙන්න හිනා වෙන්න පුලුවන් ඒකාලේ සුන්දරව ගත කරපු නිසයි..දැගලිල්ල,පිස්සු වැඩ කොහොමත් ඔය පාසල් යන හුගකගේ  තියනවනේ…තාමත් අපෙත් පිස්සු වැඩ තියනවනේ..කොහොම උනත් අපි ගත කරන හැම තත්පරයක්ම අපිට සුන්දරව,සිනාමුසුව ගත කරන්න පුලුවන්නම් එතන තමා ජීවිතයේ අරුත තියෙන්නේ🙂

තව එකක් කියන්න අමතක උනා..කීර්ති සර්ගේ Face book Group එකක් තියනවා. ඔයගොලෝත් කීර්ති සර්ගේ ගෝලයෝ නම් හරි කැමති නම් හරි ඒකට එකතු වෙන්න. කීර්ති සර් ගැන කියද්දි අනිල් සර් ගැනත් කියන්න ඕන..හිනාව,විහිලුව එක්ක ගණිතයේ පෙළහර පාපු සර් කෙනෙක් තමා අනිල් සර් 8)  ඒ කතා පස්සේ කියන්නම්කෝ. Anil සර්ගේ Face Book group එකට මෙතනින් යන්න. අන්තිමට කියන්න ඕන දේ තමා මොනව වුනත් අපිට  ගුරුවරුන්ගෙන් ලැබුන දේ හුගක් වටිනවා. දැනුම විතරක් නෙවෙයි,බාහිර දේවලුත්..ඒ ගැන අපිට වැටහෙන්නේ පස්සේ..ඒ හින්දා තම අපි අපේ ගුරු මව්වරුනට හා පියවරුනට ගරු කරන්න ඕන🙂

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, රස කතා and tagged , , , . Bookmark the permalink.

21 Responses to ඔන්න නයෙක් නයෙක්….☺☺☺

  1. Ansh Lucky Sri Jay says:

    මාවත් ඒ වගේ අතීතෙකට එක්කන් ගියා මේ පෝස්ට් එකෙන්.🙂

  2. මාත් ගියා කීර්ති සර්ගේ ක්ලාස්.. හොඳ සර් කෙනෙක්.🙂

  3. අම්මෝ !
    කීර්ති ස’රුයි අනිල් ස’රුයි ගැන කියන්න තියෙන රසකතා මාස ගානක් කියන්න පුළුවන්😛

  4. Naya says:

    නයෙක් නයෙක් කිවුවම නොකියවා පුළුවනැයි…මරු කතාව..සමහර අතීත මතකයන් හරි සුන්දරයි.!

  5. panhida says:

    @ Ansh Lucky Sri Jay- මේ වගේ සිද්දි අපිව අතීතෙට අරගෙන යනවා…🙂

    @ හෙළයා- ඔව් ඔව්..හොද සර් කෙනෙක්..

    @ තර්ඩ් මෑන් – ආයෙත් අහල…

    @ Naya- නයා නයි කතා කොහොමත් කියවන්න එපායෑ..

  6. Kanchana says:

    Hi Malli,
    Thanks for giving the hints of FB groups of Anil sir and Keerthi sir. Both are my teachers. The story brought me to 10 years back……..I was in the Anil sir’s last batch with 4 subjects. Wanna visit him one day….Thanks again malli.

  7. Abilin says:

    “පොඩි නමකුත් එදා මට යාලුවෝ ටික දැම්මා..ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. Hydraulic Jack ”

    අදනෙ දන්නෙ,
    වරෙන්කො………..

    • panhida says:

      උබත් කියෙව්වද….ආය ඔව්ව අනිත් අයට කියන්නේ මොකද..අපි අපිනේ😆

  8. uthmax says:

    කීර්ති සර්ගෙ කතා නම් නියමයි. හරිම තර්කානුකූලයි. මට තාමත් මැවිල පේනවා.

  9. ~ හා පැටික්කි (MS) ~ says:

    හා පැටික්කි ඇයි නිකමටවත් දැගලුවේ නැත්තේ….
    හා පැටික්කිට ඔය වගේ මතක් කරන්න දේවල් ඇත්තෙම නැති තරම් හන්ද දුක හිතුන…..😦 😦

    • panhida says:

      අයියෝ ඕක දුක් වෙන්න දෙයක් නෙවයි..හැමකෙනාම එක වාගේ නෑනේ..එකිනෙකාට අනන්‍යය ගතිගුණ,පුරුදු තියනවනේ..තමන් වගේ කෙනෙක් වෙන කොහෙවත් නෑනේ..ඒකයි වැදගත්,හිනාවෙලා ඉන්න🙂

  10. upulpp says:

    අපිත් කීර්ති සර් ගේ තමයි. අපේ පන්තිදීත් හොද හොද සිද්දි උනා … පස්සේ වෙලාවක ඒ ගැන ලියන්නම්කො.
    සර් තර්කානුකුල යි විතරක් නෙමෙයි, ප්‍රයෝගික දේ ගැනත් හොද අවබෝදයක් ලබා දෙනවා . ගොඩ දෙනෙක් තේරුම් නොගත්ත දේ තමයි සිර ගේ “නයි” වලින් පවා සර් මොනවා හරි දැනුමක් දෙන්න උත්සාහ කරනවා කියන එක.🙂

    • panhida says:

      ඔව් සර්ගේ අමතර කතා වලිනුත් හුගක් ගන්න දේවල් තියනවා…. 🙂

  11. palaamalla says:

    උබේ කොමෙන්ට් එක දැක්කට හිතුවේ නැහ සිද්දිය ලියයි කියලා… හිහි උබ කිව්වට ඔච්චර දරුනු සීන් එකක් කියල මම හිතුවෙ නැහ. හප්පොච්චියේ… හීන් දාඩිය මහ දාඩිය දාල ඉන්න ඇත්තේ නේ.

    හිහි ඒ කාලේ කරපු පිස්සු විතරයි දැන් හිනා වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ පරන යාලුවො එකතු උනහම.

    දැන් ඉතින් ඔහේ අර රේස් දුවන අශ්වයො වගේ දුවනව විතරනේ.

    • panhida says:

      ඒ වෙලාවේ ඉතින් අවුල් තමා..මොනවා කරන්නද ඉතින්..දැන් ඉතින් ඔව්ව මතක් වෙනකොටත් හිනා…. 🙂

  12. Hasiya says:

    පස්සේ කාලේ මතක් කරන්න ඉතුරු වෙන්නේ මේ වාගේ සුන්දර මතකයන් තමා. එල කතාව සහෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s