පිස්සු හදන රෙස්ලිං..මායාව තුළින් යථාර්තය…!!!


රෙස්ලිං..අද ලෝකයේ බොහෝ දෙනාගේ සිත් සතන් ඇද බැද තබා ගැනීමට සමත් වුන අපුර්වතම ක්‍රිඩාවක්. ඔයගොල්ලෝ අහල ඇතිනේඅර සිංදුවකුත් තියෙන්නේ ‘ජෝන් සීනා…..අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා….’🙂  මේකෙන් ජොන් සීනා පොඩි එකාගේ ඔලුවට ඇත්තටම ගැහුවා කියලා කියන්නේ නෑ😀 පොඩි එකා ජෝන් සීන ගැන පිස්සු වැටිලා කියන්නයි එහෙම කියන්නේ. ඔයගොලෝ දන්නවනේ ජෝන් සීනා කියන්නේ කවුද කියලා..දන්නේ නැති අය ඉන්නවනම් ඒක නොකියා දන්නව වගේ ඉන්න😛 සිංදුව ගැන දැන ගන්න ඕන නම් මෙතනින් යන්නකෝ.රෙස්ලිං ක්‍රීඩාවේ විවිධාකාර බෙදීම් තිබෙනවා. Freestyle wrestling, Submission wrestling, Beach wrestling ඒ වගේ. නමුත් ඒ සියල්ලටම වඩා වෙනස් මූනුවරකින් තමා අපිට හුරු පුරුදු වූ මේ වෘර්තීය මට්ටමේ රෙස්ලිං ක්‍රීඩාව තිබෙන්නේ.

ලෝකයේ ඉන්න බාල තරුණ මහලු බොහෝ දෙනා පිස්සු වට්ටන මොකද්ද මේ ඇමරිකානු මල්ලව පොර කියනන්නේ. ඔයගොල්ල්නට මේකේ ප්‍රචලිත බව ගැන මනා වැටහීමක් ගන්න පුලුවන් පොඩ්ඩක් වීඩියෝ පට අලෙවි සැලකට ගියොත්. ජෝන් සීනා,අන්ඩට් ටේකන්,හල්ක් හෝගන් වැනි පුද්ගලයන්ගේ අසීමිත ජනප්‍රියතාවය පිළිබදව හිතා ගන්න පුලුවන් වේවී. මෙම ක්‍රීඩාව කීප ආකාරයකින් වැදගත් වන්නකි. ක්‍රීඩාවක් ලෙස,සිනමා කර්මාන්තයට වැදගත් දෙයක් ලෙස හා සංස්කෘතික බලපැමක් එල්ල කළ හැකි දෙයක් ලෙසය.

අද ලෝකයේ බොහෝ දෙනාගේ මානසික මට්ටම පවා වෙනස් කිරීමට මෙය සමත් වී තිබීම එයට හොදම උදාහරනයයි. බොහෝ පාසල් සිසුන් පවා තමා බැටිස්ටා හෝ ජෝන් සීනා ලෙස සිතන්නට හා ක්‍රියා කරන්නට පටන් ගන්නවා. ඒ මේ රෙස්ලිං පිස්සුව නිසායි. ඇත්තටම මේ රේස්ලිං කියන්නේ තාත්වික ක්‍රීඩාවක්ද? නැත්නම් මායවක්ද? ඔන්න රෙස්ලිං කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය ඉන්නවනම් පල්ලෙහා තියෙන වීඩීයෝ එක බලන්නකෝ😀

කොහොමද…කට්ටිය මැරෙන්නේ නැතුව ඉතිරි වෙලා ඉන්න එක පුදුමයි නේද? ඇත්තටම මේ තාත්විකව පෙන්නන දේ ඇතුලේ හැංගිලා තියෙන යථාර්තය මොකද්ද? මැරෙන්න ඔන්න මෙන්න ඉන්න අය තව ටික දවසකින් තවත් මැච් එකක් සෙල්ලම් කරනවා. මේ ඇමෙරිකානු මල්ලව පොර ක්‍රීඩාවේ ප්‍රවීනයෙකු වෙන්න සටන් කලාවේ ප්‍රවීනයෙකු වීම අදාල වන්නේ නෑ..ඔහුට හෝ ඇයට, මම ඉතින් ඇය කිව්වේ කාන්තාවනුත් මේ ක්‍රීඩාවේ ප්‍රභල භූමිකාවක් නිසයි.පල්ලෙහා තියෙන වීඩියෝ එක නැරඹුවේ නෑ කියලා මම මොකුත් කියන්නේ නෑ😀

කොහොමද කාන්තාවන්ගේ වැඩ..කාන්තාවනුත් පිරිමින්ට දෙවැනි නෑනේ🙂 කිසියම් පුද්ගලයෙකු මෙහි ප්‍රවීනයෙකු වීමට, ඇත්ත යැයි විශ්වස ගැන්වෙන ලෙස බොරුව ඉදිරි පත් කිරීමට හැකිවිය යුතුයි. කෙටියෙන් කිවහොත් වන්නේ ඔහු හෝ ඇයට රගපෑමේ හැකියාව තිබිය යුතුයි යන්නයි. තරගයකට පෙර බූකී කරුවන් මගින් තරගයේ ජයග්‍රාහකයා හා පරජිතයා කවුරුන් විය යුතුද යන්න තිරණය වන අතර ඒ සදහා කොන්ත්‍රාත්තුවක් ද අත්සන් වෙනවා. තරග දිනයේදී වන්නේ කලින් සැකසූ තිර පිටපතට අනුකූලව රගපෑමේ යෙදීමයි. මේ පිළිබදව මනා වැටහීමක් පහත තිබෙන වීඩියෝ පෙළ ඇසුරෙන් ඔබට ලබා ගත හැකියි. වචනයෙන් කියනවාට වඩා එම දර්ශන ඇසුරෙන් මෙහි මායාවේ දොර ගුලු හදුනා ගත හැකියි.

පළමු කොටස-

මෙහිදී ක්‍රීඩකයා මූලික දෑ පහක් පිළිබදව දැන ගත යුතු වනවා.

1. The Body Slam  2.The Punch  3. The Stomp  4. The Kick  5. The Head Butt

ගැනයි. මෙම මූලික දේවල් පිළිබදව මනා පුහුණුවක් හා වැටහීමක් ක්‍රීඩකයාට තිබිය යුතුයි.

දෙවන කොටස

ක්‍රීඩාව තුලදී ක්‍රීඩකයන් අතර රහස් කතා බහක්ද පවතිනවා.

තෙවන කොටස

ක්‍රීඩාවේදී තරග තීරක වරයාද නාට්‍යයේ කොටසක් බවට පත් වනවා.

හතරවන කොටස

එසේම ක්‍රීඩාව නරඹන පුද්ගලයන්ද මේ නාටකයට සම්බන්ධ වනවා.

පස් වන කොටස

තමා විසින්ම කැපීමක් සිදුකරගෙන ලේ ගැලීම සටන අතර තුර වූ බව මනා ලෙස පෙන්වීමට ඔවුන්ට පුලුවන්.

මෙම ක්‍රීඩාවේදී අනතුරු හා මරණ ද සිදුවී තිබෙනවා. ක්‍රීඩකයන් නිසි ලෙස තම පහරවල්,ක්‍රියාවන් අනුගමන නොකිරීම,නොසිතු අනතුරු සිදු වීම මගින්  අනතුරට හා මරණයටද පත් වී තිබෙනවා.

විඩියෝ ටික වැඩි උනාද මන්දා🙂 මේ සියලුම වීඩියෝ පට  මනාව අධ්‍යනය කිරීමෙන් ඔබට යථාර්තය හා සැගවුනු මායාව පිළිබදව වැටහීමක් ලබා ගත හැකියි. ක්‍රීඩාවක් තුළ තිබිය යුතු සදාචාරය ඉක්මවා යමින් සමාජ පිළලයක් බවට මෙය අද පත්ව තිබෙනවා. අනාගතය භාර ගැනීමට සිටින පාසල් දරුවන් පවා මෙසේ ඇබ්බැහිවීමට ලක් වීම කණගාටුවට කරුණක්. නමුත් මෙහි තිබෙන මායාව ඔවුන් අවබෝධ කර ගත යුතු වනවා. එසේම මේ පිළිබදව සමාජයේ දැනුමත් වීමද වැදගත් වනවා. හුදෙක් සතුන් සේ සටන් වදිමින් එකිනෙකා මරා ගන්නා ක්‍රිඩාවක් තුලින් සමාජයට,රටට හා තමාට ලැබෙන දේ ගැන මීට වඩා ප්‍රභල ලෙස අවධානයට ලක් විය යුතුයි. ඉතින් මේ හුදු බොල් මායාවේ තිරපට ඉරා දැමිය යුතු නොවේද?

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ක්‍රීඩා, තර්ජන and tagged , , . Bookmark the permalink.

8 Responses to පිස්සු හදන රෙස්ලිං..මායාව තුළින් යථාර්තය…!!!

  1. මමත් රෙස්ලින් පිස්සෙක් තමයි කොල්ලා කාලෙ. තාමත් කොල්ලා තමයි. ඒත් ඉතින් ඕව බලන්න දැන් වෙලාවක් නෑ. ලිපියනම් වටිනවා.
    හැබැයි සමහර youtube වීඩියෝ නම් හරියට embedded වෙලා නෑ වගේ.
    පුලුවන්න ඒ ටික හරි ගස්සලා ආයෙත් දාන්න!

  2. Thushar says:

    මමනං මේක රගපෑමක් කියලා දන්නවා. ඒත් මගේම යාළු‍‍ෙවා සමහරු මා එක්ක වාද කරලත් තියෙනවා ඒවගේම සමහර අවස්ථාවල මම අර පහරවල් එහෙම නොරිදෙන්න ගහලා පෙන්වලත් තියෙනවා.

  3. අති විශිෂ්ඨයි

  4. නදී says:

    The Wrestler (2008) චිත්‍රපටය ඔවුන්ගේ ජීවිතයේ තවත් පැතිකඩක් පෙන්වනවා.

  5. සංදීපගේ මයික්කරපෝනය says:

    ඇත්තටම මේක නම් හුගක් වටිනවා……. මේක ඕකට පිස්සු වැටුනු පොඩි එවුන් ටිකට පෙන්නගන්න පුලුවන් වුනොත් ඕක බලන එක සෑහෙන්න අඩු වෙයි.. ලිපියනම් පට්ටයි🙂🙂

  6. panhida says:

    @ සංදීපගේ මයික්කරපෝනය -පිස්සු හැඩුන එවුන් ටික බැලුවොත් හොදයි..අවුල තියෙන්නේ උනගේ පිස්සුව හැටියට මේවා පිළිගයිද කියන එකයි..මේකෙන් කවුරු හරි ඇත්ත තේරුම් ගත්ත නම් ලොකු දෙයක්🙂

    @ නදී- ඔව් ඒකත් ඔවුන්ගේ ජීවිත වල පැතිකඩක් පෙන්වන්නක්.. 🙂

    @ චතුරංග රූපසිංහ – බොහොම ස්තුතියි🙂

    @ Thushar- ඒක ඇත්ත…සමහර අය මේක පිළිගන්න කැමැති නෑ…ඒ ගොල්ලෝ ඒ විදියට තමන්ගේ මනස හදාගෙනනේ ඉන්නේ…පොඩ්ඩක් රිදෙන්න ගහන්න තිබුනේ…. 😀

    @ රොකියා -වයසින් කොල්ල උනේ නැතත් හිතින් තාම කොල්ලෙක් කියල හිතන එක වටින දෙයක්…බොහොම ස්තුතියි..දැන් නම් ඔක්කොම වගේ වැඩ… 🙂

  7. palaamalla says:

    හික් හික් ලෝක බොරුවක්. ලස්සනට උන් රගපානවා. හැබයි මමත් ඕව බලනව වෙලාවක් ලැබුනම ඇත්ත කියල හිතාගෙන. එතකොට ගතියක් තියෙනවා. ඒත් සමහරු ( ගොඩ දෙනෙක් ) හිතන් ඉන්නෙ ඇත්ත ට ගහ ගන්නව කියලා.

    • panhida says:

      ලස්සනට රගපාන එකත් ලොකු හැකියාවක්..ඒක තමා එතන හැකියාව..ගහගන්න එක නෙවේ…ඒ වුනාට අපේ එවුන්ට ඕන ඒකනේ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s