කොහේ හරි අතරමං වෙයි කියල බයද..? ගන්න GPS Receiver එකක්…


මේ සැරේ අලුත් සෙමෙස්ටර් එකේ අපිට කරන්න හම්බුනා නැවුම් විෂයක්🙂 වර්තමානයේ බොහෝ සෙයින් ජනප්‍රිය, වේගයෙන් ඉදිරියට යන විෂයක්.  ඒ තමා remote sensing & GIS.

මොකද්ද මේ remote sensing & GIS කියන්නේ. GIS කියල කියන්නේ Geographic Information Systems, නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතිය. මෙහිදී කරන්නේ යම් කිසි ප්‍රදේශයක හෝ භූගෝලීය කොටසක භූගෝලීය තොරතුරු ලබාගෙන ඒවා විශ්ලේෂනය කිරීමේ ක්‍රියාවලියයි. ඉන් පසුව ඒවා සිතියම ගත කිරීමද සිදු කරනවා.  මෙය පරිඝණකය ප්‍රධාන කොටගත් ක්‍රියාවලියක්. මෙමගින් විවිධ ආයතන වලට එම දත්ත උපයෝගී කොටගෙන සංවර්ධන ක්‍රියාවලින් ඉතා පහසුවෙන් සිදු කළ හැකියි. GIS තුළ සිතියම්, දෙශික තොරතුරු, පින්තූර ආදිය ඇතුලත් වනවා. මෙම වුවමනා තොරතුරු ලබා ගැනීම සිදු කරන්නේ remote sensing හරහා.

මෙය ඇරඹුනේ 1800 දී පමන බැලුනයක් මගින් ඉහළ අහසේ සිට භූගෝලීය පෙදෙස් පින්තූර ගැනීමෙනුයි. ඔයගොල්ලන්ට මේ ගැන වැඩි විස්තර ඒ හා සබැදුනු සබැදි මගින් ලබා ගන්න පුලුවන්. අපිට මේ ලෙක්චර් එක තියෙන්නේ සතියට එක දවසයි. හවස 6.00 ඉදන් රෑ 8.00 දක්වා.පැය දෙකක්..මේක 150ක් 200 විතර කරන විෂයක්.ඇයි ඉතින් ඉගන ගන්න හිතෙන විෂයක් නේ. මටනම් ඉතින් පළවෙනි පැය ගිහිල්ලා ටිකක් වෙලා යද්දි එනවා නිදිමතක්..අම්මෝ…😀 ඒ වුනාට සර් දැක්කොත් අවුල්. අනිවාරයෙන් ප්‍රශ්ණයක් ෂුවර්.  ඒ හින්දා කාගෙන ඉන්නවා. මේකේ ප්‍රායෝගික වැඩත් තියනවා. ඒ පැය 4 ක් Arc GIS කියන sofware එකේ වැඩ කරන්න. පැය 4 ක් පරිඝනකයක් ඉස්සරලා වාඩිවෙලා ඉන්න එක කොච්චර ආතල්ද කියල ඔයගොල්ලෝ දන්නවනේ..😦 පහුගිය සතියේ සිකුරාදා අලුත් වැඩක් වැටුනා.  ඒ තමා GPS Receivers මගින් දත්ත එකතු කිරීම. මේ වැඩේට ඒ දවස විතරයි දාලා තිබුනෙ. මගේ වේලාවට මට එදා යන්න වුනේ නෑ..ඉතින් මොනව කරන්නද.. කට්ටිය ආතල් එකේ වලින් කැම්පස් එකේ ඇවිදලා දත්ත එකතු කරා කියලයි ආරංචි වුනේ..

ඉතින් මටත් හිතුනා ඕකට නොගිය එකේ මේ ගැන පොඩ්ඩක් තොරතුරු හොයන්න. මේක නිකන් අන්ධයා අලියා අත ගෑවා වගේ වෙයිද දන්නේ නෑ..බලමුකෝ ඉතින්. මොකද්ද මේ GPS කියන්නේ.  මේක නම් ඔයගොල්ලන්ට හුරු ඇති. GPS-GLOBAL POSITIONING SYSTEM. මේකක් ඔයගොල්ලන්ගේ අතේ තියනවනම් ඔය කොහෙහරි ගියහම අතරමං වෙන්නේ නැහැ.

අපි ඉන්න තැන නිවරදිව දක්වනවා.  පෘතුවියේ කොහේ හරි, පැහැදිලි අහසක් තිබෙන තැනක් ඉන්නවනම් ඉන්න තැන දශමෙට පෙන්නයි. Pocket GPS receiver එකක්  300$ වගේ මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

චන්ද්‍රිකා 27 සෑම විටම පෘතුවි අක්ෂය වටා භ්‍රමණය වනවා.  මින් 24 සෑම විටම ක්‍රියාත්මකයි.

අතිරේක තුන තිබෙන්නේ හදිසි බිදවැටීමක් සිදු වුනොත් ක්‍රියාත්මක කිරීමටයි. මේ චන්ද්‍රිකා දිනයකට සම්පුර්න වට දෙකක් පෘතුවිය වටා භ්‍රමණය වනවා. මේවා රදවා තිබෙන අන්දමට පෘතුවියේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක අඩුම තරමේ චන්ද්‍රිකා 4 ක් වත් තිබෙනවා GPS Receiver මගින් සිදු කරනුයේ මෙම චන්ද්‍රිකාවන් අතර දුර නිරණය කර ගෙන ඒ දත්ත ලබාගනිමින් තමා සිටින තැන ගණනය කිරීමයි.

මෙහිදි යොදා ගනු ලබන්නේ Trilateration නම් සරල ගණිතමය මූලධර්මයක්.  මෙය 2D, 3D ලෙස සංකල්ප දෙකකින් භාව්තා කරන පුලුවන්. 3D සංකල්පය තරමක් සංකීර්ණයි.  මේ සම්බන්ධ විස්තර ඒ හා බැදුනු සබැදියන් තුලින් ඔබට ලබා ගන පුලුවන්. මෙහිදී ලබා ගන්නා තොරතුරු මගින් ප්‍රථිඵල දෙකක් GPS Receiver විසින් ලබා ගන්නවා. ඒ අඩුම වශයෙන් අපිට ඉහළින් ඇති චන්ද්‍රිකා තුනක පිහිටිම සහ අපි සහ එම චන්ද්‍රිකාවන් අතර තිබෙන දුර. මෙම තොරතුරු ලබා ගන්නේ චන්ද්‍රිකා මගින් ලබා දෙන අධි සංඛ්‍යාත, රේඩියෝ තරංග භාවිතයෙනුයි.

ඉතා හොද උපකරණයක වැඩි receivers ගනනක් තිබෙනවා. මේ නිසා වැඩි චන්ද්‍රිකා ප්‍රමාණයකින් තොරතුරු ලබා ගත හැකි වෙනවා.

මෙවැනි දත්ත මගින් අපි සිටින ස්ථානයේ අක්ශාංස, දේශාංස,උස වැනි දේවල් පිළිබදව තොරතුරු ලබා දෙනවා. එසේම භාවිතයේ පහසුව සදහා සිතියම්ද මේවා තුල තිබෙන මතකයන් තුල ගබඩා කර තිබෙනවා. ඔබ ගමන් කරන වාහනයේ ගමන් කරන විට මෙවැනි උපකරණයක් යොදා ගැනීම තුලින් ඔබට තොරතුරු රැසක් ලබා ගත හැකියි. ඔබ ගමන් කර තිබෙන දුර, කාලය, වේගය,දළ වේගය, නියමිත දුර යැමට යා යුතු වේගය, සිතියමේ සිටිනා ස්ථානය වැනි දේවල්.. මෙය වර්තමානයේ බොහෝ විට, බොහෝ දේවල් සදහා භාවිතා වන්නක්. GPS උපකරණ පිළිබදව වැඩි දුර දේවල් මේ සබැදියෙන් ඔබට ලබා ගත හැකියි. මිලදී ගතයුතු GPS උපකරණ, ක්‍රියාකරිත්වය ආදිය..මෙහි ක්‍රියාව පිළිබදව අවබෝධය පහත වීඩියෝ මගින් ඔබට ලබා ගන්න පුලුවන්.

ඔය අන්තිමට තියන වීඩියෝ එක බලන්නකෝ…GPS Drawing ..මේකත් එළ වැඩේ..මොකද්ද කියන්නේ කියලා  බලලම ඉන්න…

ඉතින් කොහේ හරි අතරමං වෙයි කියල හිතෙනවනම් මේන් භාණ්ඩේ..මොකෝ කියන්නේ..ගමුද එකක්…  :)

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ගැජැට්, පේරා Campus and tagged , . Bookmark the permalink.

2 Responses to කොහේ හරි අතරමං වෙයි කියල බයද..? ගන්න GPS Receiver එකක්…

  1. Harindra says:

    ලංකාවේ ඉතින් GPS එකක් ගන්නවා කියන්නේ හරී අමාරු වැඩක්. මොකද ඉතින් ඒකත් තහනම් කරලනේ

    • panhida says:

      තහනම්….O.o
      දැන් ඉතින් ආරක්ෂක තත්වය හොද නිසා තහනම් ඉවත් කරනම් හරිනේ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s