ගතින් යහපත් කතාබහක්….


මම කලින් ලිපියෙන් කිව්වේ අපේ ගත නිහඩවම අපි ගැන කියන කතා කීපයක් ගැනනේ. අපි කතා කරන්නේ කටින් උනාට අපේ ගත අපිට හොරාම අපි ගැන කතා කියන බව දන්නවනේ🙂  හොද කායික කතා බහක් මගින් අපිට සමාජය තුල ලබා ගත හැකි තැන ඉහළයි.එසේම අපිව අන් අයට ප්‍රියමනාප පුද්ගලයෙකු වීමට අපේ කායික කතා බහ වැදගත් වනවා…අද මම මේ කියන්න යන්නේ කලින් කතාවටම සම්බන්ධ දෙයක්…මේකත් ලිපියක් ඇසුරෙන් තමා…මේකෙන් අපිට දැනගන්න දේවල් හුගක් තියෙනවා…

දෙපා හෝ දෑත් බැදගෙන හෝ එකිනෙක මත හරස් අතට තබාගෙන සිටින්න එපා.

කෙනෙකු සමග කතා කරන විට කෙලින් දෑස් දෙස බලන්න.එයින් ඔරවාගෙන බලා සිටීම අදහස් වන්නේ නෑ.පමනට වඩා ඔහුගේ දෑස් දෙස බලා සිටීමද ඔහු හෝ ඇය ඉවත බැලීමට හේතුවක්.දැස් දෙස නොබලා කතා කිරීම බොරුවක් පවසන බවට හෝ විශ්වාශයක් නැතුව යමක් පවසන බවට ඉගියක්.මේ නිසා අනෙක් තැනත්තාට අපහසුවක් නොවන ලෙස දැස් දෙස බලන්න.

එසේම කතා බහේ නිරත වනවිට උරහිස් නිදහස්ව තබා ගන්න.

වරින් වර හිස් සොලවන්න.හිස සෙලවීම මගින් අනෙකාගේ කතාවට සවන්දෙන බව ඉගි කෙරේ.

කෙලින් සිට ගැනීම හෝ කෙලින් අසුන් ගැනීම ඉතා වදගත්.

කතා කරන්න දෙසට තරමක් නැමීම සුදුසුයි.එයින් තමන් වුවමානාවෙන් සවන් දෙන බ්ව ඉගි කෙරෙනවා.එහෙත් පමනට වඩා නැමීම සුදුසු නෑ..

සිනහ උපදවන් කරුණක් පැවසූ විට සිනහ වීමට අමතක කරන්න එපා.එහෙත් තමන් විසින් සිනහ වන දේ පවසා මුලින්ම තමන් සිනා සීම සුදුසු නැහැ.එයින් හැගවෙන්නේ තමන්ගේ හීනමානය හෝ කූලෑටී බවයි.එසේම දිගින් දිගටම සිනහ වී ගෙන සිටීමද සුදුසු නැහැ.

කතා කරන විට මුහුණ අල්ලාගෙන සිටීම සුදුසු නැහැ.

හිස කෙළින් තබා ගෙන කතාකරන්න.හිස පහත් කර ගෙන කතා කිරීම අනාරක්ෂිත බවක් හගවනවා.

කෙනෙකු සමග කතා කරනවිට පපුව ඉදිරියෙන් කිසිවක් තබන්න එපා.එයින් දුරස් බවක් හා අරක්ස්ෂාවක් සපයා ගෙන ඇති බවක් හැගවෙනවා…

මෙසේ අපි සමාජය හා ගැටීමේදී සමාජය සමග මනා කායික කතා බහක් පවත්වා ගැනීමට හැකි නම් එයින් අපිට ලබා ගත හැකි දේවල් බොහොමයි…අපි බොහෝ සෙයින් නොතකන මෙවැන් දෑ පිළිබදව මීට වඩා අවධානයක් යොමු කිරීම වඩාත් සාරථක දිවීයකට හේතුවන බව නිසැකයි….

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, සම්ප්‍රදායන් and tagged , , . Bookmark the permalink.

7 Responses to ගතින් යහපත් කතාබහක්….

  1. tissa says:

    වැඩේ ලේසි නෑ වාගේ නේ…? මට ඔය අත් බැඳ ගන්න වැඩේ හැමතිස්සෙම කෙරෙනවා… හෙට ඉඳන් වත් බලමු අඩු කොරගන්න…. ස්තූතියි ඔබට…

    • panhida says:

      එක පාරටම ඔය ඔක්කොම හදාගන්න අපිට බෑ…ටිකෙන් ටික පටන් ගන්න එක තමා හොද…

  2. Suleka says:

    වටිනාම ලිපියක්. විහිලු තහලු, පරිගණව පාඩමි එක්ක මෙ වගේ ලිපිත් තියෙද්දි සින්ඩියට තවක් අලංකාර වෙනවා?

  3. වැදගත් ලිපියක්. පිලිපැද්දොත් ලොකු වෙනසක් කරගන්න පුලුවන් නේ?

  4. wath (sodurusitha) says:

    Kalin Post akath beluwa… Godak wedagath Lipiyak… Katha karanna giyama Mewa mathaka thiyagena karanna oni..aka thama getaluwa…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s