ගත නිහඩව පවසන දේ….


අපි ජිවත් වෙන සමාජයේ බොහෝ දෙනා තුළ බාහිර පෙනුමට වඩා ඇතුලත පෙනුම බොහොම වෙනස්. එලියෙන් එකක් ඇතුලෙන් එකක් කියලා කතාවක් තියනවා, ඔයගොල්ලෝ හුග දෙනෙක් අහලා ඇතිනේ. හුගක් දෙනෙක් හිනාවෙලා අපිත් එක්ක කතාබහ කළාට හිතේ ඇතුලේ තියෙන දේ අපි දන්නේ නැනේ…එකනේ සමහර වෙලාවට මිනිසා සතාට වඩා දරුණු වෙන්නේ. අපිට කෙනෙක්ගේ කතා බහට වඩා ඔහුගේ හැසිරීම් මගින් ඔහු ගැන ඔහුගේ ක්‍රියාව ගැන මනා දෑනීමක් ලබා ගන්න පුලුවන්🙂   මම මේ ටික දැක්කේ සගරාවක. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලන්ටත් වැදගත් වෙන්න පුලුවන්. කෝකටත් මේ අපිටත් හොරා අපි ගැන කියන දේවල් කියවලා බලන්නකෝ.

නිහඩ ගතින් කියන දේ….

කෙටි දුරක් කෙලින් ඇවිදීම-  කෙනෙකු හොද ආත්ම විශ්වාසයකින් සිටින් බවට සළකුණකි.

උකුළ මත දෑත් තබා ගෙන සිටීම- සුදානමකින් සිටින බව අගවයි.කලහකාරී බවද පෙන්වයි

සිටගෙන දෙපා හරහට දමා යාන්තම් දෙපා පැද්දීම-  ඒකාකරී බව පළ කරයි.

නියපොතු සැපීම- අනාරක්ෂිත බවේ, කුලෑටී බවේ ලකුණක්

මුහුණ බිමට නැඹුරු කර පසෙකට හැරවීම- විශ්වාස නැති බව කියා පායි.

නිකට ඇගිල්ලෙන් පිරි මැදීම-  තීරණයක් ගැනීමට උත්සහ කරයි

ඇගිලි වලින් යමකට තට්ටු කිරීම-  නොඉවසිලිබව කියා පායි.

දෙපා ඇත් කර ගෙන සිටීම-  විවෘත බව, විවේකී බව කියා පායි.

පපුව හරහා දෑත් බැදගෙන සිටීම-  ආරක්ෂිත බව කියා පායි.

සාක්කු තුළ දෑත් දමා ගෙන ඇවදීම-  ස්ථිර තීරණයක් ගැනීමට නොහැකි විට කරන දෙයකි...

හිසට පිටු පසින් දෑත් බැදගෙන දෙපා හරස් ලෙස තබා ගෙන සිටීම-  විශ්වසවන්ත බව, සුපිරි බව කියා පායි.

අල්ල දිග හැරීම-  විශ්වාසවන්ත බව, විවෘතබ,අවිහිංසක බව පෙන්වයි.

නාසය ඇල්ලීම, යාන්තමට ඇල්ලීම-  ප්‍රතික්ෂේප කිරීම, සැකය, බොරු කීම කියා පායි.

ඇස් ඇතිල්ලීම- සැකය, අවිශ්වාස බව කියා පායි.

හිස කෙස් අත ගෑම-  ආත්මවිශ්වාසය අඩුකම, අනාරක්ෂිතබවේ ලකුණකි

කණ ඇදීම-  දෙගිඩියාවක ලකුණකී.

දැන් පේනවනේ අපේ සිරුරේ ක්‍රියාවෙන් අපිට නොදැනුවත්වම ලෝකයාට පෙන්වන දේ..ඉහත කියපු හුගක් දේවල් අපි නොදැනුවත්වම සමහර අවස්ථාවලදී අපි කරන දේවල්.මේ ගැන අපිට හොද අවබෝධයක් තිබුනොත් පුද්ගලයා ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට පුලුවන්.විවිධ අවස්ථාවලදී අපි විවිධ පුද්ගලයන් හා ක්‍රියා කරන අන්දම එකිනෙකට වෙනස්.ඒ ඒ අවස්ථාවලදී අපි ඔවුන් සමග ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව මනා වැටහීමක් තිබිය යුතු වෙනවා.මනා කායික හැසිරීමක් තුලින් අපිට සමාජය තුළ ලබා ගත හැකි තැන ඉහළයි.ඔබ ඔබේ ඉරියව් ගැන මනා වැටහීමෙන් සිටින්න.එය ඔබට සමාජයේ තුළ ස්ථාවයක් ඇති වීමට හේතු වේවී🙂

පල්ලෙහා තියෙන විඩ්යෝ නැරඹිමෙන් මේ පිළිබදව තව දුරටත් මනා වැටහීමක් ගනීමට ඔබට පුලුවන් වේවී…

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, අපේ දේ, රස කතා and tagged , . Bookmark the permalink.

7 Responses to ගත නිහඩව පවසන දේ….

  1. niyama adahasa hamadam liyana api balanwa .jayawewa

  2. Wish says:

    ස්තූතියි ඔබට මේ ලිපියට

  3. wathso says:

    Dear Panhida

    Tikak wenas page akak. Kiyawanna godak de thiyanawa .Digatama liyanna.

  4. wath says:

    Dear Panhida

    Tikak wanas page akak. kiyawanna dewal godai… Digatama liyanna…

  5. වටිනාකම ගොඩයි. මෙ වගේ ලිපි දිගටම ලියන්න. කියවන්න කමිමැලිත් නෑ. දිග වැඩිත් නෑ. වටිනාකම ඒකයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s