ඉරට යටින් සදට යටින් කාලය පැන යනවා.. කාලය පැන යනවා…….


සතුට මිලයි

සැපත මලයි

නෙලුවොත් මල අතින් එකයි

පමා උනොත් මල පරවෙයි

පමා උනොත් මල පරවෙයි

ඉරට යටින් සදට යටින්

කාලය පැන යනවා

කාලය පැන යනවා……

මට මේ දේ මතක් උනේ අද මුණු පොතේ එහෙ මෙහෙ යද්දි මගේ මිතුරියක් එහි දමා තිබූ විඩීයෝවක් දැකලා🙂 ඇය සදහන් කර තිබුනු විදිහටම වාගේ මමත් කියන්නේ ඔබත් එය නැරඹිය යුතුයි කියලයි..අපිට කාලය කොයි තරම් වටිනවද…හුගක් දෙනා එක එක විදිහට ඒ ගැන කියයි. කාලය රන් හා වටී වගේ දේවල්…නමුත් අපිට කාලය කියන දේට වටිනාකමක් දෙන්න පුලුවන්ද? ඒකනේ ඉස්සර කාලේ ඉදලම කතාවක් තියෙන්නේ කාලය මිල කරන්න බෑ කියල. රන් වලට මිලක් දෙන්න පුලුවන් වුනාට කාලයට මිලක් දෙන්න අපිට බෑ. කාලය ඒ තරම්ම වටිනවා. අපිට කාලයේ අගය දැනෙන්නේ එක එක වෙලාවල් වලට එක එක විදිහට.

විභාගයක් ළං වෙලා හතර අතේ කැරකෙද්දී තමා මට නම් කාලයේ වටිනාකම හොදටම දැනෙන්නේ😀  අනේ තව දවසක්වත් තිබුනොත් හොදයි කියලා එතකොට හිතෙනවා😦  සමහර වෙලාවල් වලට අපි පරක්කු වැඩියි. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියලත් කියමනක් තියනවනේ. කාලය ගැන මොන මොන කියමන් තිබුනත් අපි කාලයෙන් නියම ප්‍රයෝජනය ගන්නවද කියලත් හිතන්න ඕන. සමහ අය එතකොට කියයි අනේ එහෙම හිතනත් වෙලාවක් යනවනේ කියලා…සමහරක් දෙනා කියන කතාවක් තමා අපිට කොයින්ද අනේ ඔව්වට වෙලාවක්. අනේ ඉතින් රටට සමාජයට තමන්ට වැඩක් වෙන දෙයක් කරන්න උනොත් හුගක් දෙනා ඒ විදිහට කියන එක නම් අනිවාරයයෙන් අහන්න පුලුවන්. ඒ වුනාට මේලෝ යකෙකුට වැඩක් නැති දෙයකට නම් යස අගේට වෙලාවක් තියනව. ඒකනේ මේ අපේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය මේ තරමටම ලෝකයම බබළවන්නේ.

අපි බැලුවොත් මිනිහෙක් ජීවත් වෙන්නේ මේ කාලේ හැටියට දින 30000 විතර. මගේ අම්මෝ….සමහර අයට බයත් හිතෙයි…මම මේ ඔය අවුරුදු 80 විතර දාලා කිව්වේ.ඉතින් ඔය කාලය ඇතුලත අපිට ජීවිතයේ ළමා,තරුණ,වයසක කාල තුනම ගත කරන්න වෙනවා හදිසියේ දෙයක් වුනේ නැති වුනොත්. ඉතින් අපිට දෙපයින් හිටගෙන සමාජයට,රටට,ලෝකයාට අඩුගනනේ තමන්ටවත් කියලා වැඩක් කරලා කියන්න තියෙන්නේ කොච්චර පොඩි කාලයක්ද ? අපිට සමහර වෙලාවකට ඔහේ කල්පනා කර කර ඉදිද්දි හිතෙනවා කොයි තරම් කාලයක් මම කාල දැම්මද කියලා. එතකොට තමා හිතෙන්නේ තමන් මොන තරම් කාළකණ්නි කෙනෙක්ද කියලා :-c  සමහර වෙලාවට අපි ඒ වෙලාවේ හිතට ඇරන්, ගට ඇරන් කාලයෙන් උපරිමය ඇරන් වැඩකරන්න පටන් ගන්නවා.ඒත් ඉතින් ටික වෙලාවයි.ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. එක වැඩක්වත් එක දිගට කරන්න අපිට බෑ. අනේද කියන්නේ…ඉතින් කොහොමද දෙයියනේ රටක්,ජාතියක්,මිනිහෙක් දියුණු වෙන්නේ.

අපි ලෝකය දිහා බලනකොට පේනවා සමහර රටවල් දියුණුවේ ඉහළටම ගිහිල්ලා. සමහරක් තාම පල්ලෙහා. මොකද්ද මේ රහස.ඒ රටවල් වලත් ඉන්නේ අපේ වගේම නහර,මස් වලින් හැදුනු මිනිස්සු. නමුත් කාලයෙන් ඒ ගොල්ලේ අපිට වඩා හරඹ පෙන්නන්න දන්නවා. ඒකයි එගොල්ලන්ගේ දියුණුවට පැහැදිලි හේතුව. සමහර අයට මොකක් හරි වැරදුනහම ආය ඒක හදාගන්න කාලය හරහා පස්සට යන්න හිතනවා. මටත් එහෙම හිතිලා තියනවා. ඒ වුනාව අපි දන්නවනේ කාලය ඇතුන් ළවාවත් අද්දවන්න බෑ කියලා. ඒ වුනාට ඔය සමහර අය නම් කියන්නේ ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි වේගයෙන් ගියොත් කලයේ ආපස්සට යන්න පුලුවන් කියලා. අනේ මන්දා…එහෙම යන්න පුලුවන්නම් ඉතින් කොහොමද…මල් හතයි නේ…අපි කළ යුත්තේ අපිට කළ හැකි දේයි…නමුත් අපි කරන්නේ අපිට කළ හැකි දෙයින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක්..එසේ සුලු දෙයක් කර මහා හීන ගොඩක් දැකීමට මමත් ඔබත් ආසා කරනවා. මේ ප්‍රයෝගික සත්‍යයයි. අපි අපේ උපරිමයෙන් ක්‍රියා කරන්නේ නම් ලෝකය ජය ගැනීම එතරම් අපහසු වෙන්නේ නෑ. අප ජීව්ත් විය යුත්තේ වර්තමානයේය. අතිතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේ නිවරදිව ක්‍රියාකර අනාගතය සවිමත් කළ යුතුයි. අනේ ඉතින් මෙව්වා මෙහෙම කිව්වට කොහොමද කරන්නේ..මේ අපිට එන ප්‍රශ්ණය.. එහි විවාදයක් නැත මක් නිසාද ලෝකය ජයගන්නේ ඉහත සිතුවිල්ල පරදැවූ අයවලුන්ය. ලොවේ පරාජිතයන් නොවන්නට, ජයග්‍රාහකයන් ඇති නොවේ.සමහර විටෙක මෙම චරිත දෙකම විවිද කාලයන්හීදි අප විසින් රග දැක්වේ.

ඉතින් නැලවී නැලවී සිටියා හොදටම ඇති..දෙපයින් ලොව ඉදිරියේ නැගී සිටින්න කාලය එළඹ ඇත…සමාජය,රට,ලෝකයා හා හෘදසාක්ෂිය ඔබ දෙස බලා සිටී.ඔබගෙන් ඉටු විය යුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන තුරු ඔවුන් බලා සිටීවී.තීරණය ඔබ අතේය.කාලය එරෙහිව සටන් වදින්න….ඔබ ජය ගන්නා බව නියතයි… ඉදින් අපිත් කාලය සමග ඉගිලෙමු. මක් නිසාද කාලය කා වෙනුවෙන් වත් නොසිටිනා බැවින්  :)

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, අපේ දේ, තර්ජන, සම්ප්‍රදායන් and tagged , , . Bookmark the permalink.

3 Responses to ඉරට යටින් සදට යටින් කාලය පැන යනවා.. කාලය පැන යනවා…….

  1. ඇත්තටම අපි කොයි තරම් කාලයක් නාස්ති කරනවද හැබෑටම..
    ඒත් ඉතිං ඒ නාස්ති කරනවා කියන කාලේ ආවස්තික අගය බැලුවාම, ඒකත් වටින අගයක් වෙන අවස්තා තියෙනවා..

  2. “කාලය කා වෙනුවෙන් වත් නොසිටිනා බැවින්”
    ඔය කිව්වට විධායක බලතල තියේනම් ඒක මහ වැඩක් නෙමෙයි (just fun)

    ela video eka ban.

    Yesterday is Hostory
    Tomorrow is Mystry
    Today is a Gift

    That is why it’s called present

    • panhida says:

      ආයෙත් අහල විධායක බලතල…..ගැණු පිරිමි,පිරිමි ගැනු කරන්න විතරයිලුනේ බැරි….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s