තවත් ඡන්ද ප්‍රථිපලයක් නම් නොවේ….


කාලෙකට පස්සේ උණුසුම් වෙලාවක තමා ආයෙත් බ්ලොග් ලිපියක් ලියන්න පුලුවන් උනේ.  2010 අවුරුද්ද පටන් ගත්තෙම විභාග වලින් නිසා මෙලෝ වැඩක් කරගන්න බැරිඋනා.  ලියන විභාගේ ඉවර උන ගමන්ම තමා ඡන්දේ පටන් ගන්තේ. තාම විභාග ඉවර උනේ නැති උනත් ඡන්ද සතිය නිවාඩු හින්දා ඡන්ද වැඩ වලට සහභාගී වීමේ අවස්ථාවක් මට හිමිඋනා.  ඒ පියා සමග ඒ කාර්යයට සහභාගී වීමට. මීට කලිනුත් එක් වතාවක් ඡන්ද වැඩ සදහා මම සහභාගී වී තිබුන නිසා මේ අවස්ථාවේදී ලොකු වෙනසක් දැනුනේ නැ. දන්නවනේ ඒ වුනාට ලංකාවේ ඡන්දය කිව්වහම. ඉවර වෙනකම් ෂුවර් නැ, මොනව වෙයිද කියල. මේ කාලේ ලංකාවේ නීතිය පොඩ්ඩක් හැංගිලා ඉන්න තැනුත් තියනවනේ. ඒ හින්දා ඒ වගේ තැනකට යන්න උනොත් ඉතින් සොරිම තමා. ඡන්ද දිනයට කලින් දිනයේ අදාල ඡන්ද මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වන සියලුම පිරිමි නිලධාරින් ඊට පෙර  දිනයේ ඡන්ද මධ්‍යස්ථානයේ සිටිය යුතු වෙනවා. ඒ නිසා ඡන්ද දිනයට පෙර දිනයේ එහි යා යුතු වෙනවා. ඒ හින්දා 25 වෙනි සදුදා උදැසනම නුවර දිස්ත්‍රික් ලේඛම් කාර්යාල වෙත පියා සමග ගියේ නියමිත ඡන්ද මධ්‍යස්ථාන එහිදී ලබා දෙන නිසා.

ඡන්දෙට කලින් සතියෙම ඉදලා කච්චේරියට වැඩක් කර ගන්න ගියොත් ලොකු කට්ටක් කන්න වෙනවා. මොකද ඒ කාලේ ඡන්දෙට මුලු කච්චේරියම වෙනස් කරල තියෙන්නේ. උදේ යද්දි මුලු පරිසරයම කලබලකාරී විදිහට තමා තිබුනේ. දන්නවනේ මේ ඉතින් ලංකාවේ ජනාධිපතිවරණයනේ. මේ සැරේ ඒක තවත් උණුසුම්. වෙනදා විවෘතව තිබෙන මාර්ග වසා දමා තිබුනු අතර මේ කාර්යට සම්බන්ධ බොහෝ දෙනා විවිධාකාර ලෙස තම කටයුතු කරනු දක්නට ලැනුනා. වෙලාවට වගේ ඡන්ද මධ්‍යස්ථානය විදිහට ලැබුනේ නුවර නගරයට කිට්ටු ඡන්ද මධ්‍යස්ථානයක් නිසා හිතේ එච්චර අවුලක් තිබුනේ නෑ. නුවර දිස්ත්‍රික්කයේ තියෙන දුෂ්කරම ඡන්ද මධ්‍යස්ථාන තමා උඩගල දෙබොක්ක, මිනිපේ, හසලක වගේ පැතිවල තියන ඡන්ද මධ්‍යස්ථාන. එවැනි සමහර ස්ථාන වලට හැතැම්ම පහ හය තරම් දුර පයින් යන්න තියනවා.සමහර ස්ථාන වලට යාමේදී යැමට තිබෙන්නේ කැල මැදින්. මෙවැනි අවස්ථාවලදී අලි තර්ජන පවා තිබෙන බවත් පැවසෙනවා. ඒ නිසා නුවර නගරයට කිට්ටුව ඡන්ද මධ්‍යස්ථානය් ලැබීම හොදට ගියා.

යාමට නියමිතව තිබු ස්ථානය තහවුරු කරගැනීමෙන් පසුව නියමිතව තිබුනු ස්ථානය කරා පිටත් වීමට තිබුනා. නමුත් යාමට තිබුනු වාහනය සොයා ගැනිමට හතර අතේ කරක් ගැසීමට සිදුවුනේ ඡන්දය සම්බන්ධ කාර්යයන් වල අඩුලුහුඩු කම් පෙන්වමින්. මධ්‍යස්ථාන හතරක් සදහා ගමන් පහසුව සැපයිම එම රථය මගින් සිදුකරනු ලැබූ අතර බොහෝ දෙනාට තමාට නියමිත වාහනය සොයා ගැනීම්ට නොහැකි වීම නිසා පිටත්වීම පැය එක හමාරක් පමන ප්‍රමාද වුනා. කෙසේ නමුත් අදාල ස්ථානයට දහවල් වනවිට යාමට හැකි වුනා. මෙහිදී ඡන්ද වැඩකටයුතු වලදි මෙයට අදාල සෑම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඉතාමත්ම වැදගත්. ඒ අතරින් ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධ කටයුතු වලදී එහි ග්‍රාම නිලධාරීවරයාගේ කටයුතු ඉතාමත්ම වැදගත් වනවා. ඡන්ද මධ්‍යස්ථානය සැකසීම,එහි සේවයේ යෙදෙන අය සදහා අහාර පාන, සනීපාරක්ෂක කටයුතු සැපයීම, නවාතැන් පහසුකම් සැපයීම ආදී කටයුතු සිදු කිරීම සිදු කල යුතුයි. නමුත් මෙහිදී  අප හා කටයුතු කළ ග්‍රාම නිලධාරිතුමාගේ කටයුතු අඩුලුහුඩුකම් වලින් යුතු වීම නිසා සැමගේ තිබුනේ මදක් නොසතුටුකමක්. කෙසේ නමුත් එදින නින්දට යනවිට පසු දින සදහා සියලු කටයුතු සූදානම් කර තිබුනා.

උදැසන 6 වන විට මෙම කටයුත්ත සදහා සම්බන්ධ සියලු දෙනා මධ්‍යස්ථනය වෙත පැමින තිබුනු අතර, උදැසන 7 වන විට ඡන්දය දැමීමේ කටයුතු ඇරඹුනා. ඒ වනවිට ඡන්දය දැමීම සදහා දිගු පෝලිමක් දක්නට ලැනුනා. උදැසනම පිරිමි පාර්ශවයේ ඡන්දය දැමීමේ උනන්දුව වැඩි වශයෙන් දක්නට ලැබුනා. මුල් පැය හතර පමණ වනවිට අදාල ඡන්ද ගනනින් භාගයක් පමන ඡන්දය භාවිතා කර තිබුනා. ඡන්ද වැඩ සදහා සහභාගී වීමට ලැබීම අලුත් අත්දැකීම් මගේ ජීවිතය එක් කර ගැනීමට අවස්ථාවක් ලැබීමක්. විව්ධාකාර පුද්ගලයන් හා කටයුතු කිරිමට අවස්ථාවක් ලැබීම,වෙනස් කටයුත්තක් සදහා එක් වීමට ලැබීම, විවිධාකර රසවත් සිදූවීම් වලට මුහුන දීමට ලැබීම මේ අතරින් වැදගත්.

මෙදින සමහර පුදගලයන් සදහා ඡන්දය භාවිතා කිරීමට අවස්ථාවක් නොලැබුනේ ඔවුනට තම අනන්‍යතාවය ස්ථිර කිර්‍රිමට බැරිවීමෙනුයි. මෙහිදී දක්නට ලැබුනු ප්‍රධානම කරුන වූයේ බොහෝ දෙනා තුල තිබෙන නොදැනුවත් කමයි. සමහර පුද්ගලයින් කතිරය සලකුනු කය ලුතු ස්ථානය පවා ඡන්ද කටයුතු නිලධාරීන්ගෙන් විමසිම දක්නට ලැබුනා. මෙයින් සමහර අය යොවුන් වියේ පසුවන අයවලුන් වීම කණගාටුවට කරුනක්. සමහරක් පුද්ගලයන් හැදුනුම්පත රැගෙන විත් නොතිබීම නිසා නැවත නිවෙස් කරා ගොස් හැදුනුම්පත් රැගෙන ඒමට ඔවුනට සිදුවුනා. මේ අතර හොර ඡන්ද දැමීමට බීමත් පුදගලයෙකු දෙතුන් වතාවක් උත්සහ කිරීමද දක්නට ලැබුනා. මතින් සප්පායම් වී ඡන්දය දැමීමට පැමිනි ඔහු ග්‍රාමනිලධාරීයා විසින් ලබාදුන් තාවකාලික හැදුනුපත ඉදිරිපත් කරමින් ඡන්දය දැමීමට උත්සහ කළා. නමුත් එම හැදුනුම්පත වලංගු නොමැති බැවින් ඔහු හරවා යවනු ලැබුවා. නමුත් පැයකින් පමන පසු තවත් පුද්ගලයෙකු සමග පැමිනි ඔහු දැඩි තර්ක ඉදිරිපත් කරමින් තර්ක කරේ ඔහුට තම ඡන්දය දැමීමට අවස්ථාවක් තිබෙන බවය. ඒ අවට ප්‍රදේශයම දුගධ්න් පුරවමින් තර්ක කල ඔහු අවසානයේ පොලිස් මැදිහත්වීමේන් ඡන්ද ස්ථානයෙන් ඉවත්කරනු ලැබුවා.සමහර පුද්ගලයින් ඡන්දය දැමීම සදහා පැමින තිබුනේ තමාට අදාල ඡන්ද මධ්‍යස්ථානය නිසි ලෙස හදුනා ගැනීමෙන් තොරවයි. එසේම බොහෝ වයසක පුද්ගලයින් තම ඡන්දය ප්‍රකාශ කලේ මහත් භක්ති ආදරයෙනුයි. ඡන්ද පෙට්ටියට දොහොත් මුදුන් දී වැදීමද ඒ අතර දක්නට ලැබුනා.

කෙසේ හෝ අවසානයේ පස්වරු හතර පමන වන ව්ට සාමකාමී අයුරුන් ඡන්ද විමසීම අවසන් වීම සිදු වුනා. ඉන්පසුව නුවර ඡන්ද එක් රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි රැගෙන පැමිනියා. නමුත් ඡන්ද පෙට්ටි භාරගැනීමේදී එහි සිටි නිලධාරීන්ගේ ක්‍රියාකලාපයේ අඩුලුහුඩු බෙහෙවින් දක්නට  ලැබුනා. නිසි තැනට නිසි පුද්ගලයා නොමැතිවීමේ, ලංකාවේ රාජ්‍ය සේවයේ දැවන්තම සිදුරේ විපාකය මෙහිදීත් දක්නට ලැබුනා. අවසානයේ කෙසේ හෝ නව අත්දැකීමක් දිව්යට එක් කර ගැනීමට මට හැකිවුනා.

මේ වන විට ප්‍රථිපල නිකුත් වී අවසන්. දැන් තිබෙන්නේ යුද්ධයකින් ජය ගත රටේ ඉදිරි කාර්යභාර්යයි.මේ සදහා සියලු දෙනාගේ එක් විම වැදගත්.නව ජීවයකින් හෙබි රටක ළාහිරු පිබිදේවායි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පරිසරය, සම්ප්‍රදායන් and tagged , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s