අයියෝ ආයෙත් විභාගේ….:(


ඔන්න ආයෙමත් විභාගයක් ළග එනවා.කැම්පස් ආපු දවසේ ඉදන් විභාග ලියනව ලියනවා ඉවරයක් නෑ😦 සෙම්ස්ටර් එක පටන් ඇරන් මුල් සතියේ පොඩ්ඩක් නිවී සැනසිල්ලේ ඉන්න පුලුවන්🙂  ඊට පස්සේ quiz කියලයි, mid කියලයි,end කියලයි එක දිගට විභාග.ලංකාවේ හැර වෙන ලෝකේ කිසිම රටක් නැතුව ඇති මෙච්චර විභාග තියන.ඇයි කියක් කියලා විභාග තියනවද ලංකාවේ. හැබැයි මේවයින් භාගෙට භාගෙයක් තියන්නම් වාලේ තමා තියන්නේ.සමහර විභාග වල ප්‍රශ්ණ පත්‍ර වල දෝෂ, සමහර විභාග වල විභාග අක්‍රමිකතා…මොකක් හරි අවුලක්.

මේ සෙමෙස්ටර් එකේ end එක ළගදිම පටන් ගන්නවා.දැන් ඉතින් යකා බැද ගත්තා වගේ…අපිට නම් ඉතින් යකා බැද ගත්තා කියලත් වැඩි වෙනසක් නම් නෑ….යකාට උවමනාව තිබුනත් අපිට තියෙයි කියලය😀  එන සති ටිකේ හුගක් දෙනා ඉන්නේ බොග විකාරෙන්.ඒත් සමහර අය මැදුම් පිළිවෙත අනුගමනය කරමින් සැහැල්ලු සිතින් යුතුව වැඩ කරනවා.විභාගේ කියලා මැරෙන්නය…තව එකක්, හුගක් දෙනා හිතන් ඉන්නේ කැම්පස් ආපුවහම ආතල් තමා කියලා.අනේ මන්දා…ඇකඩමික් වැඩ දැක්කහම මොකට කැම්පස් ආවද කියල හිතෙනවා…. මොනව වුනත් campus ආවට පස්සේ degree එක ගන්න ඕන නම් ඉතින් කැම්පස් එකේ වැඩ ටික හරියට කරන්න වෙනවා. ඉතින් අන්තිමට මේ සැරේ අපේ මේ end කරන අයට end එකෙන් end නොවී සාර්ථකව end එක කර ගැනීමට හැකිවේවායි පතනවා….

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in තර්ජන, පේරා Campus, රස කතා. Bookmark the permalink.

4 Responses to අයියෝ ආයෙත් විභාගේ….:(

  1. Buddika says:

    elatama goda daanna aiya,gdluck

  2. Wish you all the best malli !!

  3. panhida says:

    සුභ පැතුවට ස්තුතියි…. 🙂

  4. විභාගය හෙොාදට ලියන්න මං සුභපතනවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s