අපිට සමහර වෙලාවල් වලට සිසිල් බීම විදුරුවක් එහෙම සිසිල් කර ගන්න වෙනවනේ…ඒ වෙලාවට ෆිජ් එකට දාන එක තමා කරන්නේ…දැන් ඉතින් අපිට ඒ වැඩේ පරිඝනකය ළග ඉදන්ම කරන්න පුලුවන් USB ෆ්රි<ජ් එක නිසා. හුගක් දෙනා සමහරවිට මේ ගැන දන්නවත් ඇති. පරිඝනකයේ USB port එකට සම්බන්ධ කරමින් සිසිල් බීම් වීදුරුව සිසිල් කිරීම සිදු කළ හැකියි. බොහෝ විට විනාඩි පහක් පමන ඇතුලත සිසිල් බීම වීදුරුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා සිසිල් වීම සිදුවේ. කෙලින්ම USB Port එකට සම්බන්ධ කිරීමෙන් පසු මෙය ක්රි-යා කල හැකිය. පරිඝනක මේසය වඩාත් හැඩ කරරන්නට සේම පරිඝනකය අසල වැඩෙහි යෙදන විට සිසිල් බීමක තොල ගාන්නට මෙය කදිම උපකරණයකි…
ඒ වගේම ඔයගොල්ලන්ට ගෙදරදී උදේට හදල දෙන තේ එක නිවිල කියල කෑගහන්න ඕනෙත් නෑ…මෙම උපකරණයෙන් සිසිල් දෙයක් උණුසුම් කර ගන්නත් පුලුවන්….පල්ලෙහා තියන වීඩියෝ එකත් බලන්නකෝ…
Advertisements
විනාඩි 5න් Celcius 5 ට???
නිකං ෆ්රිජ් එකකින් වත් එච්චර වේගෙන් කූල් වෙන්නෑ නේ. !
මෙතනදී සිසිල් බීම වීදුරුවක් වැනි කුඩා දෙයක් නිසා ඉක්මනින් සිසිල් කිරීම කල හැකියි… 🙂