අම්මේ ගෙදර යමු නේද….?


ඔන්න අද අහම්බෙන් වගේ මට අවස්ථාවක් ලැබුනා පින් කටයුත්තකට සහභාගී වෙන්න.  විභාගේ කටේ ඉදගෙන උනත් පින් අතේ වැඩක් නිසා මම පස්ස ගහන්නේ නැතුව ඒ වැඩේට ගියා🙂 .  වැඩේ තමයි වැඩිහිටි නිවාසයකට දනයක් දීම.  මේ අවස්ථාව මට වැදගත් උනේ මම මීට කලින් මේ වගේ වැඩිහිටි නිවාසයක දානයක් සදහා සහභාගී වෙලා නැති නිසා.  නමුත් අහම්බෙන් හරි මේ අවස්ථාව මට ලැබීම  නව අත්දැකීමක් ලබා දුන්නා.  ස්ථානය වුනේ රඹුක්කන නගරය කිට්ටුව තිබෙන “අශෝක වැඩිහිටි “නිවාසය.  මම තව මගේ නෑදෑ වන අක්කා කෙනෙකු සමග වැඩිහිටි නිවාසයට ගියේ උදෑසන 10 ට පමන.  අපිට භාර වී තිබුනේ දවල් දානයයි.  පැරණි නිවසක පිහිටා තිබෙන මෙම වැඩිහිටි නිවාසය තුල අපේම අම්මලා හා අපේම තාත්තලා වගේ ඉන්න අම්මලා හා තාත්තලා 25 පමන සිටිනවා.  නමුත් හේතුවකට හෝ අහේතුවකට ඔවුන් මෙහි කල් ගෙවන්නේ තමන්ගේ දයාබර දරුවන්, නෑදෑවරුන් ගෙන් ඈත්වයි.  දරුවන්, නෑදෑයන් ඉන්නවනම් මොනවටද මේ වැඩිහිටි නිවාසයකට ඇවිත් ඉන්නේ.

නිරායසයෙන් හිතට නැගෙන ඒ ප්‍රශ්ණය පහැදිලි, අපැහැදිලි උත්තර රාශියක් අපිට ලබා දෙනවා.  මිනිසුන් සෑම කෙනෙක්ම යම් කිසි කාලයකදී දරුවෙක්. යම් කිසි කාලයකදී තරුණයෙක්. යම් කිසි කාලයකදී මහල්ලෙක්. මෙලොව එළිය දකින් සෑම මිනිසෙකුම මෙම අවස්ථා තුනට ඔහුගේ fatherකැමැත්ත හෝ අකැමැත්ත මත , ඔහු අකල් මරණයකට ගොදුරු නොවේ නම් මුහුන පානවා.  බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ දෙසූ ලෙස දමාපියන් හා දරුවන් එකිනෙකාට ඉටු කල යුතු යුතුකම් මගහැරීම නිසා අද සමාජය තුල පැන නැගී තිබෙන මෙවන් වූ සංකීර්ණ තත්වයන් සැබැ සමාජයම ගැටලු මතු කරන්නේ සංස්කෘතික, ධාර්මික පරිහාණියක් ඇතිකරමිනි.  කර දඩු උස් මහත් වෙන තෙක් නොවිදීනා දුක් විදිමින් තම දරුවන් තමන් නොලද සැප ලබීමට සුදුසු පුද්ගලයන් කරනු රිසියෙන් දිවා රෑ වෙහෙස විදින දෙමාපියන් අවසානයේ ලබන ඵලය මෙය නම් ඔවුන්ගේ වෙහෙස ගගට කැපූ ඉනි මෙන් නොවන්නේද…

මෙහිදි ඇති හාස්‍යය මතුකරන කරුණ වන්නේ මෙවන් තත්වයකට තම දෙමාපියන් පත් කරන දරුවන්, යම් කිසි දවසක තමාද මෙවැනි තත්වයකට පත් වනු ඇතැයි නොසිතීමය.  දිඨ්ටදම්මවේදීනය කර්මයන් ඵල දෙන විට ඔහු පමා වැනිය. මෙය පුලුල් මාතෘකාවකි..කතා කල හැකි දේ බොහෝය…නමුත් ඇවැසි වන්නේ කතාව නොවේ..මෙවන් දැ දකින ඔබ අඩු තරමින් තමන්ගේ දෙමාපියන්ට සැලැකීමට සිතට ගත යුතුය..අඩු තරමින් එසේ ඔබ සිතිය යුත්තේ ඔබ කෙදිනක හෝ මවක් හෝ පියෙක් වන බැවිනි.. තමා තමන්ගේ දෙමාපියන්ට නොසැලැකූ විට, තමා එවැනි තත්වයකට පත් වූ අවස්ථාවේදී තමන්ගේ දරුවන් තමන්ට නොසලකන අවස්ථාවක් ඇති නොවේයැයි කිව හැක්කේ කාටද. එවැනි තත්වයක් ඇති වීම සැබැවින්ම සරදමකි.

dsc-4466අද රටේ වැඩිහිටි නිවාස සැම නගරයකම පාහේ ඇත. මා අද ගිය වැඩිහිටි නිවාසය සදහා රජයෙන් එක් වැඩිහිටි නේවාසිකයකු සදහා වෙන් කරනුයේ දවසකට රුපියල් 12 වැනි සුලු මුදලකි. රජය මෙවැනි මුදලක් ඔවුන් සදහා වෙන් කරන්නේ ඔවුනට මෙම සමාජ කොටස නොවැදගත් නිසාය..නමුත් ඔවුන් අපේ සමාජය තුල සිටින මවකි. පියෙකි. අප වටහා ගත යුත්තේ එයයි.  මෙවැනි නිවාස වල සිටින මව්වරුන්ගේ පියවරුන්ගේ දෙනෙතට නැගෙන කදුලු වලට වගක්වයුත්තෝ කවුරුන්ද…??? වගකිවයුත්තෝ සිටින්නේ සමාජයේ අප අතරය……අපි කුමක් කල යුතුද…?? ඔවුන් කුමක් කල යුතුද..???

අවසානයේදී වැඩිහිටි නිවාසයේ දුර්වර්ණ වී ගිය බිත්තියක් ගසා තිබුනු කවි වැලක් ඔබගේ මනසේ රස විදීමට දක්වමි.

අම්මේ ගෙදර යමු නේද?


1.  වැඩිහිටි අයට හැත්තෑපස් විය                                       ගෙවුන

වැඩිහිටි දිමනාවක් දෙනවලු                                                 වටින

වැඩිහිටි නිවස වෙත ගොස් අපි                                      කඩිනමින

අඩ ගහ ගෙන එමුද අම්මා එහි                                             සිටින


2.  ඒ සන්දීයේ කෙරුණ මුත් පොඩි                                අඩ දබර

නෑ දැන් කල ගෙවෙනවා සාමය                                         පැතිර

ලේලිත් කියනවා අම්මගේ හොද                                        නිතර

පාලුයි ඔබ නැතුව අම්මේ යමු                                           ගෙදර


3. ගත දුබලව වයස් ගත වී මෙහි                                     පැමින

හිත සැනසිල්ලේ ඉන්නා අය ඇත                                 මෙතැන

නැත වැඩි කලක් හිදිනව සිටියත්                                කොතැන

පුත මට පාලු නැත මම ඉන්නම්                                  මෙතැ

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, තර්ජන, සම්ප්‍රදායන්. Bookmark the permalink.

2 Responses to අම්මේ ගෙදර යමු නේද….?

  1. මටත් ඔය අත්දැකීම තියෙනවා..ඒ මිනිස්සු දානේදීලා ඉවර වෙලා එනකොට, කදුලු පුරෝගෙන අපේ දිහා බලං ඉන්න හැටි, දවස් ගානක් තිස්සේ මගේ හිතේ හොල්මන් කරා.. හරිම සංවේදී අත්දැකීමක්….

    • panhida says:

      මම එතෙනට ගියාම මගෙනුත් මොකද්දෝ වැරැද්දක් වෙලා ඇති කියලා මට හිතෙනවා…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s