මොළයට හානිදායක වන පුරුදු


හුගක් වෙලාවට හුගක් දෙනා හුගක් අයට කියන කතාවක් තමා “මේකට මොළේ කළදක්වත් නැ” කියන එක😀  හුගක් අය මේ කතාව කියල ඇති… තවත් අය අහගෙනත් ඇති. කොහොම උනත් මම මේ කියන්න යන්නේ අපේ මොළේ ක්‍රියාකාරීත්වය විනාශකරන නරක පුරුදු කිහිපයක් ගැන. පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න ඔයගොල්ලොන්ටත් මේ නරක පුරුදු තියෙනවද කියලා :( 

– උදේ ආහාර නොගැනීම:- උදේ ආහාර නොගැනීම නිසා බොහෝ දෙනා   තුල පහල රුධිර මට්ටමක් ඇති වෙනවා. මේ නිසා අපගේ මොළයට නිසි පරිදි පෝෂණය නොලැබීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය යම් මට්ටමකින් පහල බසිනවා.

– අවශ්යය ප්රමාණයට වඩා අනුභවය:- මෙම තත්වය නිසා මොලය හා සම්බන්ධ ධමනි රුධිර නාළ දැඩි බවට පත් වනවා. මෙම තත්වය නිසා මොළයේ ක්‍රියාකාරිත්වය පහළ බසිනවා.

 

– දුම් බීම:- මේක ඇහුවම සමහක් අයගේ මුනුත් අමුතු වෙයි. මෙම පුරුද්ද නිසා මොළයේ හැකිලීමක් ඇතිවිය හැකි අතර මෙම තත්වය නිසා Alzheimer නම් රෝග තත්වයක්ද ඇති වෙනවා. 

– අධික සීනි භාවිතය:- මෙනිසා සිරුර තුලට ප්‍රෝටීන ආදී පෝෂජනකයන් අවශෝෂනය කර ගැනීම අවම කරන අතර මෙය මොළයේ ක්‍රියාවට දැඩි ලෙස බලපානු ලබනවා. 

– වායු දුෂණය:-අපගේ සිරුරේ තිබෙන වැඩි ලෙස ඔක්සිජන් පරිභෝජනය කරන කොටස තමා අපේ මොළය. මෙනිසා දුෂණයට ලක් වූ වායු ග්‍රහණය කර ගැනීම නිසා අපගේ මොළයේ ක්‍රීයාකරීත්වය අඩුවෙනවා. 

– නිදාගැනීමට තිබෙන අසීරු බව:- මේක නම් හුග දෙනෙකුට නැතුවත් ඇති. මෙනිසා අපගේ මොළයට ලැබිය යුතු විවේකය අවම වන අතර මෙනිසා අපගේ මොළයේ තිබෙන සියුම් කොටස් විනාශ වීමේ අවධානමක් පවතිනවා. 

– නිදාගැනීමේදි හිස වසා නිදාගැනීම:-මෙහිදි CO2ප්‍රතිශතය ඉහළ යන අතර O2 වායුවේ ප්‍රමාණය පහල බැසීමකට ලක් වනවා. මෙය මොළයට හානිදායක තත්වයක්. 

– අසනීප අවස්ථාවලදි මොළය වෙහෙසීම:- මෙම අවස්ථාවන් වලදී හුගක් දෙනා තමන්ගේ අසනීප තත්වය නොසිතා ක්‍රියා කරනු ලබනවා. මෙම තත්වය නිසා මොළයේ අනවශ්‍යය ලෙස ක්‍රීයාකාරීවීම හේතු කොට ගෙන මොළයට හානී පැමිනීම සිදු වෙනවා. 

– පරිකල්පනය සදහා සිදුවන උත්තේජනයේ අඩු කම:- මෙම තත්වයෙන් මීදීමට නම් සිදුකල යුත්තේ මොළයට, සිතීම සදහා හොදින් පුරුදු පුහුණු කිරීමයි. නැත්නම් මොළයේ හැකිලීමක් සිදුවනවා. 

– කතා බහ කිරීමේ අඩු කම:- පුද්ගලයන් හා කතා බස් කීරීම තුලින් මොළයේ ක්‍රියකරීත්වය වර්ධනය වන බව පැවැසෙනව. 

මොළය කියන කොටස අපගේ සිරුර තුල තිබෙන ප්‍රධානම අවයවයක්. අපගේ ස්නායු  පද්දතියේ මූලිකයා වන්නේද මොළයයි. දළ ලෙස බිලියන 100 පමණ නියුරෝන අපගේ මොළය තුල එකතුවී තිබෙනවා.ක්‍රියාකාරිත්වය හදුනා ගැනීමට අපහසු මෙම මොළය රැක ගැනීම අප සතු වගකීමක්.

ඉතින් සමහර විට ඔබටත් මේ වගේ පුරුදු ඇති. ඔබටත් සමහර අය මොළේ කලදක්වත් නෑ කියල කිව්වොත් උඩ කිව්ව පුරුදු තිබෙනවද බලන්න.

 

 

 

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, තර්ජන, පරිසරය, රස කතා. Bookmark the permalink.

7 Responses to මොළයට හානිදායක වන පුරුදු

  1. මළා! 6-7 (සමහර කාලෙට 8ත්) තියෙනවා නොවෑ..

    දැන් ඉතින මොලේ වඩන හැටිත් කිව්ව නං එළ..

    • firefoxbeta says:

      මොළේ වඩන්ටනම් පුතේ…ඉස්සෙල්ලම ඔව්ව අතරින්න වේවි….

  2. – අධික සීනි භාවිතය:- මෙනිසා සිරුර තුලට ප්‍රෝටීන ආදී පෝෂජනකයන් අවශෝෂනය කර ගැනීම අවම කරන අතර මෙය මොළයේ ක්‍රියාවට දැඩි ලෙස බලපානු ලබනවා.
    මේක මට පැහැදිලි මදි. මම දන්න විධියට නම් මොළයේ ක්‍රියාකාරීත්වයට ප්‍රෝටීන අවශ්‍ය නැහැ.

    • firefoxbeta says:

      මොළයේ නියුරෝනයන් මූලික ලෙස සැදි තිබෙන්නේ පිශ්ඨය මගින්. නමුත් මොලයේ පවතින් විවිධ කොටස් සමග සංනිවේදනය ඇති කර ගැනීමට මූලික වන්නේ ප්‍රෝටීනයි.

  3. shan says:

    godak hondai. suba anagathayak!

  4. පොතේ ගුරා says:

    නිදාගැනීමට තිබෙන අසීරු බව වගෙම කතා බහ කිරීමේ අඩු කමත් තියෙනව..හ්ම්ම්..

  5. ඔක ලියලා වැඩක් නෑනේ මචං, දැන් ඔය දේ කරන කෙනෙක් කියවලා තේරුම් ගන්නේ කොහොමයි? මොලයක් නෑනේ! හික්ස්!😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s