නීලාවැලි ලලනියගේ පහස විදින්න……


නිදහස උදාවීමත් සමගම පරිසරය, මිනිසුන්, සතුන් සැම දෙනාම පාහේ නැවූම් වූ ජීවිතයකට ගොඩවදිනවා. නිදහසත් සමගම මිනිස් ඇසට කාලයක් තිස්සේ තමන්ගේ සුන්දරත්වය සගවාගත් බෝහෝ පරිසර පද්ධතින් දැන් වන විට නැවුම් ප්‍රබෝධයකට පත්ව තිබෙනවා. මේ අතරින් ලංකාවේ දර්ශනීයම මුහුදු තීරය ලෙස නම්දරා තිබෙන නීලාවැලි වෙරල තීරය ප්‍රමුඛ ස්ථානයක්.දශක ගනනාවක් තිස්සේ තමන්ගේ සුන්දරත්වය කටුක යුද්ධය හමුවේ වැළැලුනත් නිදහසේ අරුණලු සමගම මේ නීලාවැලිය තම සුන්දර සිනහව මුලු ලෝකය හමුවේ පෙන්නනවා. ඉතින් මේ සුන්දරිය දැක බලා ගැනීමට ඔබටත් දැන් පුලුවන්…කොළඹ සිට 271Km පමණ දුරින් නැගෙනහිර වෙරලේ පිහිටා ඇති මෙම අසිරිමත් වෙරළ තීරයට  ත්‍රීකුනාමල නගරයේ සිට 11Km පමන දුරක් තිබෙනවා.

සුපුරුදු ලෙස හුගක් දෙනා හැමවිටම පාහේ යන කදුරට හා පහත රට පෙදෙස් වලට වඩා මෙම ස්ථානය ඔබට අලුත් අත්දැකීමක් වේවී. මේ වන විට නාවික හමුදාව මගින් පාලනය වන මෙම ප්‍රදේශය ඉදිරීයේදි සූරකීම, මෙහි පැමිනෙන සංචාරකයනට පැවරෙනවා. මෙහි ඇති චමත්කාර ජනක බව පහත තිබෙන ඡායාරූප මගින් හා වීඩියෝ මගින් ඔබට පෙනේවී. එසේම මෙම වෙරළ  තීරය ආශ්‍රිතව තිබෙන “පරෙවි දූපත්” නැරඹීමේ අවස්ථාවක්ද ඔබට හිම්වෙනවා. මෙහි පැමිනෙන සංචාරකයන් සදහා නැවතීමේ පහසුකමද මේ වන විට ලබාදී තිබෙනවා.

බෝහෝ දෙනා වගේම මමත් මේ නීලවැලියට පා තැබීමේ ආසාවෙන් පසුවෙන්නේ🙂  කුරිරු යුද්ධයේ සාපයට යටවුනු මෙවන් පරිසරයන් ලංකාවේ තව බොහෝ තිබෙනවා. හරිත පැහැයෙන් අහස් ගැබ දකින ලක් දීපය පිලිබදව ආඩම්බර වීමට අපට මෙවැනි වටිනා පරිසර පද්ධතීන් මහගු පිටුවලක්…. ඉතින් තවම ඔබ නීලාවැලියේ පහස ලබා නැතිනම් මේ දයාබර ඇරයුම ඔබටයි……

පසුව:-

නීලාවැලිය වගේම පරෙවී දූපතද ගෙනෙන්නේ අපූරු සුන්දරත්වයක්…ඉතින් පරෙවී දූපද අමතක කරන්න එපා…කොරල් බලන්න, මුහුදු රළේ බලපැමෙන් තොරව නාන්න එහෙම කීයාපු තැනක්.. හැබැයි මේ දේ දෙන පරිසයට ඔබ නම් මොනවත් දෙන්න යන්න නම් එපා. ඒක තමා අපිට එම පරිසරය රැක ගැනීමට කරන්ට පුලුවන් ලොකුම දේ… නැත්නම් යුද්ධය නීසා දශක ගනනාවක් රැකුනු මෙය වැඩිකල් නොගොස් මතු පරපුරට අහිමි වේවි  😦

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පරිසරය. Bookmark the permalink.

4 Responses to නීලාවැලි ලලනියගේ පහස විදින්න……

  1. හරිම ලස්සන පරිසරයක්.

  2. Went there many times, Good post! remind me of my wonderful times!

  3. eRanga says:

    Kaalekata issella mama gaththa pictures tikak…

    http://outdoors.webshots.com/album/117199307UISboF

  4. Priya says:

    කොටින්ගෙන් තොර ලස්සන නැගෙනහිර……
    ආඩම්බරයි ශ්‍රී ලංකා……..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s