ඊජ්ප්තුවේ පිරමිඩ වලට දෙවෙනි නොවූ අපේ රටේ පිරමිඩ……..


අපි හිතන් ඉන්නේ පිරමිඩ තියෙනේ ඊජිප්තුව වගේ රටවල් වල කියලනේ. මාත් මේ මාස කීපයකට උඩිනුත් හිතාගෙන හිටියේ එහේ විතරයි ඒවා තියෙන්නේ කියලා😀  නමුත් මගේ යාලුවන් කිහිප දෙනෙකු සමග සිදුවූ සිද්ධියකින් පසුව මට තේරුනා අපේ රටෙත් පිරමිඩ තිබෙන බව🙄  බලන්ටකෝ අපේ රටට කොච්චර ආඩම්බරයක්ද ඒක. නමුත් අපිට ආඩම්බර විය හැක්කේ අපේ රටේද අහස උසට ඒවන් පිරමිඩයන් ඉදිකර තිබෙනම් පමණි. නමුත් අපිගේ දර්ශන පතය ඉක්මවා අහස උසට නැගී තිබෙන මෙම පිරමිඩ සැබැවින්ම ලක් මාතාවගේ ආඩම්බරය  හැල්ලුවට ලක් කිරිමක්.සදාචාර විරෝධි ලෙස සමාජයටම පිළලයක් වෙමින් දීනෙන් දින ගොඩ නැගෙන මෙම විශාල පිරමිඩයන් සමාජයේ අහිංසක මිනිසුන්ගේ ලේ, කදුලු මතින් අහස උසට ගොඩ නැගී මුලුමහත් රටක්, සමාජයක්ම සුනු විසුනු කර දැමීමට සමත්ය. සමහර අයෙකුට මෙය කුමක්දැයි නොවැහැටුනද බෝහෝ අයෙකුට මා මේ පවසන්නට යන දෙය පිලිබදව යම් තාක් දුරට හෝ වැටහීමක් ඇති. පිරමිඩ නමින් හදුන්වනු ලබන, රටක ආර්ථිකයේ කොදුනාරටියට දැවැන්ත පහරක් එල්ල කල හැකි මේ බූවල්ලා බොහෝ දෙනාගේ ඇස් වසාලමින් එකින් එකා ඩැහැ ගැනීමේ දැවැන්ත ප්‍රයත්නයක දැනටත් නිරත් වෙමින් සිටිනවා.

මා මීට මාස කිහිපයකට පෙර මුහුන දුන් සිදුවීමක් නිසා මේ පිලිබදව සෙවිල්ලකද නිරත වූ අතර, අන් අයද දැනුමත් කිරීමට වෙහෙසුනා. මා ඉගෙනුම ලබන විශ්වවිශ්ද්‍යාලය තුලද යම් යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනු ලබන මෙම සිදුවීම නැවත කරලියට ගෙන ඒමට සිතුවේ මෙම මාතෘකාව පිලිබදව නැවතත් මාගේ යහලුවෙකු සමග සංවාදයක් ගොඩ නැගුනු නිසයි.මාගේ අයියා කෙනෙකුද මෙවනි දෙයකට අසුවීමට ගොස් නූලෙන් බේරී තිබෙනවා. මෙහිදී ඔහුට එය හදුන්වා දී තිබෙන්නේ ඔහුගේ හොදම යාලුවෙකුයි. ඉතින් ඔබත් අනිවාරයයෙන්ම මෙයට ඇදගනු ලබන්නේ ඔබ නොදන්නා පිටස්තරයෙකු නොවෙයි, ඔබ දන්නා හදුනන කෙනෙක්මයි😦

අපේ රටේ මැතකදි පිරමිඩ් සංකල්පය පදනම් කරගෙන මිනිසුන් වංචාවන්ට හසුකරගනිමින් ඔවුන්ගේ වටිනා මුදල් පැහැරගැනිමේ සුවිසල් වෙලදාම් පැවතුනා. යම් යම් ඒවා නිතියේ රැහැනට අසු උනද ඒවයින් පන ලැබු, පිරමිඩ සංකල්පයේ සෙවන ලබන තවත් උපක්‍රමයන් තාමත් පවතිනවා.මෙහිදි ඇති අවාසනවන්ත තත්වය වන්නේ සංනිවේදනය යටතේ E-commerce සහ අන්තර්ජාලය යොදා ගැනිමයි. මේ තත්වය යටතේ පිරමිඩ සංකල්පයට ඔවුන් නව පණක් ලබා දි තිබෙනවා..
මෙහිදි යම් යම් ආයතන  සතුව පවතින විවිද භාන්ඩ මිලදි ගැනිමට සිදුවන අතර එම භාන්ඩයක අවම රුපියල් 60000 මිල පමන වෙනවා. මෙය යම්තාක් දුරට පිලිගැනිමට අපහසු වුවත් ඇත්ත තත්වය එයයි.

මාගේ යහලුවාට අනුව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුද මෙයට, එම මුදල ගෙවීමෙන් දායක වී තිබේනවා.
මෙහිදි අපට ලැබෙන භාන්ඩය අප ගෙවන මුදලට වඩා බොහෝ අඩු වටිනාමකින් යුක්තය. මින් රුපියල් 60000 පමන ගෙවා ලබා ගන්නා භාන්ඩය වනුයේ BIO DISK නැමති උපකරනයි. එයින් පිරිසිදු වතුර ලබා ගැනිමේ උපකරනයක් ලෙසයි මගේ මිතුරා පැවසුවේ. මෙය ඉතා පහල මිලක් තිබෙන උපකරනයක්. මිට ඉහල වටිනාමකින් යුතු සමහර උපකරනක් ලෙස අත් ඔරලෝසුවක් ඔවුන් ලබා දෙනවා. මෙය ලබා ගැනිමට රුපියල් 60000 ඉහල මුදලක් ගෙවිය යුතුයි.
මෙහිදි ඔවුන්ගෙන් මෙම මිලදි ගැනිම් වලට UNIT 1 අපට හිමිවන අතර ඔව්න්ගේ ජාලයට අපට එක් විමට හැකියාව ලැබෙනවා. අප කල යුත්තේ තවත් මේ සදහා බදවා ගැනිමයි.
මෙහිදි පිරමිඩය ගොඩ නැගෙනවා. සමහර ආයතන මගින් භාන්ඩ පමනක් නොව නිවාඩු පැකේජයන් ආදිය සදහාද මුදල් ගෙවා මෙයට එක් විය හැකියි.මෙය ලෝකයේ බොහෝ රට වල තහනම් වන අතර, ලංකාවේද  තහනම් වනවා. මෙහිදි විදේශ විනිමය බෙහෙවින් රට්න් පිට යනවා.
මෙම තත්වය දැඩි ලෙස සංවාදයට ලක්විය යුතු තත්වයක්.

මේ පිලිබදව තනි තනිව වුවත් අපිට කල හැකි දේ බෝහෝ තිබෙනවා. අපිට මේ පිලිබදව අන් අයව දැනුමත් කීරීම කල හැකියි. මෙය එතරම් අපහසු දෙයක් නම් නෙවෙයි.මෙම පිරමිඩ සංකල්පයට අමතරව මිනිසුන් රවටා මුදල් ගසා කැමේ විවිද ක්‍රියාවන් තිබෙනවා. ඒවා පිලිබදවත් අන් අය දැනුමත් විය යුතුයි.මෙම සිදුවීම් හා සම්බන්ධ ලෙස මට සොයා ගැනීමට හැකිවූ වෙන් අඩ්වියන් කිහිපයක්ද මට මාගේ මිතුරෙකු මගින් සොයා ගැනීමට හැකිවුනා.

මෙම වෙබ් අඩවියන් වලට කෙලින්ම අපිට චෝදනා කල නොහැකි වුවත්, මෙම ක්‍රියාදාමයේ යෙදෙන පුද්ගලටන්ට නම් මෙම වෙබ් ලිපිනයන් හුරු පුරුදු වන ඒවා බවට සැකයක් නැහැ.www.quest.net, www.bonvo.com, www.xchangeworld.com, මේ නම් ජාත්‍යන්තර බුවල්ලෙක්. මේ බලපෑම ලොව බොහෝ රටවලට තිබෙනවා.

බෝහෝ දෙනා යමතාක් දුරට හෝ සිතන්නේ තමාට යම් කිසි පාඩුවක් සිදු වුන විටයි.. එවිට ඔවුන් ප්‍රමාදයි. මෙවැනි ක්‍රියා වලට අසුවුපසු නැවත හැරීමක් සිදුවන්නේ නැහැ. ඔවුන් සිදුකරන්නේ තමා වැටුනු වලේ අන් අයත් දාගැනීමයි.මහත් සමාජ පරිහානියක උපත එයයි. පිරමිඩයේ ඉහලම සිටින තැනැත්තා අහස සිබිමින් තමාගේ ජයේ මධුවිත පානය කරන අතර, පිරමිඩයේ පාදම සවිමත් කරමින් එයට එකතු වෙන පිරිස් නුදුටු, සැබැනොවෙන සිහින් දකිමින් සිහින් ලොවෙක සැරිසැරීම සැබැවින්ම ශෝකාන්තයක්. ඉතින් නැවුම් යුගයක් ඇරඹුමක් සනිටුවහන් වෙමින් තිබෙන මෙවන් මොහොතක ,රටට ව්‍යසනයක් ලගා කර දෙනු ලබන මෙවන් දෑ වලට කණකොකා හඩවන්නට සැවොම පෙරට ආ යුතු බව මා පසක් කර සිටිනවා. ඉතින් ලෝක පුදුමයක් වූ ඊජිප්තු පිරමිඩ වලට අභියෝගයක් වන මෙම පිරමිඩ සමාජයෙන් අතුගා දැමිය යුතු කාලය එලැඹ තිබේ.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, අපේ දේ, තර්ජන. Bookmark the permalink.

4 Responses to ඊජ්ප්තුවේ පිරමිඩ වලට දෙවෙනි නොවූ අපේ රටේ පිරමිඩ……..

  1. vbmaster says:

    අපෝ මේ පිරමිඩ කරමයනම් මාරම ජාරා එකක්.කොහොමින් කොහොම හරි අපේ අයියා කෙනෙකුත් ඕකට සම්බන්ධ වුනා.කොහොම හරි මට මතක විදිහට ඒක නිතියේ රැ‍හැනට අහු වුණා.ඒත් ඒක ඊට පස්සේත් නිෂ්ශබ්දව කෙරෙන්න පටන් ගත්තා.ඒ කියන්නේ ඒක අහු වෙලා අවුරුද්දකට පස්සේ හොදට වැඩකරපු(වැඩිපුර තවත් කට්ටිය බන්දව ගත්ත) අයට ගොඩක් වටින(හම්බෙච්ච කට්ටිට,නැතුව මුදල්මය නෙවෙයි) ඔරලොසුවත් හම්බුනා.ඕක වැරදිලා හරි අහපහු පටන් ගත්තොත් මේ කට්ටිය දැන් පැනලා වැඩ කරන්න ලැස්තියි.ඒ නිසා මේ ගැන කරුණු උදාහරණ එක්ක පැහැදිලි කරලා දෙන්න ඕනි.නැත්නම් පහසුවෙන්ම මේකට කට්ටිය යොමු වෙනවා.

    • firefoxbeta says:

      මේ වැඩේ විව්ධ වේෂයන්ගෙන් ක්‍රියා කරනවා. එනිසා එය හදුනා ගැනීම වැදගත්. නමුත් මෙ හදුනාගැනීමට එතරම් අපහසු වන්නේ නැහැ. සාමාන්‍යය දැනීම හොදටම ඇති. කෙටි කලෙකින් ධනවත් වීමට හීන දකින් අය මෙයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. නීතිය වූවත් ක්‍රියාත්මක වන්නේ මෙය පුලුල්ව සමාජයේ කිදා බැස්ස විට පමණි. ඒවිට නියපොත්තෙන් කඩන්ට පුලුවුන් දේ ගසක් බවට පත් වෙලා හමාරයි. පොරෝව තමා ගන්න වෙන්නේ.

  2. කාල වෙලා ලැබුණොත් මේ ක්‍රමය. මෙවැනි වෙනත් ක්‍රම හා ජාත්‍යන්තර මාෆියාව ගැන ලියන්නම්. මෙ දිනවල කාර්්‍යබහුලයි වගේම මේ වගේ ඒවා ගැන හදාරනවා වෙලා තියෙනකොට.

    • firefoxbeta says:

      ඒ වැඩේ නම් හොදයි.. අනිත් අයව දැනුමත් කරන එක තමා අපිට කරන්න පුලුවන් හොදම දේ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s