ඔබට බොහොමත්ම පින්……


අද වෙනදා මෙන්ම හිරු නැගුනි. වෙනදා මෙන්ම මල් පිපුනි. වෙනදා මෙන්ම කුරුලු ගී ඇසිනි. නමුත් අදත් වෙනදා වගේමයි යන්න බොල් සිතුවිල්ලක් විනි. මක් නිසාදයත් අද වෙනදා මෙන්ම නැගුනේ අලුත් ඉරකි. වෙනදා මෙන්ම පිපුනේ අලුත් මලකි. වෙනදා මෙන්ම ඇසුනේ අලුත් කුරුලු ගීයකි. අද අපගේ පින්බර දේශය නැවතත් අලු මතින් නැගිට ලොව දසත එහි ප්‍රොඩත්වය විහිදවාලු දවසයි.එකම නිවහල් දේශයක අබිමන ලොව පුරා පතුරවමින් සමස්ත ධරණි තලයම විස්මයට පත් කල මෙම නැවුම් පෙලහරේ හිමිකරුවනි, වීරෝදාර රණවිරුවනි සිරිලක් වැසියන් සියලු දෙනා ඔබට ණයගැතියි.

දෙමාපියයන්ට දරුවන් අහිමි කල, දරුවනට දෙමාපියයන් අහිමිකල, බිරින්දෑවරුනට සැමියන් අහිමිකල, සැමියන්ට බිරින්දෑවරුන් අහිමිකල,සහෝදරවරුනට සහෝදරවරුන් අහිමි කල,ජාතියට මහා වීරුවන් අහිමි කල ඒ අධම යුද්ධයේ මළබෙර වැයී හමාරය.සැමගේ දෙනෙත් අග නැගෙන සතුටු කදුලු ගෙන එන්නේ නැවුම් වූ අනාගතයක සුබ සිහිනයන්ය.ඉදින් නව යූගයක ඇරඹුම සනිටුවහන් කරමින් සමස්ත සිරිලකම එකම සිහිනයක පැටලු විරුවනී,… නැවත නැවතත් ඔබට බොහොම පින්……

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, වෙනත්. Bookmark the permalink.

2 Responses to ඔබට බොහොමත්ම පින්……

  1. ධනුෂ්ක says:

    මචන් නියමයි බ්ලොග් එක. වැඩේ නියමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s