මට වෙච්ච වැඩේ…. බ්ලොග්+ඉදිරිපත්කිරීම


අපරදේ කියන්න බෑ අදනම් මගේ අපල දවසද කොහෙදෝ😦  අද තමයි අපේ Mid exam එකේ කඩ්ඩ presentation කරන්ට මට හම්බුන දවස. Presentation එකක් කරන්න ගියහම පොඩ්ඩක් හරි දන්න එකක් ගැන කරන්න එපාය. ඒ හින්දා මම කල් තියලම කරන්න හිටියේ බ්ලොග් ගැන. මේ ගැන වැඩිය කවුරුවත් දන්නැති නිසා හොදයිනේ කාට කාටත්. ඉතින් මම හොදට මහන්සි වෙලා ලස්සනට Power Point Presentation එකකුත් හදාගෙන හරි බරි ගැහිලා උන්නේ මේක කරන්න.ඔන්න වැඩේ පටන් ගත්තා🙂  Pen එක computer එකට ගහලා pen එක open  කරල එහෙම ගත්තා.

මදෑ.. presentation folder එක open කරන්න බැ. Computer එකේ virus පිරිලා. අනේද කියන්නේ😦  වෙලාවට පොඩි අඩුපාඩු ටිකක් තියන ඒ presentation  එකක් පෙන් එකේ නිකන් දාලා තිබුනා. ආය මේක පස්සේ කරන්නයැ. ඕන එකක් කියලා ඒකෙන් වැඩේ පටන් ගත්තා. ඕන්න ඉතින් විනාඩි 10 විතර වැඩේ කරලා ඉවර කරා. යන්තම් ගොඩ.  දැන් මැඩම් ගේ වෙලාව ප්‍රශ්ණ අහන්ට. මැඩම් ඇහුවා වටිනා කියන ප්‍රශ්ණයක්. “දැන් ඔයා ඔය කීයන දේ යොදා ගන්ට පුලුවන් මොනව වෙනුවටද??????????” මට ඉතින්&*^%^^%^&$@@><%$#  .

ඇයි හත්දෙයියනේ මම මුල ඉදලම ඔක්කොම කියල දුන්නේ. මට මාවම එපා වුනා. මාත් අන්දුන් කුන්දුන්. මැඩමුත් මගේ මුණ දිහා බලා ගෙන ඉන්නවා උත්තරේ දෙනකන්. දෙපාරක් විතර ආපහු ඒ ප්‍රශ්ණේ ඇහුවම තමයි මගේ කට ඇරුනේ. මොනව කරන්නද. මදෑ කරන්න ගියා බ්ලොග් ගැන presentaton.

බලන්ටකෝ මේ ගොල්ලෝ ඇයි මේවා ගැන උනන්දු නැත්තේ. මොනව කරන්නද. මගේ උත්සහයවත් වටිනවනේ කියලා හිත හදා ගත්තා. ආය ඔයගොල්ලන්ටත් බැරිවෙලාවත්… මම කිව්වේ බැරිවෙලාවත් presentation එකක් කරන්න හම්බවුනොත් ඔක්කොම දන්න එකක් ගැන කරන එක තමා ඇගට හුරු. මට නම් ආය දෙකක් නෑ. ලකුණු 10/10 ම ෂුවර් & ෂොට්😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in බ්ලොග්, රස කතා. Bookmark the permalink.

6 Responses to මට වෙච්ච වැඩේ…. බ්ලොග්+ඉදිරිපත්කිරීම

  1. හිහ් හික් හිහ්
    ගුරුතුමිට කියණ්ඩ එපෑ වෙබ් අඩවි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් කියලා

    • firefoxbeta says:

      මට ටික වෙලාවක් යනකන් මෙලෝ දෙයක් මීටර් උනේ නෑ… පස්සෙ කියපුවත් මොනවද කියල මතකත් නෑ.. 😀

  2. ඔය වගේ වැඩ අනන්තවත් මටත් වෙලා තියෙනවා🙂 . මට මතක් වෙන්නේ අපි ඒ ලෙවල් project එකට Student Management System එකක් හදන්න ගියපු වෙලාව. වගකිවයුත්තන් කොච්චර මේක ගැන පැහැදුනා ද කියනවානම් අන්තිමට අපි ඔක්කොටම පන්ති වටේ මල් හිටවන්න උනා. හික්.

    • firefoxbeta says:

      ඉස්කොලේ යන කාලේ කොහොමත් අපිට ඔය වගේ දෙවල් වෙනවනේ… සමහරවිට වෙන්නෙම ඔය දේවල්😀

  3. DEEPS says:

    මටත් ඔහොම වැඩක් උනා ලගදි යාලුවෙක්ට open source ගැන කියල දෙන්න ගිහින්. open source කියන්න එක හේතුව අපිට code එක එඩිට් කරන්න පුලුවන් වීම කියල කිව්වම එයා ඇහුවේ නැතැයි මොන code එකද කියලා.

  4. කොච්චර කිවුවත් අපි කරන වැඩ වලින් සෑහෙන පමණ දේවල් වලින් කිසිම පලයක් නැහැ. ඒත් මොනව කරන්නද? පලයක් ඇති වැඩක් හොයාගන්න සහ ක්‍රියාවට නංවන්න ‍සෑහෙන අමාරුයි. මොකද ජීවිතේ අර්ථයක් තවම තේරුම් අරන් නැහැ. එහෙම කියල නිකන් බලාගෙන ඉන්නයැ? අහුවෙන දෙයක් කරනව ඇරෙන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s