ඔරිජිනල් ඇපල් හා ඩුප්ලිකේට් ඇපල්


සතියේ අග උදා වෙනවා කියන්නේ මට නම් මාර සතුටුයි. මොකද සතිය පුරා lectures ගිහිල්ලා අනන් මනන් වැඩ ඔක්කොම කරලා ටිකක් free එකෙ ඉන්න පුලුවන් නිසයි🙂  ඉතින් මම ඊයේ හවස machine එකත් දාගෙන Ong Bak2 film එක බල බල හිටියේ. ඒකත් එල film එකක්.ඔන්න ඒ වෙලාවේ යාලුවෙක් ආවා Apple iphone එකක් ලාබෙට සෙට් වුනා කියාගෙන. ඉතින් දන්නවනේ මම කලිනුත් ලිපියක් දාලා තිබුනනේ ලාබ බඩු වල හිලක් තියනවා කියලා. ඉතින් මාත් බැලුවා මොකද සිද්ධිය ලියලා. මිනිහා වැඩේ කරගෙන තියෙන්නේ භාණ්ඩ හුවමාරුවකින්. අපි මේ නව සියවස කියලා හිතුවට  තාමත් අතීතයේ පැවති භාණ්ඩ හුවමාරු කීරීම් තාමත් පවතිනවා😀  එකෙත් හැටි බලන්ටකෝ. යාලුවා ගාව තිබුනු වාහන වලට සෙට් කරන TV එකක් දිලා තමයි මිනිහා මේක ඇරගෙන තියෙන්නේ.

ඒ සෙට් එකේ ගාන රු 25000/= විතර වෙනවලු. Phone එකේ virus clean කරන්න කියලා තමයි අපේ ගෙදර අවේ. Phone එකේ Apple mark එක ගහලා තිබුනා. Brand name එක විදිහට තිබුනේ Mini Tv Iphone කියලා.

මම කලින් දැනගෙන තිබුන විදිහට Apple විසින් Tv iphone එකක් නම් ඉදිරිපත් කරන්නේ නම් නැ.ඉතින් කෝකටත් සිද්ධිය මොකද්ද කියලා දැන ගන්න ඕන නිසා net එකේ පොඩි රවුමක් ගියා.

මදැ… ඔන්න හම්බවුනා සයිට් එක.. ගාන 130$. යාලුවාගේ මූන පොඩ්ඩක් ඇඹුල් වුනා😦 වටිනවද?ඕන්න ඉතින් මාත් එක්ක තර්ක දාන්න පටන් ගත්තා. මම පොඩ්ඩක් හොදට සිංහලෙන් තේරුම් කරාට පස්සෙ ඔන්න වැඩේ හරි😀

 You tube එකෙත් තිබුනා මේකේ විඩියෝ එක. එක පහලින් බලන්න පුලුවන්. ඒ වගේම යාලුවගේ phone එකේ පින්තුරයක් සහ original Apple iphone එකේ පින්තුරයකුත් පහල තිබෙනවා. මින් ඔබට ඒවයේ වෙනස හදුනා ගන්න පුලුවන්.

මේ වගේ දෙයක් කරන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවොත් කොච්චර හොදද. පසුතැවෙන්න ඕන කමකුත් නැනේ. දන්නේ නැති දෙයක් ගන්න යන කොට එ අගැන අඩුම තරමින් දන්න කෙනෙකුගෙන් අහලා බලල ගන්න එක තමයි අපි කල යුත්තේ.ඔරිජිනල් Apple ගැන දැන ගන්න මෙන්න මේ සයිට් එකට යන්ටකෝ.

ඉතින් බාගෙට කාපු ඇපල් ගෙඩියක් දැක්කට ඒක ඇපල් ම කියලා හිතන එක නම් වැරදියි  කියලායි මට හිතෙන්නේ😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, ගැජැට්, රස කතා. Bookmark the permalink.

2 Responses to ඔරිජිනල් ඇපල් හා ඩුප්ලිකේට් ඇපල්

  1. Manushan says:

    යාළුවා මොකද දන්නේ ණෑ කරගත්තේ

  2. firefoxbeta says:

    මොනව කරන්නද.. පාඩුයි තමා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s