සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා….!!!


 

හැම අවුරුද්දකම කියනව වගෙත් මේ සැරේත් සියලු දෙනාටම කිරියෙන් හා පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ඉස් ඉස්සෙලම පතනවා. පරණ වැරදි වලින් ඇත් වෙලා අලුත් විදියකට සාර්ථකව මේ අලුත් අවුරුද්ද අපි ඔක්කෝටෝම ගත කරන්න පුලුවන් වේවි කියලා මම හිතනවා. වුනාට අපි මේ විදියට ගිය අවුරුද්දෙත් හිතුවා. වුනාට හුගක් දෙනාට තමන්ගේ අරමුණු විදිහටම ඉටු කරගන්න බැරිවෙන්න ඇති.

අපි හිතන පතන දේවල් විදිහටම ඉටු කරගන්න පොඩ්ඩක් අමාරුයි. වුනාට අපෙන් ඉවත්ව ගිය අතිතයේ අත්දැකිම් එකතු කරගෙන අනාගතය හොදට ගොඩනගාගන්න අපට පුලුවන්. හින්දා අලුතෙන්ම මේ අලුත් අවුරුද්ද පටන් ගන්න ඕන නැතිවෙයි කියලයි මම නම් හිතන්නේ.

විවිධ පුද්ගලයන් අවුරුද්ද සමරන්නේ විව්ධාකාර  ලෙස. සමහර අය නිසි චාරිත්ත්රානුකූල ලෙස මෙය සමරනවා. සමහර අයට මේක පුන්චි පහේ නිවාඩුවක්. (මටත් ටිකක වගේ😀  , තමන් ගත කරන ජිවිතය අනුව අවුරුදු සැමරීම විවිධාකාර වෙනවා. සමහර අයට නම් අවුරුදු ඇත්තේම නැහැ.

තමන්ගේ ජිවිතය පිලිබදව නොසිතම්න් මරණයට අභියෝග කරන ඔවුන් පිලිබදව මේ මොහොතෙ සිහිපත් කිරීම අපි සැමගේ යුතුකමක්. අපි නිදහසේ දිවි ගෙවන මෙම පරිසරයේ සැබැ උරුමක්කාරයන් ඔවුන් නිසාවෙන්. මේ පිලිබදව කිසිදු තර්කයක් නැහැ. අවු වැසි නොතකමින් අපිටම උරුම නිවහල්ව දිවි ගෙවිය හැකි භූමියක අනාගත සුභ සිහින දකින්නට ඔවුන් දරන අප්රහිත වැයමට අපි සියලු දෙනාගේම නමස්කාරය හිමිවිය යුතුයි.

මේ නිසා මේ අලුත් අවුරුද්දේ නියම උරුමක්කරුවන් වන්නේ උතුරේ සටන් වදින අපගේ රණ විරුවන්. සියලු දෙනාම පතන සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායියන පැතුම ඉටුවන කාලයක් උදාවෙනු ඇතැයි මම සිතනවා. ඉතින් එවන් වූ සුභ සිහිනයක් දැකිමට කාලය එලබ ඇති බවයි මාගේ හැගීම.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, රස කතා, වෙනත්, සම්ප්‍රදායන්. Bookmark the permalink.

One Response to සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා….!!!

  1. එසේම වේවා මචන්!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s