හුගක් අය හුගක් වෙලාවට බස් එකේ යද්දි, ගම්නක් යද්දි, ඉයර්ෆෝන් එක කනේ ගහගෙන සින්දුවක් අහගෙන තමයි යන්නේ. මේක අපිට හොදට හුරු පුරුදු දර්ශනයක්. නමුත් මේ වැඩේට පොඩි රතු එලියක් වැටිල තියෙන්නේ. පොඩි කිව්වට පොඩිත් නැ. මේ නිසා බොහෝ දෙනාට ශ්‍රවණ ආබාධ ඇති වීමේ හැකියාවක් ඇති බව සොයා ගෙන තිබෙනවා 😦
මේ පිලිබදව සමික්ෂනයක් කල ඇමෙරිකාවේ කථන-භාෂා හා ශ්‍රවණ සංගමය කියා තිබෙන්නේ ඉයර්ෆෝන් භාවිතා කරන 100 දෙනෙකුගෙන් 53 කටම මෙම ශ්‍රවණ ආබාධ ඇති වීමේ ඉඩකඩ තිබෙන බවය. ඉතින් පෙනෙන තරම් මේ වැඩේ එච්චරම හොද නැ කියලා ඔබටම පෙනෙනව ඇතිනේ. බොහෝ දෙනා විවිධාකාර ලෙස අද ඉයර්ෆොන් භාවිතා කරනවා. මෙම තත්වය නිසා “ටිනිටස්” නම් ආබාධ තත්වය ඇතිවන බව ඔවුන් සොයා ගෙන තිබෙනවා. මෙම “ටිනිටස්” තත්වය ලෙස හදුන්වන්නේ කනේ “කුරු කුරු” බවක් ඉබේම ඇති වීමයි. මෙය බිහිරි බවේ මුල්ම සලකුනයි. එය නොසලකන විට එම හඩ තදින් ඇසීමට පටන් ගනි. මෙය අපට ලැබෙන අවසාන අනතුරු හැගවීමයි. මෙවැනි තත්වයක් අපට ඇතිවන්නේ කනට වුවමනාවට වඩා වැඩියෙන් ඩෙසිබල් අගයක් තිබෙන ශබ්දයන් ඇතුල් වීම නිසාය. සාමාන්‍යයෙන් 80dB ශබ්දය කනට හිතකර වූවත් එයට වඩා ප්‍රභල 100dB පමන ශබ්දය කනේ ශ්‍රවන සංවේදි බවට හානි කරනු ලබයි.
අපි ඉයර්ෆොන් එකක් කනේ ගහගෙන ඉන්න කොට වටේ සද්දේ වැඩියි නම් ඉබේම අපේ අත යන්නේ volume control එක දිහාවට. පස්සේ අපි දිගටම එක සද්දෙන් රේඩියෝව,සිංදුව අහගෙන ඉන්නවා. මේ පුරුද්ද නිසාම අපේ කනට වන හානිය වැඩි වනවා. ඉතින් අපි නොදකින, වැඩිය නොසලකන මෙම තත්වය දෙස අලුත් ඇසකින් බලන්නට පුරුදු උනොත් අපේ කනත් පරිස්සම් කර ගන්න පුලුවන් වේවි. මොකද අපේ කනත් ඇහැ වගේම අපිට වටිනවනේ 🙂 .
ඔය ගැන ප්‍රචාරකයක් ගෙන ගියා මෙහෙ සෙෘඛ්‍ය දේපාර්තමේත්‍තුවේ ප්‍රචාරකයක් ගියා. ස්තුතියි ලිපියට.
එහෙමවත් අනිත් අයගේ අවදානය යොමුවෙන එක ලොකු දෙයක්.. අපි වැවිය නොහිතන පැත්තක් නේ මේක 🙂
මේක නම් බොහොම වටින ලිපියක්..මීට වඩා කට්ටියකගෙ අවධානය යොමු වෙනව නම් හොදයි..
අපි බොහොම සුලුවෙන් තමයි මේ ගැන හිතන්නේ. සිංදුවක් රසවිදිනව වගේම මේ වගේ තර්ජනයන් ගැන මීට වඩා අවබෝධයකින් කටයුතු කිරීම අපගේ යහපතට හේතු වෙනවා.