මංගල මුදුව අතේ සිව්වැනි ඇගිල්ලෙම පලදින්නේ ඇයි…


 

ඔයගොල්ලෝ හිතුවද මංගල මුදුව අතේ හතරවෙනි ඇගිල්ලේ පලදින්නේ ඇයි කියලා. සමහරවිට ඔබ මුදුවක් ගැන නොසිතන වයසේ ඉන්න පුලුවන්. වගේ අයට නම් මේ ප්රශ්නය පැන නගින්නේ නැහැ :) .කෝකටත් ඉදිරියේදි මේ ප්රශ්නය ආවොත්..😀  ඒව ගැන කියන්න බැනේ.. කට්ටියටම එක්ක මේ ගැන දැන ගන්න ඕන නිසා මේක ඔයගොල්ලන්ට කියන්න හිතුනා. මේ පිලිබදව මට විස්තර ලැබුනේ ඉමේල් එකකින්.

චින මතයක් මතින් ගොඩනැගුනු මෙය ඇත්තටම රසවත්. එයට අනුව අපේ අතේ 

මාපටගිල්ලෙන්                  නිරූපනය වන්නේ අපේ දෙමාපියන්.

දෙවන ඇගිල්ලෙන්            නිරූපනය වන්නේ අපේ සහෝදරයින්

මැදගිල්ලෙන්                     – නිරූපනය වන්නේ තමාවමයි

සිව්වන ඇගිල්ලෙන්           නිරූපනය වන්නේ තම සහකරුවා හෝ සහකාරියයි

පස්වන ඇගිල්ලෙන්           නිරූපනය වන්නේ තමගේ දරුවනුයි

 අපි දැන් බලමු මෙය තහවුරු කර ගන්නේ කොහොමද කියලා. පලමුව ඔබගේ අත්ලන් පහත රූපයේ ලෙස තබාගෙන මැදගිල්ල එකිනෙකට පිටුපස තිබෙන සේ නමා ගන්න. අනෙක් ඇගිලි වල තුඩු එක්නෙක මත තබා ගන්න.

a2දැන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. හැබැයි ඉවතට ගත හැක්කේ එක් ඇගිලි යුගලයක් පමනයි. නැවත වෙන ඇගිලි යුගලයක් ඉවතට ගන්නා විට පෙර ගත් ඇගිලි යුගලය එකිනෙක් ස්පර්ශ කල යුතුයි.

පලමුව මාපටගිලි දුරස් කරන්න. මෙයින් නිරූපිත වන්නේ අපේ දෙමාපියනුයි. අපිට අපගේ දෙමාපියන් කෙදිනක හෝ අපෙන් දුරස් වනවා. දෙවනිගිල්ලත් එකිනෙක දුරස් කරන්න. අපිට අපගේ සහෝදරයනුත් කෙදිනක හෝ අපෙන් දුරස් වනවා. එසේම සුලගිල්ලත් එකිනෙක දුරස් කල හැකියි. අපට අපගේ දරුවනුත් කවදා හෝ නැතිවෙනවා.

නමුත් බලන්න මංගල මුදුව පලදින සිව්වන ඇගිල්ල වෙන්කල හැකිද කියා.. එය කල නොහැකියි… එයින් සැමියා හා බිරිදගේ සදාතනික වු ආදර බැදිම නිරූපනය වෙනවා. සැබැ වූ ආදරය සදාකල් එක ලෙසම පවතිනවා.

ඔබට සමහර විට විවිධාකාර තර්කයන් මතුවෙනවා ඇති.. නමුත් බලන්න අපි නොදන්නා බොහෝ දැ පිටිපස යම් කිසි තේරුමක් සැගවී තිබෙනවා…එහි යම් ලෙසකට කිසිදු පදනමක්  නැතැයි සිතුවද,  අපි කල යුත්තේ එයින් ගත යුතු දේ ගැනිම පමනයි.

මම හිතන්නේ හුගක් අයගේ හිතේ තිබුන පොඩි ප්‍රශ්නයකට පිලිතුර මේකෙන් ලැබෙන්න ඇති😀 . එසේම ඔබත් කවදා හෝ මංගල මුදුව පලදින දවසේදි මෙහි තේරුම සිත්හි තැන්පත් කර ගන්න…….  

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in රස කතා, සම්ප්‍රදායන්. Bookmark the permalink.

6 Responses to මංගල මුදුව අතේ සිව්වැනි ඇගිල්ලෙම පලදින්නේ ඇයි…

  1. ඇඟිල්ල එහෙම ගන්න බැරිවීමේ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම මොකක්ද ?

    • firefoxbeta says:

      විද්දයාවට අනුව පැහැදිලිකිරිම නම් ..🙂 නමුත් මැදගිල්ලේ බලපැම මේ සදහා හේතු වෙනවා….

      • මම හිතන්නෙ මෙතන ඇත්තෙ වෛද්‍ය විද්‍යාත්‍මක ට වඩා භෞතික විද්‍යාත්මක පැහැදිළි කිරීමක්.

        මැදැඟිල්ල පිහිටන ඉරියව්ව අනුව පේශීන්ගෙන් යොදන බලයට යෙදෙන ප්‍රතික්‍රියාව නිවැරදි අභිදිශාවට යොමුකරවා ගැනීම අපහසු වනවා ඇති.

  2. මේ ලිපිය දැක්කෙ අද.මහාචාර්ය කාලෝ පොන්සේකා දවසක් දොරමඬලාවෙ කිව්වා,මුදුව දාන ඇඟිල්ල කෙලින්ම හදවතට යන රැධිර නාලයක් සම්බන්ධ නිසා ප්‍රේමනීය බැඳීමට බලපාන බව.මුදුවේ “හැඟීම” හදවත අයාලේ යා නොදී සිහි කැඳවීමක් කරනවළු මම ද්‍රෝහී වැඩ නොකල යුතුයි කියා.(අතේ තියන හුරතල්ම ඇඟිල්ල නේ අප්පා..)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s