ලාංකීය අභිමානය ලොවට ගෙන ගිය Blinkx සෙවුම් යන්ත්‍රය


 

අපි හුගක් වෙලාවට කතා කරන්නේ අපේ නැත්නම් ලාංකීය අභිමානය ගැනනේ. වුනාට අභිමානය ලෝකෙට පෙන්නන්න අපි ඇත්තටම මොනවද කලේ. අපේ රටේ ජීවත් වෙන බොහෝ දෙනා කැමති තමා නොදුටු නොවිදින අභිමානයක් ගැන කතා කරන්න. ගතිය අපේ හුගක් දෙනා තුල උපතින්ම වාගේ තිබේනවා.අතිත ශ්රිවිභූතිය පිලිබදව පමනක් කතාකරමින් තමාගේ පමනක් නොව අනුන්ගේද වටිනා කාලය කා දමන කාලකන්නි මිනිසුන් ඔබ බොහෝ විට ඇසුරු කරලා ඇති. මෙය සැබවින්ම අවාසනාවන්ත තත්වයක්. නව නිපැයුමක් , නව චින්තනයක් පිලිබදව නොසිතමින් අතිතයේ අභිමානය සිත තුල රදවා ගෙන ජිවත් විමට උත්සහ දැරිම සැබවින්ම ඛේදනීය තත්වයක්.

  නමුත් මෙහි පවතින අවාසනාවන්තම තත්වය වන්නේ බාදක පරයමින් සැබැ මිනිස් කම වටහාගෙන අනාගත පරපුරට අලුත් දෙයක් ලබා දිමට උත්සහ දරන මිනිසුන්ට ලැබිය යුතු අත දිම, අනුග්රහය, නොලැබීමයි. මෙය සැබවින්ම අපි සියලු දෙනාගේ අවාසනාවක්.මෙවනි තත්වයක් හමුවේ ලාංකිය අභිමානය ලොව හමුවේ පෙන්වු පුද්ගලයකු වේනම් පිලිබදව කතා කිරිම සැබවින්ම සිදු කල යුත්තකි.

මහනුවර ප්රදේශය තම ජන්ම බිම කරගනිමින් මෙලොව එලිය දුටු සුරංග චන්ද්රතිලකයන් 2004 වසරේ විඩියෝ සෙවීම සදහා සෙවුම් යන්ත්රයක් ලොවට දායද කරමින් තම නිසග හැකියාව ලොවටම පෙන්නුම් කලේය. මෙය අපි සැබවින්ම කතා කල යුතු තේමාවක්. නමුත් සමහර විට බොහෝ දෙනා මේ පිලිබදව නොදන්නව වෙන්න පුලුවන්.ඇමරිකාවේ යටිතල පහසුකම් උපයෝගි කර ගනිමින් තම හැකියාව උපරිමයෙන් පෙන්වු ඔහුගේ චරිත කතාව තුලින් අපිට බොහෝ දේ ලබා ගැනිමේ හැකියාව තිබෙනවා. මෙසේ තම හැකියාවන් ලොව හමුවේ ගෙන හැර පැ හැකි බොහෝ මිනිසුන් අප අතර සිටියද නිසි අනුග්රහයක්, නිසි අවස්තාවන් නොලැබිම නිසාවෙන් කැලැවේ පිපුනු මල් කැලැවෙම පරවී යැමේ අවස්තාවන් බොහෝවිට අපිට දක්නට ලැබෙනවා.

විඩියෝ සහ ශ්රවනයන් සෙවිම සදහ අපට මෙම Blinkx සෙවුම් යන්ත්රය යොදාගන්නට පුලුවන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ බොහෝ සෙවුම් යන්ත් අප සොයන වචන ඇසුරෙන් සෙවිම පමනක් සිදුකලද මෙහිදි විඩියෝ තුල තිබෙන audio කොටස් තුලද අපට අදාල වු සෙවීම තිබේදැයි සොයා බලනවා. මිලියන 32 පැය ගනනක සෙවිමක් මෙම සෙවුම් යන්ත්රය තුල අඩංගු වනවා.2004 වසරේ සිට ස්රිග්රයෙන් දියුනවට පත් වු මෙම සෙවුම් යන්ත්‍රය MSN, Live.com, Lycos, InfoService,  Real player, AOL  සදහ තම සේවා සපයනවා. 2008 වසර තුලදි  blikx beta නමින් විඩ්යෝ screensarver එකක් ඔවුන් නිමැවුවා.එසේම ඔවුන් සතුව දැන් broad brand TV වැඩසටහනක් පවතිනවා. එයට අමතරව ඇමරිකාව සහ එක්සත් රාජධානිය සදහා ඔවුන් අන්තර්ජාලය ඇසුරෙන් TV වැඩසටහන් නිකුත් කිරීමද සිදු කරනවා.

මෙය සැබවින්ම අපිට ආඩම්බර විය හැකි දෙයක්. මෙය අපිට වටින්නේ අපේම කෙනෙකු මෙහි සිටින නිසාවෙන්. ඉතින් මෙවන් වු පුද්ගලයින් කොපමන ප්රමානයක් නිසි අවස්තාව තමන් සතු නොවීමෙන් පසු බසින්න ඇද්ද.. නෙත් සිත් හා හඩ අවදි කල යුතු කාලයයි මේඅනාගතයේදි කදුලු සැලිමට ඉඩ නොතබමින් පැහදිලි අනාගතයක පෙර සිහින දැකිමට නම් අදාල බලධාරින් පමනක් නොව අප සියලු දෙනාම විය සිදුරෙන් අහස බැලිමට තිත තැබිය යුතුය…..

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, අපේ දේ, වෙනත්. Bookmark the permalink.

4 Responses to ලාංකීය අභිමානය ලොවට ගෙන ගිය Blinkx සෙවුම් යන්ත්‍රය

  1. bhavesh says:

    මෙක විතරක් නෙමේ http://www.sasrutha.com වගෙ sri lanka sinhala සෙවුම් යන්ත්‍ර ගෑන උනත් අද ලංකවේ මිනිස්සු දන්නෙ නෑහ

    ඒ සදහා අවශය මාධ්‍ය අනුග්‍රහය ලෑබෙන්නෙ නෑහෑ අපේ රටෙ ….

    • firefoxbeta says:

      සමහර වෙලාවට අපේ තියන දෙවල් ගැන නොදන්න හුගක් දේ තියනවා.. ඇයි අපි ඇත්තටම අපේ දේවල් ගැන අපි දන් නැත්තේ… කොතනද අපිට වැරදුනේ… ඇත්තටම මේ දේවල් ගැන කතා කරන්ට තියෙන දේවල් බොහෝමයි… ඔබගේ සිතුවිලිත් අවදි කරන්න… 🙂

  2. ඔව් මම අහලා තිබ්බා මේ ගැන. බැරි වෙලා ලංකාවේ උන්නා නම් මෙච්චර දුරක් යන්නේ නැහැ නෑමයි. කොහොමත් ලංකාවේ කකුලෙන් අදින අයනේ පෙන්න ඉන්නේ.

    • firefoxbeta says:

      අන්න ඒ කකුලෙන් අදින අය හින්දා තමයි ලංකාවට මේ තත්වේ උදාවෙලා තියෙන්නේ. බුද්ධි ගලනයටත් එක් හේතුවක් මේක… 😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s