ඔබ අද ඇන්දුනාද…ඇන්දුවාද…???


 

අද තව ටිකෙන්  උදේ පාන්දරම හොද ලනුවක් කනවා. වෙලාවට මිටරේ දාලා බේරුනේ. දන්නවනේ ඔයගොල්ලෝ අද දවස මොකක්ද කියලා. වැඩේ කියන්නේ ෆැකල්ටිය පැත්තේ යනකොට හුගක් දෙනා හොද හොද ලනු කාලා :) . මම කෝකටත් කියලා හැම වෙලාවෙම මීටරේ දාල හිටියා.   බලන්ටකො අද දවස ඇතුලත කි දෙනෙක් මේවට අහුවෙන්න ඇතිද? කොහොම මේ වගේ දවසක් ඇතිවුනාද මන්දා? ඔහොම හිතුනම තමා මට ඔය ගැන පොස්ට් එකක් දාන්න හිතුනේ.

කොහොම උනත් අද දවස වසරේ ප්රිතිමත් දවස් වලින් එකක් ලෙසයි  සැලකෙන්නේ. ඇන්දුනු අයට නම් මේකේ ප්රිතිමත් බව අඩු වෙලා ඇති. අන්දපු අයනම් නිනා වෙවි ඇති😀  .කොහොම උනත් අද හැමොටම වගේ  හොද හොද සිදුවිම් වෙන්න ඇති. මෙහි ඇරබුම 1582 තරම් අතිතයට දිව යනවා. එම වසරේදි ප්රංශ ජනතාව හට නව දින දර්ශනයක් ලැබුනු අතර එහි නව අවුරුදු උදාව ලෙස සටහන් වුයේ ජනවාරි 1 වැනිදායි. නමුත් සමහර පුද්ගලයින් එම දිනය ප්රතික්ෂේප කරමින් නව අවුරුදු උදාව ලෙස අප්රේල් 1 දින සලකන්නට වුවා.  මේ නිසා අනික් මිනිසුන් මොවුන් හට මෝඩයින් ලෙස කතා කරන්නට වුනා.   එසේම මෙහි ඇරබුම පිලිබදව විවිද කථාවන් තිබෙනවා. ඔබට මේ පිලිබදව වැඩි විස්තර පහත පුරුක යොදා ගනිමින්ඔබට ලබා ගත හැකියි.

Fool’s Day

බොහෝ විට බොහෝ දෙනා අද දවස තුලදි තම යහලුවන්ට, පවුලේ හිත මිතුරන්ට, එසේම තම සතුරන්ට විවිද පනිවිඩ යවමින් ඔවුන් මෝඩයන් කිරිමට උත්සහ දරනවා. මේ නිසාම අද දවස වටා වෙනමම පරිසරයක් බිහිවි තිබෙනවා.

අද දිනය වටා බොහෝ ප්රසිද්ධ විහිලු ඇතිවි තිබෙනවා. විවිද මාතෘකා යටතේ විවිධාකාර විහිලු බිහිවි තිබෙනවා. නමුත් මෙහි තිබෙන අවදානම් පැත්ත දෙස බොහෝ දෙනා නොබැලිම ඇත්තටම සැලකියයුතු කරුනක්. අද දවස ඇතුලත සමහර ආරංචි පිලිබදව අප සැකයෙන් යුතුව බලන්නේ එය ඇත්තද බොරුද කියා සිතා ගන්න බැරුවය. මේ තත්වය නිසා බොහෝ දෙනා නිවරදි ආරංචි පිලිබදව බලන්නේ සැකයෙනි.

මෙම තත්වය බොහෝ විට දරුනු තත්වයන් ඇති කරයි. 1946 අප්රේල් 1 දින සිදුවු සුනාමි තත්වය පිලිබදව මිනිසුන් සැකයක් මතු කලේ මෙම දිනය පිලිබදව ප්රශ්ණයක් තිබු නිසාය. මෙසේ සමහර සිදුවිම් විශ්වාස කරනවාද නැද්ද යන්න පිලිබදව සැකය නිසාම සමහර විට සිදු වන්නේ කිසිවෙකු නොසිතන අවාසනාවන්ත තත්වයක් උදාව්මයි :( . මේ නිසාම අප සියලු දෙනාම මනා අවබෝධයෙන් යුතුව අප්රේල් 1 දිනය ගත කිරිම කල යුතු වනවා. නැතහොත් වන්නේ අනුන්ගේ ඇස් රතු විම පමනක් නොව තමගේම ඇසුත් රතු කර ගැනිමට සිදු වීමයි :cry: .  

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in රස කතා, වෙනත්. Bookmark the permalink.

2 Responses to ඔබ අද ඇන්දුනාද…ඇන්දුවාද…???

  1. malee_msg says:

    මං නම් ‍ශේප් එකේ හිටියා.. වැඩි අවුලක් වුනේ නෑ

    • firefoxbeta says:

      ෂෙප් එකේ හිටියනම් ගොඩ තමා..මීටරේ දාන් නැතුව හිටපු හිගක් අය හොද හොද ලනු කාල තිබුනා…😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s