කහ මලින් දිදුලන පේරා campus එක…


 

අප්පෝ යන්තම් එක Mid ඉවරයි. සමහර subject වලට හොදට ලිව්වට සමහර එවාට address තුත් නැති උනා. එකේ අප්සෙට් එක යන්නත් එක්කම තමයි මම බ්ලොග් එකටපෝස්ට් එකක් වත් දාන්න හිතුවේ.මේ දවස් වල අපේ campus එකට වසන්තය උදා වෙලා.

අපේ කිව්වේ පේරදෙනිය campus එකට. කහ පාට වර්නයෙන් මුලු පරිසරයම හැඩ වෙලා. බලන් ඉන්න ආසයි. ඔයගොල්ලොත් පරිසරයට, කලාවට හිතැති නම් මේ අවස්තාව ඔබට ඉතාමත්ම වටිනවා. මේ දවස් වල මට එක් අපලයක් ( Mid එක..හි හි හි…) ඇති වෙලා තිබුනු නිසා මේ අපුර්ව සුන්දරත්වය නම් හොදින් විදින්න අපහසු උනා. උනාට කහ මලින් පිරුනු තුරු වදුලු සෙවනේ හැම මොහොතකම පාහේ එහි අපුර්වත්වය විදින campus එකේ තරුණ, තරුණියන්, පෙම්වතුන් නම් අඩු වෙලා තිබුනේ නැහැ. මොකද මෙවනි අවස්තාවක් උදා වෙන්නේ තවත් අවුරුද්දකින්  පමනක් වන නිසා. මටත් වෙලාවකට හිතුනා මේ Exam ලියන එක පැත්තකට දාලා මෙහි අපුර්වත්වය පොඩ්ඩක් විදින්න.

වුනාට යලුවො ටික බොග විකාරෙන් ඉන්නව දැක්කම අදහස පොඩ්ඩක් පස්සට දැම්මා. මේ කාලය නම් පේරදෙනිය විශ්වවිද්දයාලය කහ වර්නයෙන් බැබැලුනු කාලයක්. මෙහි අපුර්වත්වය ඔබ දුට්වොත් ඔබගේ නෙත් සිත් දෙකම ඔබට හොරාම ඔබෙන් පැන යාවි.  ඇත්තටම පේරදේනිය campus එක කියන්නේ ලංකාවේ ඉහලම සුන්දරත්වය හා වටිනා පරිසර පද්දතියක පිහිටි campus එකක්. මේ දින වල එහි වටිනාකම තවත් ඉහල යනවා. ඔබත් නුවර ප්රදේශය තුල ජිවත් වන පුද්ගලයෙකු නම් මෙහි යතා සොභාවය ඔබගේ දැසින්ම දැක ගන්න පුලුවන්. පහත් ඡායාරුප වලින් ඔබට පුලුවන් ගැන තක්සේරු කරන්න. ඔබට එතකොට හිතේවිමේ දැස මගේ පින්වන්තයි……තේරුනේ දැන් තමයි…..


About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in පේරා Campus. Bookmark the permalink.

23 Responses to කහ මලින් දිදුලන පේරා campus එක…

  1. ෆොටෝ ටික නම් මාර ලස්සනයි බන්..පට්ට..මේ වගේ සුන්ද‍රත්වයක් අපිත් එක්කත් බෙදාගන්න හිතපු එක හොදයි,,තෑන්ක්ස්!

    • firefoxbeta says:

      පොටෝ ටික ඔහොමනම් ඇස් දෙකෙන් දකින් දේ කොහොම තිබේවිද….

  2. නවකයන් ලෙසින් මේ බිමට පැමිණ, වසර හතරක් මේ රුක් යටින් අපිත් ගියා.. මේ ගසේ අපි වෙනුවෙනුත් කහ පාටින් මල් පිපුණා මතකයි…. ඔබට ගොඩක් ස්තුතියි නාමල්.. සොදුරු මතකයන් ආයෙත් අළුත් වුනා මේ ඡායාරූ දැකලා.

    • firefoxbeta says:

      ඔබලා වෙනුවෙන් එදා පිපුනු මේ මල්, අනාගතය වෙනුවෙනුවෙන් හෙටත් පිපේවි…සැබවින් මෙය අපුර්වතම සුන්දර අත්දැකිමක්…මෙවනි සුන්දර පරිසරයක ජිවත විමට අපි සැබවින්ම පින් කල යුතුයි….

  3. පේරාදෙණිය හැබෑවටම සුන්දරයි. ඒ පේරාදෙණිය කැත කරන්නෙ ඔයාලගෙ කැම්පස් එකේ දෙන physical rag එක තමයි. ඒ නිසා මම ගාල්ලෙන් 112 වෙනියා වෙලත් පේරා ඉල්ලුවේ නෑ.😦

    • firefoxbeta says:

      ඔබ ඔය කතා කරන දේ සැබවින්ම් සංකිර්න මාතෘකාවක්…මේ පිලිබදව පුද්ගල මතය පුද්ගයාගෙන් පුද්ගලයාට වෙනස්….තුන්කල් දක්නා නුවනින් අපි විමසිය යුතු දෙයක්…මා සිතන ලෙස පුලුල් කතිකාවක් මෙයට ඇති විය යුතුයි…යම් යම් අවස්තාවලදි සමහර ප්‍රශ්ණ වලට හොදම පිලිතුර වන්නේ කාලයයි…..

  4. ඇත්තද මේ ශාකුන්තල අයියා කියන කතාව? ඕ!! :O

  5. පරිසර අතින් ලස්ස්න වුණාට ඉන්න සම(හරක්) හින්ඳා කැත වෙලානේ තියෙන්නේ අයියේ? කලා අංශයේදිත් තියෙනවද ඒ තත්වය?

    • firefoxbeta says:

      සම(හරක්)…හී..හී…හි… සමජයේ හැම තැනම ඉන්නවා….අපිට කරන්න තියේන්නේ..සම(හරක්) ඇසුර නැවතිමයි..ඔවුන් නිසා කැත වුනු පරිසරය මහගු ලෙසින් බැබැලවිය හැකි පුද්ගලයින් සමාජය තුල සිටිනවා…නමුත් සිදු කල යුතු වන්නේ කිරි කලයට ගොම බිදුවක් වත් එක් වීමට ඉඩ නොතැබීමයි…ඒ අපගේ වගකීමයි…

  6. @බින්කු

    ඇයි ඒ පැත්තෙ යන්නවත්ද ?😛

    • firefoxbeta says:

      එක පැත්තේ යන එක නම් වරදක් නැ..අපිත් සමහර වෙලාවට ඒ පැත්තේ රවුමක් ගහනවා….හී…හී…හී…

    • කොහොමත් කලාව කරන්න අදහසක් තියෙනවා මචෝ කරන ICT ගමන්. ජාමේ එතකොට බේරාගෙන නොවැ.

  7. shan says:

    Memories comes to my mind on the days I was at the pera campus.what a nice days I enjoyed there.

    I graduated from Sci. fac.

    Dear bro, Namal, thank for recalling ma memories.

    if u can, ple do mail me some pics of my paradise.
    shan.infor@gmail.com

    shan

  8. Palitha says:

    නියම ‍‍ෆො‍‍‍ටෝ ටිකක්. ‍‍මම ‍පේරා කැම්පස් ‍‍නොවුනත් කිහිපවතාවක් එ‍‍හෙ ගිහින් ති‍‍යෙනවා. මං හිතන්‍ ‍‍නෙ ලංකා‍‍වේ ති‍‍යෙන සුන්දරතම ස්ථානයක් තමයි ‍‍‍මේක. කැම්පස් එකකට සුදුසු පරිසරයක නිර්මාණය කරලා ති‍‍‍යෙන එකම කැම්පස් එක ‍‍‍පේරා‍‍දෙණිය. අනිත් එකක් වත් ‍‍‍මෙච්චර ලස්සනට කලාත්මකව සහ සැලසුම් සහගතව ‍‍‍ගොඩනගලා නැහැ.

    @ ශාකුන්තල
    රැග් එක හරිද වැරදිද කියන එක ‍‍‍වෙනමම එකක්. හැබැයි ‍‍කෙල්‍‍ලොත් කන රැග් එකට බය ‍‍‍වෙලා ‍‍පේරා ‍‍‍නොගිය එක හරිම අපරාදයක්.

    • @Palitha,
      බය කියල දෙයක් නම් නැහැ. වධ විඳින්න ඇති අකමැත්ත නිසා පේරා ආවෙ නෑ.

      අනෙක ඔය physical rag දෙන තැන් වල රැග් කියල කෙල්ලන්ට කරන්නෙ මොනවද කියලත් අපි දන්නවා. ඊළඟ කාරණාව… නෑ ඒක ඕන නෑ… ප්‍රසිද්ධ බ්ලොග් අවකාශයේ කීමෙන් නරකක් වෙන්න පුළුවන්.

  9. Sciencepal says:

    Nice picture I really like those

  10. DEEPS says:

    මාත් පේරා. මේ දවස් හරිම ලස්සනයි. දවසක් හොදටම වැස්ස වෙලවක KB එකෙ කාමරෙකට වෙල අපි මල් වැටෙන හැටි බලාගෙන හිටිය.සමහරු වැස්සෙ තෙමි තෙමී ඵොටෝ ගන්නවා.තවත් අය ජොලියට තෙමෙනවා.සුන්දර අත්දෑකීමක්

  11. ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ සොඳුරුම තැනක්. මම පේරාදෙණි යන්න වරම් ලැබුවේ නැතත්, නුවර තියෙන බලන්න ලස්සනම තැන මොකක්ද කියලා කවුරු හරි කිවුවොත් මම දෙවෙනියට කියන්නේ ඔතන ගැන තමා. ( අංක එකත් ඔය හරියෙන්ම තමා – හන්තාන )

    • firefoxbeta says:

      ස්තුතියි. නුවර පැත්තේ ආපු වෙලාවක මෙහේ සුන්දරත්වයත් දකින්න මේ පැත්තේ ඇවිල්ල යන්න එන්න🙂

  12. මම says:

    මමත් පේරා තමයි හිටියෙ. රැගත් කෑවා. බෝට්ටුවක් ආවා. කොළඹට ආවා. ශාකුන්තල අයිය කියන දේට මාත් එකඟයි.

  13. Pingback: සුන්දරත්වයේ තෝතැන්නක් වූ පේරාදෙණිය සරසවිය « පන්හිද

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s