ගේම් නම් ගේම් ..NFS MOST WANTED


 

ඉදල ඉදල ආයෙත් විභාගයක් ලංවෙද්දි most wanted ආයෙත්  play කරන්න පටන් ගාත්තා.Exam එකක් පටන් ගද්දි කොහෙන් හරි game එකක් හොයාගන්නවමයි.මම මේ සැරේ most wanted හය වෙනි වතාවට තමයි play කරන්නේ. ඒ හින්දම most wanted ගැන post එකක් ලියන්න හිතුවා. Most wanted කියන්නේ මම මෙතෙක් play කරපු කාර් games වලින් හොදම game එක.මෙම Need for speed most wanted game එක EA Black BOX සමාගම මගින් වැඩි දියුන් කර Electronics Arts මගින් 2005 වසරේදි නිකුත් කරනු ලැබුවා.පසු කාලිනව ඔව්න් විසින් NFS Carbon, NFS Prostreet, NFS Under cover ලෙස games කිහිපයක් හදුන්වා දෙනු ලැබුවා.  නමුත් අප සතුව තිබෙන පරිගනකය යොදා ගෙන වැඩි කරදරයකින් තොරව සෙල්ලම් කල හැකි Most Wanted පසුව පැමිනි games වලට වඩා සෙල්ලම් කිරිමට පොඩ්ඩක් අමාරු game එකක්. පොලිස් ලුහු බැදිම් හා street racing ඇසුරේන් මෙම game එක නිමවි තිබෙනවා.

 එසේම මෙම game එක WindowsXP PC ,Play station2, play station portable, Nintendo game cube, Xbox, Xbox 360, Game boy advanced, mobile phones ආදියේ play කල හැකි ලෙස නිකුත් වි තිබේනවා. එසේම NFS Seris එකේ දසවන සංවත්සරය සමරනු වස් ඔවුන් Most Wanted BLACK EDITION නමින් ගේම් එකක් නිකුත් කලා. මෙහි අමතර තරග, bonus car ආදි අමතර දේවල් අඩංගු වෙනවා.Most Wanted play කිරිමේදි අපට බ්ලැක් ලිස්ට් නමින් ඇති තරගකරුවන් 15 හා තරග වැදිමට සිදුවන අතර ඒ අතර තුරදි පොලිසිය සමග අල්ලන සෙල්ලම් කිරිමටද සිදුවෙනවා.මට දැනුනු ආකාරයට මෙය මුලින් play කරන විට යම්කිසි අපහසුවක් දැනෙනවා. Under Ground හා සැසදිමේදි එක් වෙනසක් වන්නේ මෙහි තරග වැඩිමට සිදුවන්නේ තාත්වික වු වේගයන් සහිතවයි.එම වේගවත් තරග රටාව නිසාම මෙය play කිරිමේදි සැබැ PC games අත්දකිමක් ලැබෙනවා.මෙහි තිබෙන අපහසුම කර්යය වන්නේ පොලිසිය හා සටන් වැදිමට සිදු විමයි.Black list එකේ ඉහලට පැමිනිමේදි එය තවත් අපහසු වෙනවා.  පොලිසිය ලුහුබදින අවස්තාවකදි සමහරවිට ඔවුන් මග හැරිම අපහසු කටයුත්තක්. මෙහිදි එක ලබා ගෙන එහි මැද තිබෙන එකට පැමින එහි නවතා ඇති බස් රත මතට පැමිනිය හැකියි. ඉන්පසු වෙන තුරු බොහෝ වේලා සිටිඅට පුලුවන්. නමුත් සමහර විටක පොලිස් රත එම බස් මතට පැමිනෙනවා.එවනි විටකදි ඒවා තල්ලු කල හැකි අතර එසේ අපහසු විට පලා යන්න ඕන.එසේම සමහර අවස්තාවලදි පොලිස් මාර්ග බාධක කැඩිමට සිදුවෙනවා. මෙහිදි එම මාර්ග බාධක අසලට පැමිනි අවස්තාවේදි persuit breaker(Default key=X) එක එබිමෙන් එම මාර්ග බාධක ඉතාම හොදින් කැඩිය හැකියි.  එසේම අප තරග වදින රථයේ performance තරගයට අදාල පරිදි වෙනස් කල යුතු වෙනවා (performance optimizing).සමහර අවස්තා වල්දි අපගේ කාර් එක ලිස්සා යැමට පුලුවන්. මෙහිදි සිදුකල යුත්තේ nitrous ලබා දිමයි. මෙහිදි  කාර් එක නිවරදිව පාලනය කල හැකි වෙනවා.තරගය ආරම්භකිරිමේදි perfect launch එකක් ලබා ගත හැකි නම් තරගය ඇරබුමේදිම අපට වාසියක් ලබා ගත හැකියි. පොලිස් ඇසට වැලි ගසා බේරිමට නම් අපට කාර් කිහිපයක් යොදා ගැනිමට සිදු වෙනවා.Miliestone game එකකට ගොස් නැවත වෙන milestone තරගයකට යාමේදි වෙන කර් එකක් යොදා ගැනිමෙන් පහසුවේන් cool down වීමේ අවස්තාවක් ලැබෙනවා.ඔබ යම් අවස්තාවකදි පොලිසියට හසු වුවහොත් “busted”යන්න දර්ශනය වීමට පෙර ALT+F4 එබිමේන් දඩ කැම වලක්වා ගත හැකියි.එසේම ඔබට මුදල් ඇවසි නම් සිදු කල යුතු වන්නේ ඔබට හැකි race නැවත play කිරිමයි. ඇත්තම කියනවනම් Most Wanted ගැනකියන්න තියේන දේ නම් බොහොමයි. බොහෝ විට මේ පිලිබදව අපට මනා අවබෝදයක් ලැබේන්නේ ගේම් එක හොදින් play කිරිමෙනි.එවිට ඔබට මිට වඩා නවතම දේවල් සොයා ගත හැකි වේවි.ඔබට මෙහි තිබෙන විවිද අවස්තාවන් පහත සදහන් link එක බාවිතා කිරිමෙන් නැරබිය හැකියි. 

NFS MOST WANTED

 සමහර විට cheat ආදිය ඔබට මේ සදහා භාවිත කල හැකියි.යොදා කිරිම එක් අතකින් හරි වන අතර තවත් අතකින් එය සදහා සදාචාරත්මක නොවන්න බවයි මගේ අදහස. මේ පිලිබදව ඔබගේ අදහස් බොහෝ වටිනවා. කෙසේ වුවත් මෙම එක උසස් මට්ටමේ තිබෙන game එකක්.Metacritic සහ Game Rankings. GameSpot වල  මේ සදහා 82% පමන ඉහල ලකුනු මට්ටම්ක් ලැබි තිබේනවා. ඉතින් ඔබත් MOST WANTED PLAYER කෙනෙක්ද?

 

 

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ගේම්ස්. Bookmark the permalink.

9 Responses to ගේම් නම් ගේම් ..NFS MOST WANTED

  1. ආ… මගෙත් ප්‍රියතම ගේම් එකක් තමයි, දැනට මම PS2 හා මගේ පරිගනකයේ දෙකේම ගහනවා, ඔෆිස් එකේනම් ලෑන් එකේ කටිය එක්ක සෙලම් කරනවා. නියමයි.😀

    • firefoxbeta says:

      ආය office, ගෙදර කියලා වෙනසක් මොකද…most wanted කියන්නේ ඔන හන්ක කරන්න පුලුවන් එලම game එකක්.

  2. මට නම් Car Game නම් NFS තමයි…😀

  3. sampath says:

    mewa thamai game….sampath

  4. චමිල says:

    මම racing වලට වැඩිය FPS වලට තමයි කැමති. ඒත් Most Wanted වලට නම් වැඩි කැමැත්තක් තියෙනවා. මේකෙ lighting එහෙම හොඳ තත්වයක තියෙනවා.

    නැද්ද ගහන්නේ Call of Duty ?

    • firefoxbeta says:

      තාම ගහන්ට වෙලවක් සෙට් වුන් නැනේ…මැෂින් එකට අප්ඩෙට් එකක් දාගෙනම පටන් ගන්න ඕන…🙂

  5. DEEPS says:

    ආයෙත් අහලා මම මේ වෙනකොට එක දිගට සෙල්ලම් කරල තියෙන්නෙ එකම ගේම් එක හැබැයි අර Manually gear දාගෙන යන්න තියනකොට නම් මුලදි ටිකක් එපා උනා.එකත් ටිකක් පුරුදු වෙනකොට ගානක් නෑ.

  6. අමිල නුවන් රණසිංහ says:

    මමත් මේ දවස්වල nfs most wanted play කරනවා. මේ ලිපියෙනුත් ගොඩක් දේවල් දැනගත්තා. ස්තූතියි. එළකිරි ගේම් එක

    • panhida says:

      මේක මම සෙල්ලම් කරපු රේසිං ගේම වලින් ආසම එක..එළ ගේම එකක්..🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s