ලොකයේ ගාන අඩුම කාර් එක……


 

දවස් ටිකක් ඉදල ඉදල පොස්ට් එකක් බ්ලොග් එකට දාන්න හිතුනා. මේ දවස් ටික මට නම් එපා වෙලා ඉන්නේ. මේ දවස් වල කැම්පස් එකේ මිඩ් එක පටන් ඇරගෙන තියෙන්නේ.බොග විකාරෙන් දගලන ගමන් තමයි ඉතින් මේ වැඩෙත් කරන්නේ. කැම්පස් කිවොත් විභාග තමයි. අස්සේ ආතල් වැඩත් නැතුව නෙවයි.මේව කියන්න ගියොත් කියන්න යන එකත් අමතක වෙනවා. මම මේ කියන්න යන්නේ ඉයේ නිකුත් කරපු අලුත්ම ටාටා නැනො කාර් එක ගැන. මේ ගැන කියන්න යන්නේ මේක දැනට ලොකයේ නිපදවා ඇති අඩුම මිල කාර් රථයයි.

මේක විකිනිමට තීරණය කරලා තිබෙන මුදල වන්නේ 2500u$ කට පමන. ඔවුන්ගේ ඉලක්කය ව් ඇත්තේ මෝටර් සයිකල් භාවිතා කරනු ලබන අති විශාල පාරිභෝගික පිරිසයි. ඔවුන්ගේ මතයට අනුව ඔවුන්ගේ අරමුන වන්නේ මාර්ගයේ පදවනු ලබන බයිසිකල් වෙනුවට මෙම නැනො කාර් රථය ආදේශ කිරිමයි. මොවුන් මෙම රථය මාදිලි කිහිපයක් යටතේ නිපදවා තිබෙනවා. Nano Base, Nano CX mid level, Nano LX top end, අතර වෙනවා..

තත්පර 8 ඇතුලත පැයට කිලෝමිටර 0-60 අතර ත්වරණයක් ලබා ගත හැකි අතර උපරිම වේගය 105 පැ/කි.ම් වනවා. 624CC සිලින්ඩර් දෙකේ එන්ජිමක් මේ සදහා යොදා ගැනෙනවා. පහසු අලුත්වැඩියා කටයුතු සදහා EMS (electronic engine management) නමින් පද්ධතියක් මෙහි තිබෙනවා. පෙට්‍රල් භාවිතය23.6 kmpl පමන වෙනවා. මාස 18 හෝ කිලෝමිටර 24000 වගකිම් සහතිකයක් මේ සදහා ලබා දෙනු ලබනවා. පැහයන් කිහිපයක් සහිත තෝරා ගැනිමක් ඔබට මෙහිදි ලැබෙනවා.

මෙහිදි ඔබ සිතන්න පුලුවන් මෙවනි අඩු ගනනකට මෙම රථය ලබාදෙන්නේ ඇයි කියා. මෙහිදි manual steering පද්දතියක් සමන්විත වන අතර වායු බැගයක් තිබෙන්නේ නැහැ. වාහනයේ භාහිර නිපදවා ඇත්තේ sheet metal හා plastic වලිනි. එසේම මෙහි auto shutters නැහැ. එසේම වායු සමිකරන පද්ධතියක් මෙහි රහිත වෙනවා.

මා සිතන ලෙස මෙම රථය පසුම්බියට සරිලන රථයක්.නමුත් ලංකාවට මෙය පැමිනිමේදි කොපමන මිලක් දරයිද යන්න කියන්නට බැහැ. අපේ රටේ බදු ක්රමය නිසා ලොව මිල අඩුම රථයේ මිල මිට වඩා ඉහල යන්න පුලුවන් කමක් තිබේ. සමහර විට සුපුරුදු මොටර් බයික් එකම අපට පිහිටට එයි.

ඔයගොල්ලන්ට මේ පිලිබදව වැඩි විස්තර පහත වෙබ් ලිපිනයෙන් ලබා ගන්න පුලුවන්.

TATA NANO CAR

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in වාහන, වෙනත්. Bookmark the permalink.

10 Responses to ලොකයේ ගාන අඩුම කාර් එක……

  1. ravaya says:

    එත් මෙවැනි දෙයක් කවදාවත් අපට උරැම කරගන්න බැහැ අපට ඉතින් දිවි පරදුවට තබා යන යතුරැ පැදියම තමයි පිහිට.එකෙත් බදුනේ.

    • firefoxbeta says:

      ලංකාව දැන් ඉන්දියාව සමග වෙලද ගිවිසුමකට එලබ ඇති බව මම සගරාවක දුටුවා. එය නිවරදිව ක්‍රියත්මක උනොත් සමහරවිට බදු සහන ලැබයි…එත් ඉතින් දන්නවනේ…ඔවා ඉතින් වෙනකන් ෂුවර් නැ….

  2. මම නං බයික් වලට ආසයි. බයික් එකකින් ගන්න ආතල් එක වෙන මොන වාහනයකින්වත් ගන්න බෑ.

    • firefoxbeta says:

      අපිට ඉතින් මේ කලේ බයික් තමයි….එත් කොහොමද රෝද හතරක් සෙට් උනොත්…උඩින්ම තමා ගමන්…

  3. Thilina says:

    මගෙ pulsar යකඩ අස්සයාගෙන් ගන්න වැඩ නම් මෙ‍ව්වලින් නම් කරන්ඩ බෑ. අ‍ැයි 100 ට විතර යන්ඩ පුලුවන්නෙ, හැබැයි හැප්පුනොත් බඩුම තමා

  4. අවාසනාවට අපිටත් මේ වගේ එකක් අපිටවත් හදන්න අපේ එකට උපකාර නැතිකමටම නැවතුණා. අපිට ඉතිං අපේ එවා හොඳ වුණත් ඊට වඩා පිටරට බාල හරි ලාභ ඒවානේ වටින්නේ හොඩාක් වෙලාවට.

    • firefoxbeta says:

      අපිට නිෂ්පාදනයට වුවමනා දැනුම තිබෙන පුල්ගලයින් ඉන්නවා. නමුත් රජයේ උදව්ව නිසි ලෙස ලැබේන්නේ නැහැ….අපිටා යම් සිමාවක් දක්වා යාමට පුලුවන්. නමුත් එතනින් එහාට යාමට නිසි අනුබලය ඇවසි වෙනවා.

  5. ඉන්දියාවෙන් බදු නැතුව ගෙන්නන්න පුළුවන්.
    එහෙම උනොත් ෂුවර් අපේ තාත්තත් ගනී.
    මට ගම්පල යන්න උනත් පුළුවන්.

  6. firefoxbeta says:

    ඔන්න මේ අවුරුද්දේ අන්තිමටම මේ කාර් එක ලංකාවට එනවලු. ගන්න අය ඉතින් ලැස්ති වෙලා ඉන්න….

Leave a reply to firefoxbeta Cancel reply