අලුත්ම විනෝදාංශය- සිම් එකතු කිරිල්ල….
එක්සැම් වලට පස්සේ ඉතින් පොඩි නිවාඩුවක් හම්බවුනා. දවස් දෙක තුනක් එහෙ මෙහෙ රවුම් ගහල අද අයෙත් යාලුවො ටිකත් එක්ක ෆැකල්ටිය පැත්තේ එහෙම ගියා. ඕන්න එතකොට තමයි ආරංචිය ආවේ. කට්ටිය එක්ක කොමන් එකේ පොඩි කතාවත් දාගෙන ඉන්න කොට යාලුවෙක් ඇවිල්ල කිව්වා “අන්න බං WUS ( මෙය විශ්වවිද්‍යාල හා ෆැකල්ටි අතර සිටින සිසුන් අතර සුහදත්වය වැඩි කර ගැනීමට එකතුවෙන තැනක්)… එකේ AIRTEL සිම් දෙනවා…ගොඩක් 50 යි….තව පන්සිය ගානක රිලෝඩ් එක්ක…”
හැබැයි ගොඩට වැටෙන්නේ සිම් 3 නයි. බලද්දි නරකමත් නැනේ. කට්ටියම තව ටිකක් වෙන කයිවාරුත් ගහලා WUS පැත්තට යන්න නැගිට්ටා. ”ඔය සිම් ටික ඇරගෙන කතාකරල විසික් කරත් කමක් නැනේ…” කිය කිය අපි ටික ගියා WUS එකට. Read more »
මොළයට හානිදායක වන පුරුදු
හුගක් වෙලාවට හුගක් දෙනා හුගක් අයට කියන කතාවක් තමා “මේකට මොළේ කළදක්වත් නැ” කියන එක
හුගක් අය මේ කතාව කියල ඇති… තවත් අය අහගෙනත් ඇති. කොහොම උනත් මම මේ කියන්න යන්නේ අපේ මොළේ ක්‍රියාකාරීත්වය විනාශකරන නරක පුරුදු කිහිපයක් ගැන. පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න ඔයගොල්ලොන්ටත් මේ නරක පුරුදු තියෙනවද කියලා
- උදේ ආහාර නොගැනීම:- උදේ ආහාර නොගැනීම නිසා බොහෝ දෙනා තුල පහල රුධිර මට්ටමක් ඇති වෙනවා. මේ නිසා අපගේ මොළයට නිසි පරිදි පෝෂණය නොලැබීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය යම් මට්ටමකින් පහල බසිනවා. Read more »
නීලාවැලි ලලනියගේ පහස විදින්න……
නිදහස උදාවීමත් සමගම පරිසරය, මිනිසුන්, සතුන් සැම දෙනාම පාහේ නැවූම් වූ ජීවිතයකට ගොඩවදිනවා. නිදහසත් සමගම මිනිස් ඇසට කාලයක් තිස්සේ තමන්ගේ සුන්දරත්වය සගවාගත් බෝහෝ පරිසර පද්ධතින් දැන් වන විට නැවුම් ප්‍රබෝධයකට පත්ව තිබෙනවා. මේ අතරින් ලංකාවේ දර්ශනීයම මුහුදු තීරය ලෙස නම්දරා තිබෙන නීලාවැලි වෙරල තීරය ප්‍රමුඛ ස්ථානයක්.දශක ගනනාවක් තිස්සේ තමන්ගේ සුන්දරත්වය කටුක යුද්ධය හමුවේ වැළැලුනත් නිදහසේ අරුණලු සමගම මේ නීලාවැලිය තම සුන්දර සිනහව මුලු ලෝකය හමුවේ පෙන්නනවා. ඉතින් මේ සුන්දරිය දැක බලා ගැනීමට ඔබටත් දැන් පුලුවන්…කොළඹ සිට 271Km පමණ දුරින් නැගෙනහිර වෙරලේ පිහිටා ඇති මෙම අසිරිමත් වෙරළ තීරයට ත්‍රීකුනාමල නගරයේ සිට 11Km පමන දුරක් තිබෙනවා.
ඊජ්ප්තුවේ පිරමිඩ වලට දෙවෙනි නොවූ අපේ රටේ පිරමිඩ……..
අපි හිතන් ඉන්නේ පිරමිඩ තියෙනේ ඊජිප්තුව වගේ රටවල් වල කියලනේ. මාත් මේ මාස කීපයකට උඩිනුත් හිතාගෙන හිටියේ එහේ විතරයි ඒවා තියෙන්නේ කියලා
නමුත් මගේ යාලුවන් කිහිප දෙනෙකු සමග සිදුවූ සිද්ධියකින් පසුව මට තේරුනා අපේ රටෙත් පිරමිඩ තිබෙන බව
බලන්ටකෝ අපේ රටට කොච්චර ආඩම්බරයක්ද ඒක. නමුත් අපිට ආඩම්බර විය හැක්කේ අපේ රටේද අහස උසට ඒවන් පිරමිඩයන් ඉදිකර තිබෙනම් පමණි. නමුත් අපිගේ දර්ශන පතය ඉක්මවා අහස උසට නැගී තිබෙන මෙම පිරමිඩ සැබැවින්ම ලක් මාතාවගේ ආඩම්බරය හැල්ලුවට ලක් කිරිමක්.සදාචාර විරෝධි ලෙස සමාජයටම පිළලයක් වෙමින් දීනෙන් දින ගොඩ නැගෙන මෙම විශාල පිරමිඩයන් සමාජයේ අහිංසක මිනිසුන්ගේ ලේ, කදුලු මතින් අහස උසට ගොඩ නැගී මුලුමහත් රටක්, සමාජයක්ම සුනු විසුනු කර දැමීමට සමත්ය. සමහර අයෙකුට මෙය කුමක්දැයි නොවැහැටුනද බෝහෝ අයෙකුට මා මේ පවසන්නට යන දෙය පිලිබදව යම් තාක් දුරට හෝ වැටහීමක් ඇති. පිරමිඩ නමින් හදුන්වනු ලබන, රටක ආර්ථිකයේ කොදුනාරටියට දැවැන්ත පහරක් එල්ල කල හැකි මේ බූවල්ලා බොහෝ දෙනාගේ ඇස් වසාලමින් එකින් එකා ඩැහැ ගැනීමේ දැවැන්ත ප්‍රයත්නයක දැනටත් නිරත් වෙමින් සිටිනවා.
අලුත් Face book එක….
මේක මේ මට යාලුවෙකු එවපු මේල් එකකින් ගත්තේ…. මේ දවස් වල exam එකට වැඩ හින්දා වැඩිය ලියන්න නම් වෙලාවක් නැ.. මේ පල්ලෙහා තියෙන පින්තුරේ පොඩ්ඩක් බලන්ටකෝ.. සමහර අය නම් දැකලත් ඇති… Face book එකේ new version එක….. කොහොමද අලුත් version එක අපේ රටේ හැම සැම තැනකටම Face book රිංගලා කියන්න මේක හොදම උදාහරණයක්
(ඒක නිකන් කිව්වේ… )
Face book මැජික්ද…. ?
ඕන්න ඉතින් මට Face book එකේ එහෙ මෙහෙ යද්දි පොඩි දෙයක් අහු උනා. හැබැයි ඉතින් සමහරවිට සමහර අය මේ වැඩේ දන්නවත් ඇති. දන්නැති අයත් ඇතිනේ. ඇති දෙයක් නැති උනත් මේක පොඩ්ඩක් අමුතු නිසා තමයි පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවේ.කරලම බලන්ටකෝ. ඔයගොල්ලෝ තමන්ගේ Face book AC එකට log වෙලා screen එක උඩ click කරලා පහත තිබෙන යතුරු පිලිවෙලට ඔබන්න;
up, up, down, down, left, right, left, right, b, a, enter, click
මොකද වෙන්නේ
අහන්ටනම් එපා කොහොමෙයි වෙන්නේ කියලා
———————————————————————————-
මේ කැල්ල පස්සේ ලියන්නේ…….
ඔන්න ප්‍රවීන් යාලුවා කිව්ව නිසා මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඉතින් ඔයගොල්ලොන්ටත් මේ Konami Code ගැන වැඩිපුර දැන ගන්න පුලුවන් මේ පුරුක් හරහා ගියොත්…..
පෝස්ට් එක එච්චරම අවුලක් නැනේ…
තමුන්ගේම නහය තමුන්ටම හපා ගන්න පුලුවන්ද….?
ඔන්න කාටද පුලුවන් කටින් තමන්ගෙම නහය හපන්න… පුලුවන් එක්කෙනාට තැග්ගක් දෙන්නයි යන්නේ
හැබැයි ඉතින් හපාගන්නම් ඕනේ. ඇත්තම කතා කරොත් මේ වැඩේ තරමක අපහසු දෙයක්. තරමක කීවත් බෑ වගේම තම. නමුත් පල්ලෙහා තියෙන් පින්තූර ටික බලන්න. මේ ටික මට යාලුවෙක් ඉමේල් මගින් තමා එවල තිබුනේ. හැබැයි යාලුවා නෙවෙයි නහය හපාගෙන් තිබුනේ
පිට රටක පුද්ගලයෙක්.
පින්තූර ටිකක් බලද්දි මොකද්දෝ මොකද්දෝ වගේ
කෝකටත් බලන්ටකෝ. හැබයි මේක බලල තමන්ගේ හරි අනුන්ගේ හරි නහයවල් හපන්න නම් යන්න එපා.මේ ටික බලලා නොබැලුවා වගේ ඉන්නකෝ
සුපිරි පරිඝනකයකින් වැඩකරන්න…
කවුද කැමති සුපිරි පරිඝනකයකින් වැඩ කරන්න? අකැමැති කෙනෙක් ඉන්න බැනේ
මෙන්න ඒකට ඔයගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා. පුදුම වෙන්න දෙයක් නැ. ඇමෙරිකානු සමාගමක් තමා මේ සේවය ලෝකයට ලබා දෙන්නේ. Interactive Supercomputing නම් සමාගම මගින් හදුන්වා දෙනු ලබන මෙම සේවය ඕනෑම අයෙකුට පැයකට 2.77$, ආසන්න වශයෙන් රුපියල් 300 පමණ ගෙවා ලබා ගත හැකියි.හැබයි ඉතින් වැඩේ තියෙන්නේ ඔබට සුපිරි පරිඝණකයක් මගින් කිරීමට තරම් විශාල වැඩ කන්දරාවක් තිබේද යන්නයි. මෙම සේවාව බොහෝ ලෙස වැදගත් වන්නේ විද්‍යාඥයන්, පරියේෂකයන් වැනි පුද්ගලයින් සදහායි.
ප්‍රභාගේ අවසානය- නැවත….
ඔන්න ඊයේ රෑ දැම්මා පෝස්ට් එකක් ප්‍රභාගේ අවසානය අපේ හමුදා සෙබලෙකු අතින් වීඩීයෝ වුන හැටි. විඩියෝ එකේ You tube ලින්ක් එක තමා දැම්මේ. ඒකනේ ලේසි වැඩේ. ඒ වුනාට අද උදේ නැගිටලා බලද්දි මෙන්න බොලේ comments ඇවිල්ල වීඩියෝව නැතෙයි කියලා
User අයින් කරලලු. එයාටත් වෙන වැඩ නැනේ.යන්තම් මගේ යාලුවෙක් මේ වීඩියෝ එක Face book වලට Upload කරලා තිබුනා.මෙහි සිදුවන කතාබහටද හොදින් ඇහුම්කන් දෙන්න.ඉතින් සිදුවූ ප්‍රමාදය පිලිබදව කණගාටුව පළ කරනවා






