bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට
එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප
වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන්
ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters
Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු
3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර,
ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට
පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික
පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය
කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත්
මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ
(http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක්
(ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම
තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය
අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක්
ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද
අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට
කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන
සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා
.LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු
ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු
එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most
Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා
අස්කරගනු ලැබේ.
මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශයයේ සබැදුම
මිනමාට ඛේදවාචකයෙන් මතු වන අදුරු පැතිකඩ…..
ඔන්න ඉතින් මාසෙකටත් වඩා කාලයක් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා
මේ ඇකඩමික් අස්සේ මෙලෝ වැඩක් කරගන්න වෙලාවක් නෑනේ. යකා බැද ගත්තා වගේ වැඩ.(හැබයි කරන වැඩකුත් නෑ
. හරි ඒ කතාව පැත්තකින් තියමුකො. අද කතා කරන්න යන්නේ 1956 දී ජපානයේ මිනිමාටා ප්‍රදේශයෙන් වාර්තා වුන දැවන්ත පරිසර ඛේදවාචකයක් ගැන. මේ ගැන මට ලියන්න හිතුනේ අපේ රටෙත් මේ වගේ දේවල් මහජනයාගේ ඇස් වසමින් සිදුවන නිසා. මේ සම්බන්දව බොහෝ දෙනාගේ දැනුම අඩු වීම මීට ප්‍රධාන හේතුවක්. හරි අනං මනං නැතුව කෙලින්ම කතාවට බහිමුකෝ. කාටත් හොරා මේ වෙන දැවන්ත පරිසර දුෂණයට ප්‍රධාන හේතුව වන්නේ බැර ලෝහ. බැර ලෝහ කියල අපි හදුන්වන්නේ අඩුම තරමේ ජලයේ විශිෂ්ඨ ගුරුත්වය මෙන් පස් ගුණයක් තරම්වත් විශිෂ්ඨ ගුරුත්වය වැඩි රසායනික මූලදව්‍යයන්. මේවා බොහෝමයක් විෂ සහිත ඒවා ලෙසයි සැලකෙන්නේ. බිස්මත්, ඇන්ටිමනි, රසදිය, ලෙඩ්, කැඩ්මියම් ආදිය මින් කිහිපයක්.
කන්නෙලිය වන පියසේ සොදුරුතම මොහොතක්……
ඔන්න මම ඉතින් කිව්වනේ අපි කලින් ගියපු ට්‍රිප් එක ගැන. ගියේ ගාල්ලේ. එකේ දෙවනි කැල්ල කියන්න තමා මේ යන්නේ. මගේ මේ ලිපියට අදාල වන තැන තමා කන්නෙලිය වන සංරක්ෂිතය(Kanneliya Man and Biosphere Reserve). සුන්දර වන පියසක අපුර්වතම අත්දැකීම විද ගන්න මෙම ස්ථානය ඔබට මනා තෝතැන්නක්. විසල් තුරු ලතාවන්ගෙන් මෙන්ම නෙතට කලාතුරකින් දැකිය හැකි සතුන්ගේ අභය භූමියක් ලෙසද මෙය හැදින්වීමට පුලුවන්. ඔබ පරිසරයට සංවේදී මිනිසෙකු නම් මෙම ස්ථානය ඔබට ඔබගේ සිතුවිලි නිදහසේ මනසින් විදීමට කදිම තැනක්.ගාලු පුරවරයේ සිට පැය 1 1/2 පමන දුරකින් යුතුව පිහිටා ඇති මෙම වන පියස පරසර හිතකාමීන් සදහා විවෘත පෙදෙසක්. මෙහි සිරිය විදීමට ඔබට පහසුකම් කිහිපයක් වනසංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් සපයා දී තිබෙනවා.
වෙල් වතුරේ ඔරුවෙන් රවුමක්….
මෙදා සැරේ exam ඉවර වෙනකන් කල් බල බලා හිටියේ කට්ටිය එක්ක සෙට් වෙලා එළ ට්‍රිප් එකක් යන්න. ඒ වුනාට එක එක්කෙනාට, එක එක වෙලාවට, එක එක වැඩ වැටෙන හින්දා වැඩේ පොඩ්ඩක් කල් ගියා. කොහොමෙන් කොහොම හරි ගිය සතියේ කට්ටිය එකතු වෙලා ගියා පොඩි ට්‍රිපක්
ටික දෙනෙක් මේ වැඩෙත් අල කරා ඒ ගොල්ලන්ගේ වැඩ ඉස්සරහට දාලා. කොහොම හරි අපි ටික දෙනෙක් එකතු වෙලා ගියා ගාල්ලට ගමනක්. මේක මේ ගාල්ල කිව්වට ගාල්ලම නෙවේ. ගාල්ලේ ඉදන් යන්න ඕන රට ඇතුලට පැයක්, පැය එකයි කාලක් විතර බස් එකේ. බස් එකත් යන්නේ හැටට හැටේ. ගාල්ලට යන්න ගත්තේ කෝච්චියේ. අප්පෝ පැය 6 විතර යන ගමනක්. කෝච්චියත් එපා වුනා උදේ පන්දර 5.30 ට නැගලා බහිනකොට හවස 1.00 විතර වුනා. ඊට පස්සේ පැයක් විතර බස් එකේ. අපි ගියේ මාපනාගම කියන යාලුවාගේ ගමට. දවසේ Read more »
මගේ දඩුමොණරය…..
අපේ හුග දෙනෙක් කැමතිනේ පයින් යනවට වඩා රෝද 2 ක් උඩ නැත්නම් රෝද 4 උඩ යන්න
ඉතින් මටත් ඔය වගේම ආශාවක් තිබුනා රෝද 2 කේ වාහනයක් ගන්න. ඔය ආශාව මට ආවේ අමුතුම විදිහකට. දැනට මීට අවුරුද්දකට කිට්ටුව මම ජීවිතයේ මංගල වාහන අනතුරට මුහුන පෑවා. ඒදා පෙට්ටියකින් යන් නැතුව අනූනවයෙන් බේරුනේ
යාලුවෙක් එක්ක පාන්දර 2.00 ට විතර බයික් එකක එන කොට තමා මේ අනතුරට මුහුන පෑවේ. බයික් එක අරගෙන ගියේ මගේ යාලුවෙක්. ගමන පිටත් වෙලා විනාඩි 5 ක් වත් ගියේ නෑ….වැලමිට වංගුවක් ගන්න යද්දි යාලුවාට නිද්ද ගිහිල්ලා…බයික් එකක් කෙලින්ම යනවා. මම කෑගැහුවා…ගතවුනේ තත්පර කීපයක්…පාරේ අයිනේ තීබුනු බෝක්කු කණුවක වැදී බයික් එක සමග අපි දෙන්නම පාරේ වැටුනා. මට මතක පාරේ වට කීපයක් රෝල් වෙනවා විතරයි. Read more »
අපේ කාලේ සිංහයෙක්….
කොහොමද අපි ඉන්න ටවුන් එකකට සිංහයෙක් ආවොත්
මළකෙලියයිනේ…ඉස්සරනම් කොටි ආව..දැන් සිංහයොත් එන්ට පටන් අරගෙන කියල ඔයගොල්ලෝ හිතයි…මේ ෆොටෝ ටික මට ආවේ මේල් එකකින්. නගරයක එක්තරා වාහන නඩත්තු කරන ස්ථානයකට තමයි මේ සිංහයා ඇවිල්ලා තියෙන්නේ. බලන්ටකො මේ මහ දවල් සිංහයා බයක් හැකක් නැතුව මිනිස්සු ගැවසෙන් තැන් වලට ඇවිල්ල…මල ජංජාලයක් නේ කරන්න යන්නේ…..
අම්මේ ගෙදර යමු නේද….?
ඔන්න අද අහම්බෙන් වගේ මට අවස්ථාවක් ලැබුනා පින් කටයුත්තකට සහභාගී වෙන්න. විභාගේ කටේ ඉදගෙන උනත් පින් අතේ වැඩක් නිසා මම පස්ස ගහන්නේ නැතුව ඒ වැඩේට ගියා
. වැඩේ තමයි වැඩිහිටි නිවාසයකට දනයක් දීම. මේ අවස්ථාව මට වැදගත් උනේ මම මීට කලින් මේ වගේ වැඩිහිටි නිවාසයක දානයක් සදහා සහභාගී වෙලා නැති නිසා. නමුත් අහම්බෙන් හරි මේ අවස්ථාව මට ලැබීම නව අත්දැකීමක් ලබා දුන්නා. ස්ථානය වුනේ රඹුක්කන නගරය කිට්ටුව තිබෙන “අශෝක වැඩිහිටි “නිවාසය. මම තව මගේ නෑදෑ වන අක්කා කෙනෙකු සමග වැඩිහිටි නිවාසයට ගියේ උදෑසන 10 ට පමන. අපිට භාර වී තිබුනේ දවල් දානයයි. පැරණි නිවසක පිහිටා තිබෙන මෙම වැඩිහිටි නිවාසය තුල අපේම අම්මලා හා අපේම තාත්තලා වගේ ඉන්න අම්මලා හා තාත්තලා 25 පමන සිටිනවා. නමුත් හේතුවකට හෝ අහේතුවකට ඔවුන් මෙහි කල් ගෙවන්නේ තමන්ගේ දයාබර දරුවන්, නෑදෑවරුන් ගෙන් ඈත්වයි. දරුවන්, නෑදෑයන් ඉන්නවනම් මොනවටද මේ වැඩිහිටි නිවාසයකට ඇවිත් ඉන්නේ.
නැගිටින්න….පරාජයේ අදුරු සෙවනැලි මතින්…..
ලෝකේ විව්ධාකාර මිනිසුන් ඉන්නවා. ඒකනේ අපි කියන්නේ ලෝකේ ගෝලාකාරයි..මිනිසුන් විවිධාකාරයි කියලා . මේ විවිධ මිනිසුන් දිහා බලපුවහම සමහරක් දෙනා ඉන්නවා පරාජය හමුවේ පැන යන හා සමහරක් දෙනා ඉන්නවා පරාජය හමුවේ පැන නොයන. ඉතින් මේ දෙගොල්ලන් අතරින් ජිවිතයේ ඉදිරියට යන්නේ පරාජය හමුවේ පැන නොයන මිනිසුන්…මේ ගැන කතාකරන කොට අපිට කතා නොකරම බැරී චරිතයක් ඉතිහාසයෙන් හමුවෙනවා. ඒ තමයි ඒබ්‍රහම් ලින්කන්. පරාජය යන්න ඔහුගේ ජීවිතයේ මුල්භාගය තුලදී කැපිපෙනෙන දෙයක් බවට පත්වී තිබුනා. දිගින් දිගටම ඔහු ජිවිතයේ සරදමට ලක් වුන බව පහල දත්ත දිහා බලපුවහම ඔබට තේරේවී. Read more »
මාලක මලනුවනි…ඔබට නිවන් සුව…………….
ජිවිතය තණ අග රැදි පිනි බිදුවක් වැනිය…කාටත් හොරෙන් නොසිතූ මොහොතක, සියල්ලන් හඩවා, නැවත නොපැමිනෙන්නට ජීවිතය යන්නේ සියලු බැමි බිදිමිනි…ඇතැමි විට මෙසේ අහිමි වන්නේ සමාජයට, රටට, අත්‍යවශය මිනිසුන්ය. සමාජයට පිළල බදු මිනිසුන් සමාජයට ඉතිරි කරමින් සමාජයට වැඩදායක මිනිසුන් සමාජයෙන් වෙන් වීම අපගේ අවාසනාවයි…මෙය සැබැවින්ම සරදමකි…රටටම මහත් හිසරදයක් වූ ඩෙංගු මාරයාගේ ගොදුරක් බවට පත්වූ මාලක ප්‍රසාද් පත්මසිරි මලනුවනි, ඔබගේ මේ අකල් නික්මන බොහෝ දෙනා හඩවන්නේ ඔබ සැබැ මිනිසකු වූ නිසාවෙනි…වසර අටක් රණබිම රාජකීය විදු පියසේ අකුරු කරමින්, සිනාමුසු මුහුනින් අප හා දොඩමලු වූ ඔබ ඉගෙනුම හා සමානව බාහිර ක්‍රියාකාරකමේද හපනෙකු වූයේය. ඉන් අනතුරුව
පේරාදෙනිය විදු පියසේ ඉංජිනේරූ පීඨයට ඇතුලත්වෙමින් එහි ඉගෙනුම ලැබීමට ඔබ සමත් වුවත් සියල්ලන් හඩවා ඔබ වෙන්වී යාම ඔබගේ දයාබර සිනහව, සෙනෙහෙබර කතාව රස විදි සැමගේම අවාසනාවකි. ඉතින් මෙවන් විපතක් සසර සැරිසරන තුරාවට ඔබට අත් නොවේවා… මෙය ඔබ වැනි සහෘදයකුගේ ආශ්‍රය ලැබීමට භාග්‍ය ලැබූ සැමගේ සිත් තුල තිබෙන පැතුමයි… මල්ලී ඔබට නිවන් සුව…………….
යාලුවාගේ ඇප බැදිල්ල…..
මීට මාස දෙකකට පමන කලින් මගේ මිතුරෙක් බයිසිකල් අනතුරකට මුහුණ දුන්නා
අනතුරට මුහුන දුන්නේ නොසැලිකිලිමත් ලෙස ධාවනය කරන ලද ත්‍රීවීල් රථයක් නිසා. ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන ලද මාගේ මිතුරාගේ බයිසිකලය හා අතුරු මගකින් පැමිනි ත්‍රීවීල් රථයක් ගැටුනා. අනතුරෙන් මිතුරාට සුලු තුවාල සිදුවූයේ වාසනාවකට මෙන්. නමුත් බයිසිකල යලි පැදවිය නොහැකි සේ හානි වී තිබුනා. ත්‍රිවීල් රථයටද යම් තාක් දුරට හානි වී තිබුනා. මෙහිදී සමිපුර්ණ වැරද්ද තිබුනේ ත්‍රීවීල් රියදුරාට වුවද මිතුරාගේ බයිසිකලයේ වේගය සාමාන්‍ය වූවා නම් මෙයින් බේරීමට ඉඩ තිබුනා. Read more »





