දකින දේවල් අපේ හිතේ රැදිලා තියනව හුග කාලයක්..ඔන්න ඔන්න කට්ටියට දැන් ඉතින් එක එක දේවල් හිතේ මැවෙනවා ඇති
හැබැයි ඔය මම පල්ලෙහා දාලා තියෙන්නේ අන්තර්ජාලයේ සැරි සරන්කොට දකින්න ලැබුනු වීඩියෝ දර්ශන කිහිපයක්..
- බලන්න අවාසනාව මැදින් මතුවෙන වාසනාව. ජීවිතයේ මේවගේ බොහෝ නොසිතන දේවල් වලට අපි මුහුන දී තිබෙන්න පුලුවන්..නැත්නම් ඉදිරියේදී මුහුන දේවී..එය කාලයට භාරයි..
- ඔබගේ ආදරණීය පුද්ගලයෙකු යුධමය කටයුත්තක ඇකියාවක් කරනවානම් ඔහු හෝ ඇය ගැන ඔබගේ තිබෙන හැගීම කෙබදු දැයි කියා අමුතුවෙන් කියන්න ඕන නෑ..ඔහු හෝ ඇය අනපේක්ෂිත ලෙස ඔබව මුණගැසුනොත්
- ඔයගොල්ලොත් මොකක් හරි දෙයක් හරියටම කරන්න දන්නේ නැත්නම් වැඩ කරන්නේ මේ විදිහටද බලන්න.විශේෂයෙන් තක්ෂණික දේවල්.. මෙයත් ඒ වගේ තමා
- බල්ලෝ කතා කරන දැකල තියනවද.. මේකත් බලලම ඉන්නකෝ. හැබැයි මෙයා වෙලාවට අපේ රටේ කෙනෙක් නම් නෙවයි. නැත්නම් අපේ අය මොනවා කියල දෙයිද දන්නේ නෑ
බොහෝ විට සුනඛයින්ගේ තේරුම් ගැනීමේ හැකියාව සහ ප්‍රතිචාර දැකිවීමේ හැකියාව දුර්වලයි. නමුත් Mishka නම් මෙම සුනඛයා ඊට වඩා වෙනස් දියුණු මට්ටමක සිටින සත්වයෙක්
- කථාවක් අහල ඇතිනේ වදුරට දැලි පිහිය දුන්න වගේ කියලා. මේක නම් දැලි පිහිය දුන්න දෙයක් ගැන නම් නෙවෙයි. වදුරෙක්ට AK47 තුවක්කුවක් දුන්න වැඩක්
අපේ රටේ නම් නෙවයි. අප්‍රිකාවේ මීටර් ටිකක් කරපු වැඩක් මේක
- අනේ අනේ වයසේ හැටියටද වැඩ කිව්වලු.. මේක එක අතකින් පුරුෂ හිංසනයක්ද මන්දා..
- තමන්ගේ වාහනේ යතුර ඇතුලේ දාලා දොරවල් ලොක් කරලද තියෙන්නේ..බලන්න යස අගේට දොර අරින හැටි.. හැබැයි යතුරෙන් නම් නෙවයි..හැබැයි බලාගෙන, වෙන අයගේ වාහන මේ විදිහටට අරින්න යන්න නම් එපා..
- මෙන්න වැඩ කාරයෝ..කොහොමද වේගේ…
- මෙහෙමත් වාහන නැතිකරන විදිහක් තියෙනවද…
- මට නම් මේ කියන සිංදුව තේරෙන්නේ නෑ..ඒ වුනාට ඒ හා බැදුනු කතාන්දරය නම් ගොඩාක් දේවල් කියල දුන්නා..
- මෙන්න මේවට තමා කියන්නේ නායෑම් නම් නායයෑම් කියලා..
- නටන ගමන් කියල දෙන එකෙත් පොඩි ගතියක් තියනවා
- දුම්බොන එක නම් හොද වැඩක් නෙවයි..ඒ වුනත් ඒ තුලින් මෙයා දාන වැඩ බලන්නකෝ
ජ්ංජාලේ එහේ මෙහේ යද්දි තමා මේ ටික දැක්කේ..සමහරවිට බලපුවා වෙන්නත් ඇති. තව අලුත් අලුත් නොදැකපු බොහෝ දේවල් තිබෙනවා ඉතිරි වෙලා අපිට බලන්න.. මට නම් ආය බලන්න නම් වෙන්නේ ලබන මාසේ..මොකද data ටික දැන්ම පැනල තියෙන්නේ
Advertisement






බ්ලොග් එකේ ශීර්ෂය ‘පන්හිද’ කියලා දාන්නේ නැතුව ‘පන්හිඳ’ කියලා දාන්නකෝ.