එකමුතුකම, සහෝදරත්වය,බැදීම ආදී ගුණාංගයන් ක්‍රීඩාවක් තුලින් බලාපොරොත්තුවන සමාජීය වශයෙන් වැදගත් වන ගුණාංග කිහිපයක්..ඒ ගැන මම කියන්න සුදානම් උනේ මෙවන් ගුණාංග සපිරි එකමුතුවක් පසුගිය දිනක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවත්වුනු නිසායි.. පසුගිය 20 වැනිදා පේරාදෙණිය සරසවියේ ක්‍රීඩාගාර සංකීර්ණය තුළ පැවත්වුනු පේරාදෙණිය චෙස් එකමුතුව එවන් ගුණාංග රැසකින් සමන්විත වී තිබුනා…
” Pera Knights Get 11′ “ලෙස නම් කර තිබුනු මෙම සුහද හමුව පේරාදෙණිය සරසවියේ චෙස් ක්‍රීඩාවේ යෙදුනු සහ දැනට යෙදෙන අයගේ එකමුතුවෙන් පැවත්වුනා..එකිනෙකා අතර සුහදතාවය වර්ධනය කර ගනිමින් පේරාදෙණිය චෙස් ක්‍රීඩාව ජාතික තලයේ තවත් ඉහළට හෙන ඒමට ඇවසි කතිකාවන් එහිදී ඇති උනා…පේරාදෙණිය සරසවිය සැලකු වීට පසුගිය වසර දෙක තුනකට පෙර චෙස් ක්‍රීඩාව සදහා පේරාදෙණිය ක්‍රීඩා පරිපාලනය තුලින් හිමිවී තිබුනේ කුඩම්මාගේ සැළකිලියි… ලැබිය යුතු දෙය ලබා දෙනවා වෙනුවට නොලැබිය යුත්තක් ලබා දීමට ඔවුන් බොහෝ විට කටයුතු කලා…නමුත් කොටු හැටහතරකට ඔබ්බෙන් ලෝකය දැකීමට හා ලෝකයා සමග කටයුතු කිරීමට පේරාදෙණිය චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උගතගෙන සිටි නිසාමදෝ මෙවන් දේවලින් වූයේ තවත් අත්දැකීම් රැසක් තමන්ගේ ජීවිතයට එක් කර ගැනිමට පේරාදෙණිය ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමත් වීමයි..
දවස පුරා සරසවි ක්‍රීඩා සංකීර්ණයේ පැවති මෙම සුහද හමුව විනෝදාත්මක හා ක්‍රීඩා අංග රැසකින් සමන්විත වී තිබුනා. තවත් ව්ශේෂත්වයක් වූයේ ක්‍රීඩා අංග සදහා මේසපන්දු සහ බැන්මින්ටන් තරග පැවත්වීමයයි…පසුගියවසරේ මේ සදහා පැසිපන්දු ක්‍රීඩාවද එක් වී තිබුනා…පේරාදෙණිය චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් චෙස් ක්‍රීඩාව තුළ පමනක් නොව අනෙක් ක්‍රීඩා සදහාද දක්ෂයන් බව පැවසීමට මෙය හොදම උදාහරණයක්.
වර්තමානයේ පේරාදෙණිය සරසවියේ ක්‍රීඩාවන් සැලකු විට චෙස් ක්‍රීඩාව එහි ප්‍රභල භූමිකාවක් නිරූපනය කරනු ලැබේ..ජාතික තලයේ ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන්ගේ නියෝජනයක්ද මෙහි දක්නට තිබෙන නිසාවෙන් ජාතික චෙස් ක්‍රීඩාවේ වැදගත් භූමිකාවක් නිරූපනය කිරීමටද පේරාචෙණිය චෙස් ක්‍රීඩාවට හැකිවී ඇත..පසුගිය පස් වසර පුරා අඛන්ඩව අන්තර විශ්වවිද්‍යාලීය චෙස් ශූරතාවය දිනා ගැනීමට හැකිවීම කණ්ඩායක් ලෙස පේරාදෙණිය චෙස් ලැබූ දැවන්ත ජයග්‍රහණයක් විය…මෙසේ ජාතික තලයේ ප්‍රභල චෙස් තරු හා පැවති මෙම සුහද හමුව එයට සහභාගී වූ සියලු දෙනාටම ගෙන දුන්නේ නැවුම්, මුවග නිරතුරු සිනා රැදුනු අත්දැකීමක්…
ක්‍රීඩවක් තුලින් උකහා ගත හැකි උපරිමය පේරාදෙණිය චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මනාව උකහා ගෙන තිබෙන අයුරු මෙහිදී දක්නට ලැබුනු වැදගත් කරුණක් විය…









