අද ලෝක අම්මාවරුන්ගේ දිනය…ලෝකයේ ලස්සනම වචනය ‘අම්මා’.. අද දවසේ හුගක් දෙනා කියන දෙයක්. ඇත්තටම මේක අපිට අද විතරක් මතක් වෙන දෙයක්ද.. සමහරවිට ඔව්..
”අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ.
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුළැලි පිසින…
අම්මාවරුනේ”
අපගේ ජීවිත වෙනුවෙන් සැමදා කැප කල ඇයට එක් දිනක් වෙන් කිරීම ඇතිද ? ලෝකයා එසේ කලත් අප එසේ කළ යුතු වන්නේ නැත. ඒ ඇය අප වෙනුවෙන් කළ කැපවීම ගැනිය නොහකි නිසාවෙනි.
පහත තිබෙන්නේ මාගේ මිතුරෙකු එවා තිබු පින්තුරයක්..නොසිතු, නොදුටු, නොපැතු පැත්තක් දෙස එය ඔබව යොමු කරාවී…
මගේ රත්තරන් අම්මේ අහිතක් නොසිතමි නුබ ගැන මට කිරි නො එරෙනවාට..... කිරි එරෙන්නේ කෙලෙසකටද කිරි වෙන්ට ලේ බිදක් නැති නුබේ ගතට... මා ඔසවා හුරතල් නොකලාට කම් නැත අම්මේ..... ඔසවන්නේ කෙලෙසකද මස් පිඩක් නැති ඔය දැතට.. දැස් හැර ඉන්ට වෙර නැති මට නැලවිලි ගීනම් කුමකටද.... එනමුත්... ගන්නවාද මා මොහොතකට නුබෙ උණුහුම් තුරුලට... පාරමි පුරන්නට... මතු භවෙත් නුබේ පුතු වන්නට.....






nice artical………….
Wooow this is really sensitive