පන්හිද

නොදුටු ලොව දකින්නට…….

මිනමාට ඛේදවාචකයෙන් මතු වන අදුරු පැතිකඩ…..

ඔන්න ඉතින් මාසෙකටත් වඩා කාලයක් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා :(  මේ ඇකඩමික් අස්සේ මෙලෝ වැඩක් කරගන්න වෙලාවක් නෑනේ. යකා බැද ගත්තා වගේ වැඩ.(හැබයි කරන වැඩකුත් නෑ :D . හරි ඒ කතාව පැත්තකින් තියමුකො. අද කතා කරන්න යන්නේ 1956 දී ජපානයේ මිනිමාටා ප්‍රදේශයෙන් වාර්තා වුන දැවන්ත පරිසර ඛේදවාචකයක් ගැන. මේ ගැන මට ලියන්න හිතුනේ අපේ රටෙත් මේ වගේ දේවල් මහජනයාගේ ඇස් වසමින් සිදුවන නිසා. මේ සම්බන්දව බොහෝ දෙනාගේ දැනුම අඩු වීම මීට ප්‍රධාන හේතුවක්. හරි අනං මනං නැතුව කෙලින්ම කතාවට බහිමුකෝ. කාටත් හොරා මේ වෙන දැවන්ත පරිසර දුෂණයට ප්‍රධාන හේතුව වන්නේ බැර ලෝහ. බැර ලෝහ කියල අපි හදුන්වන්නේ අඩුම තරමේ ජලයේ විශිෂ්ඨ ගුරුත්වය මෙන් පස් ගුණයක් තරම්වත් විශිෂ්ඨ ගුරුත්වය වැඩි රසායනික මූලදව්‍යයන්. මේවා බොහෝමයක් විෂ සහිත ඒවා ලෙසයි සැලකෙන්නේ. බිස්මත්, ඇන්ටිමනි, රසදිය, ලෙඩ්, කැඩ්මියම් ආදිය මින් කිහිපයක්.

අපේ රටේ ප්‍රධාන ගංගා හා ජල මූලාශ්‍රයන් ආශ්‍රිතව හා සමහර ගොඩබිම් කලාප යොදාගෙන ඉදිකර තිබෙන වෙළද කලාප තුල ඉදි කර තිබෙන යම් යම් විශාල පරිමාණයේ කර්මාන්තශාල තුලින් පිටවන මෙවන් බැර ලෝහ නිසා මිනිස් ජීවත වලට එල්ල වන ජීවිත අවදානම සුලු පටු නැහැ. කිසිදු තත්ව පරික්ෂාවකින් තොරව පරිසරයට මුදා හරිනු ලබන මෙම බැර ලෝහ නිසා පරිසරයේ තුලනයේ බිද වැටීමක්ද සිදුවෙනවා. සමහර බැර ලෝහයන් පරිසරයට මුදා හැරීම ඉතාමත්ම අල්ප ලෙස සිදු කල යුතු වෙනවා. එසේ සිදු කරන අවස්ථාවකදී පවා එය සිදු කරනු ලබන්නේ හුදෙකලා පෙදෙසක එම බැර ලෝහයන් ගැඹුරු ලෙස වලදා ජල මූලාශ්‍රයන්ට එක් නොවන සේ විනාශ කිරීමයි. නමුත් මෙවැනි කර්මාන්තශාලාවක පුහුණුව නිමකල අයෙකු පැවසුවේ ඔවුන් එම බැර ලෝහයන් කිසිදු පරික්ෂාවකින් තොරව පරිසයට මුදා හරින බවයි. මින් වන හානිය මිල කල නොහැකියි. මෙවැනි දෑ පරික්ෂාවට ලංකාව තුල ආයතන පිහිටා තිබුනද ඔවුන් මෙම කර්මාන්තශාලා පරික්ෂාවට පැමිනෙන විට කිසිදු පරිසර හානි දායක ක්‍රියාවක් එහි සිදු වන්නේ නැහැ. මිල මුදල් නිසා ඉතා පහසුවෙන් අමිල පරිසරයට වන්නේ දැවැන්ත විනාශයක්. මීට අමතරව මිනිස් ජීවිත වලටද වන්දි ගෙවීමට සිදු වෙනවා.

ඔහු විසින් අනාවරණය කල දෑ අනුව එම කර්මාන්තශාලා අසල ජිවත් වන මිනිසුන්ගේ සිරුරේ පැවතිය යුතු මුලදව්‍යය ප්‍රමාණය නියමිත මට්ටමට වඩා වැඩිවී තිබෙනවා. මෙය සිදු වන්නේ පරිසරයට මුදා හරින බැර ලෝහ විවිද ක්‍රම මගින් මිනිස් සිරුරට එක් වීමයි. මිනිස් සිරුරට මෙවැනි දෑ එක් වීම නිසා ඇතිවන ප්‍රථිඵල ඉතාමත්ම දරුණුයි.ඇගේ අප්‍රණිකත්වය, පෙනීමේ හා ඇසීමේ දුර්වලතාවය,සිහි මද ගතිය, කොමා තත්වයට පත් වීම හා අවසානයේ මරණයට පත් වීමද සිදුවන්න පුලුවන්. මින් ඔබට තේරෙනවා ඇති මෙහි තිබෙන භයානක කම.

මෙවන් බැර ලෝහ පරිසයට මුදා හැරීම නිසා ඉතාමත් අවාසනාවන්ත තත්වයකට ජපානය 1932 දී පත්වුනා. Chisso නම් රසායනික කම්මල මගින් නිකුත් කරනු ලැබූ මෙතිල් මර්කරි නිසා මිනිමාට මෝය කට අවට ජිවත් වූ මසුන් තුල අධ්ක විෂක් අන්තර්ගත වී තිබුනා. මෙසේ ඇරඹි ව්‍යසනය ඉතා ඉක්මනින් අනිකුත් සතුන් හා මිනිසුන් කරාද ඉතා ඉක්මනින් පැතිරුනා. මෙසේ රසදිය විෂ වීම නිසා වසර 30ක් පුරාවටම මෙම ප්‍රදේශයේ මිනිසුන් හා සතුන් ලොවට අවාසනාවන්ත ලෙස අහිමි වුනා. 1932 වසරේදී මෙය ඇරඹුනත් යන්තම් හෝ මේ පිළිබද අනාවරණය්ක් සිදු වුනේ 1956 වසරේ දීයි. මෙම විපත් එම ප්‍රදේශයම දැඩි ලෙස වෙලා ගනු ලැබුවා. එම ප්‍රදේශයේ උපදින දරුවන් දැඩි ලෙස රෝගාබාධ වලට මුහුන දී තිබුනා. ඇස් පෙනීමේ දුබලතා, කන් ඇසීමේ දුබලතා, මානසික විකෘති බව ආදීන් ඉන් ප්‍රධාන වුනා. අවසානයේදී 2955 අධික මිනිසුන් කොටසක් මෙයට බිලිවූ අතර 1784 පිරිසක් මරණය වැළද ගත්තා. මෙහිදී මිනිසුන් හා සතුන් ගේ හැසිරීම් රටාව සම්පුර්ණයෙන් වෙනස් වූ අතර එය පහත වීඩියෝව තුලින් ඔබට නැරඹිය හැකියි. අවසානයේ  මෙහිදී විපතට පත් වූවන් සදහා රසායනික කම්හලට $2.8 මිලියන ගෙවීමට හා ජපන් රජයට $703,000 ගෙවීමට ඒරට අධිකරනය නියෝග කලා.

නමුත් ඒ වනවිට දැවන්ත විනාශයක් සිදුවී තිබුනා. දැවන්ත ලෙස ම්නිස් හා සතුන් ගේ ජිවිත බිල්ලට ගත් මෙම ඛේදවාචකය සමස්ත ජපානයම එම කාලය තුල කැළබීමට පත් කලා.

මින් අපට ගන්නට තිබෙන දැ බෝහෝයි. මෙසේ බැර ලෝහ පරිසරයට අනිසි අන්දමට මුදා හැරීම නිසා අනාවරණය නොවූ බොහෝ රෝගී තත්වයන්ට මුහුණ දිමට සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් මහජනතාව නිවරදි දැනුමත් වීමක් විය යුතු අතර මීට අදාල, වගකිව යුතු අංශ ක්‍රියාකාරීව මේ සදහා මැදිහත් විය යුතු වෙනවා. පරියේෂකයන්, මේ සම්බන්දව ගවේෂනය කරන්නන් මේ හා සබැදි තොරතුරු යොදා ගනිමින් මහජනතාව දැනුමත් කළ යුතුයි. මෙයට අදාල බලධාරින් ද තම යුතුකම නිවරදිව ඉටු කල යුතු වන්නේ මෙසේ පරිසයට අනිසි ලෙස රසායනික සයෝංග නිකුත් කරන කර්මාන්තශාලා පිලිබද නිසි ක්‍රියාමර්ග ගැනීමෙනුයි. එය වත්මන් සමාජයට හා මතු පරම්පරාවේ යහ පැවත්මට බෙහෙවින් ඉවහල් වනු ඇති.

රටේ සමාජයේ හා අපේ අවදානය වැඩි ලෙස මෙවැනි ආකාරයේ පරිසර දුෂණ සදහා යොමු වන්නේ නැහැ. නමුත් මින් කාලාන්තරක් තිස්සේ දැඩි විපතක් මිනිස් සමාජයට සිදු කල හැකියි. තාක්ෂණය, විද්‍යාව, සමග මුදල පෙරට යාමේදී ඉන් වන අහිතකර බලපෑම අවම කර ගැනීම වඩා වැදගත් වෙනවා. තවම බෝහෝ දෙනා තුල අල්ප ලෙස පවතින මේ සම්බන්ධ දැනුම තව දුරටත් පුලුල් විය යුතුයි. මිනිමාට ඛේදවාචකයක් ලංකාවේ ඇති නොවේවී කියා කිව නොහැකියි. මේ නිසා සියල්ලන්ගේ දෙනෙත් විවර විය යුතුය.

October 20, 2009 - Posted by panhida | අපේ දේ, තර්ජන, පරිසරය | | 3 Comments

3 Comments »

  1. අපේ රටෙ හැටි ඔහෙමතමයි

    Comment by wadugebmv | December 2, 2009 | Reply

  2. කාලෝචිත මාතෘකාවක්… ඒත් වැඩේ වෙලා තියෙන්නේ, මේවා ගැන අවදියෙන් සිටිය හැකි වන්නේ ඒ කර්මාන්ත ශාලාවල වැඩ කරන උදවියටමයි… එයාලාව ඉස්සෙල්ලා දැනුවත් කලොත් නම් හරියයි… එයාලාට තමයි කියන්න ඕනේ, ඕවා පරිසරයට මුදා හරින වෙලාවට, ටක් ගාලා අඩුම තරමින් PHI ට වත් කෝල් එකක් දෙන්න කියලා…(බොසාට හොරෙන් වෙන්න ඕනේ)

    අනිත් එක බර ලෝහ ගැන පරීක්ෂන වලට යන වියදම ටිකක් වැඩියී, මම දන්න තරමින්.. ඉතිං අඩුම තරමින් PhD Research එකක් වත් ඕවා ගැන කරන්න අය අඩුයි.. හැමදේම මුදල් මත තීරණය වන නිසා…

    Comment by පිස්සා | October 20, 2009 | Reply

    • මේ සම්බන්ධව වග කිවයුතු ආයතන මේ පිළිබදව නිවරදිව ක්‍රියා නොකරීම තමා මෙයට හේතුව.බොහෝ දෙනා මේ සම්බන්ධව කතා කිරීමට මැලි වන්නේ මේ පිළිබදව දැනුම හා අත්දැකිම් අඩු නිසා…..නමුත් මින් වන හානිය සියලු දෙනා වටහා ගත යුතු වෙනවා.බැර ලෝහ නිසි ලෙස පරිසරයට මුදා හැරීම වියදම් සහිත වැඩක්.නමුත් නව තාක්ෂනය යොදා ගනිමින් මෙම වියදම අවම කල හැකියි.කර්මාන්තශාලා පරිපාලනය මෙයට මැදිහත් විය යුතුයි.රජයේ නිරික්ෂනය මෙයට ක්‍රියාකාරිව මැදිහත් වෙනවා නම් මෙයට මන විසදුමක් ගත හැකියි :)

      Comment by panhida | October 21, 2009 | Reply


Leave a comment