මිනමාට ඛේදවාචකයෙන් මතු වන අදුරු පැතිකඩ…..
ඔන්න ඉතින් මාසෙකටත් වඩා කාලයක් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා
මේ ඇකඩමික් අස්සේ මෙලෝ වැඩක් කරගන්න වෙලාවක් නෑනේ. යකා බැද ගත්තා වගේ වැඩ.(හැබයි කරන වැඩකුත් නෑ
. හරි ඒ කතාව පැත්තකින් තියමුකො. අද කතා කරන්න යන්නේ 1956 දී ජපානයේ මිනිමාටා ප්‍රදේශයෙන් වාර්තා වුන දැවන්ත පරිසර ඛේදවාචකයක් ගැන. මේ ගැන මට ලියන්න හිතුනේ අපේ රටෙත් මේ වගේ දේවල් මහජනයාගේ ඇස් වසමින් සිදුවන නිසා. මේ සම්බන්දව බොහෝ දෙනාගේ දැනුම අඩු වීම මීට ප්‍රධාන හේතුවක්. හරි අනං මනං නැතුව කෙලින්ම කතාවට බහිමුකෝ. කාටත් හොරා මේ වෙන දැවන්ත පරිසර දුෂණයට ප්‍රධාන හේතුව වන්නේ බැර ලෝහ. බැර ලෝහ කියල අපි හදුන්වන්නේ අඩුම තරමේ ජලයේ විශිෂ්ඨ ගුරුත්වය මෙන් පස් ගුණයක් තරම්වත් විශිෂ්ඨ ගුරුත්වය වැඩි රසායනික මූලදව්‍යයන්. මේවා බොහෝමයක් විෂ සහිත ඒවා ලෙසයි සැලකෙන්නේ. බිස්මත්, ඇන්ටිමනි, රසදිය, ලෙඩ්, කැඩ්මියම් ආදිය මින් කිහිපයක්.





