කන්නෙලිය වන පියසේ සොදුරුතම මොහොතක්……
ඔන්න මම ඉතින් කිව්වනේ අපි කලින් ගියපු ට්‍රිප් එක ගැන. ගියේ ගාල්ලේ. එකේ දෙවනි කැල්ල කියන්න තමා මේ යන්නේ. මගේ මේ ලිපියට අදාල වන තැන තමා කන්නෙලිය වන සංරක්ෂිතය(Kanneliya Man and Biosphere Reserve). සුන්දර වන පියසක අපුර්වතම අත්දැකීම විද ගන්න මෙම ස්ථානය ඔබට මනා තෝතැන්නක්. විසල් තුරු ලතාවන්ගෙන් මෙන්ම නෙතට කලාතුරකින් දැකිය හැකි සතුන්ගේ අභය භූමියක් ලෙසද මෙය හැදින්වීමට පුලුවන්. ඔබ පරිසරයට සංවේදී මිනිසෙකු නම් මෙම ස්ථානය ඔබට ඔබගේ සිතුවිලි නිදහසේ මනසින් විදීමට කදිම තැනක්.ගාලු පුරවරයේ සිට පැය 1 1/2 පමන දුරකින් යුතුව පිහිටා ඇති මෙම වන පියස පරසර හිතකාමීන් සදහා විවෘත පෙදෙසක්. මෙහි සිරිය විදීමට ඔබට පහසුකම් කිහිපයක් වනසංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් සපයා දී තිබෙනවා.
ඔබට මෙහි සංචාරය සදහා අවස්ථාවන් තුනක් තිබෙනවා. ඒ පැය 3ක චාරිකාවක්, පැය 6 ක චාරිකාවක් හා පැය 12 ක චාරිකවක් ලෙසයි. මෙහිදී ගමන සදහා මාර්ගෝපදේශකයකුගේ සහය අනිවාර්යයෙන් ලබා ගත යුතු වෙනවා. මෙහිදි ඔවුන් සදහා අමතර ගෙවීමක් සිදුකල යුතු වන අතර, පැය තුන සදහා රැපියල් 200/=, පැය 6 සදහ රැපියල් 400/= පමන වෙනාවා. දේශීය වැඩිහිටි අයෙකු සදහා ටිකට් පතක් රැපියල් 32 පමන වෙනවා. මෙහිදී ඔබට වනාන්තරය තුල කදවුරු බැද ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සදහා වන ජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ඔබට ලබා ගත හැකියි. එසේම විශේෂ අවසරයෙන් තොරව ඔබට උදේ 6 සිට හවස 6 දක්වා කාලය තුර වනාන්තරයේ සැරි සැරිය හැකියි. කාල වේලා නොතිබූ බැවින් අපිට යා හැකිව තිබුනේ පැය 3 නේ ගමනයි. පැය තුන යනු ඒමට හා යාමට යන කාලයයි. මෙම පැය තුනේ ගමන සදහා ගුහාවක්, අනගිමල දිය ඇල්ල, යෝධ පුස් වැල(යෝධ කිව්වට එච්චරම ලොකුත් නෑ :D අයත් වෙනවා.
ඔබට මෙහි නවාතැන් පසුකම්ද සපයා තිබෙනවා. මෙම නවාතැන් පසුකම් කොළඹ පිහිටි වනජීවි කාර්යාලයෙන් වෙන කර ගත හැකියි. එසේම ඔබ මෙහි පැමිනෙනවා නම් ගාල්ලේ සිට උඩුගම හරහා නෙලුව මාර්ගයෙන් කන්නෙලියට පැමිණිය යුතුයි. බස් රථයෙන්ද එම මාර්ගයේම පැමිනිය හැකියි. හෙක්ටයාර් 5305 පමන පෙදෙසක් පුරා පැතිර පවතින මෙම වන සංරක්ෂිතයේ කතාව එක්තරා ආකාරයකට කටුකයි. අප සමග ගිය මාර්ගෝපදේශකයා පැවසු අන්දමට මෙහි දැනට තිබෙන්නේ වැඩිපුරම ද්විතීයක් ශාඛයන්ය. එකල පැවති සිරිමාවෝ පාලන සමයේ මෙම වන සංරක්ෂිතය පුද්ගලික ආයතනයක් මගින් ලබා ගෙන ඇති අතර, එහි තිබු වටින විසල් තුරු මුදල බවට හරවා තිබෙනවා. අවසානයේ ජනතා විමුක්ති පෙරමුන මගින් මෙහි වන විනාසයට යොදා ගෙන තිබුනු යන්ත්‍ර සුත්‍ර ආදිය ගිනි තබා විනාශ කර තැබු නමුත් ඒ වන විට වනාන්තරයට සිදු කල හැකිව තිබූ උපරිම හානිය සිදූ කර අවසන්.
අපේ මාර්ගෝපදේශකයා පැවසූ අන්දමට කදු මුදුනේ ගිනි තැබු යන්ත්‍ර, සුත්‍ර දැනටමත් දැක ගත හැකියි. එසේම අපි ගිය ගමන් මගෙහිද පුලුස්සා දැමූ ටයර් ආදියද දක්නට ලැබුනා. මෙහි කන්ද මුදුනේ වැවක් තිබෙන අතර ඒ අසල වනාන්තරයේ සුන්දරත්වය විදින්නන්ගේ පහසුව තකා ඔවුන් හට නවාතැන් ගැනීමට ගොඩනැගිලක් ඉදිවෙමින් තිබෙනවා. ඔබත් පරිසරයට ලැදිකමක් දක්වන අයෙකු නම් මෙම වනාන්තරය ඔබට අස්වැසිල්ලක් ගෙන දේවී.
නමුත් මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුන වන්නේ වනාතරයට ඔබ මතක්වීම සදහා කිසිදු දෙයක් ඔබ එහි දමා ඒම නොකල යුතු බව හා, ඔබට වනාන්තරය මතක් වීමට එයින් කිසිදු දෙයක් ගෙන නො ඒමය. වනාන්තරය තුලදී දිය පහරවලින් නැමට ඔබට අවස්ථාවක් හිමි නොවන අතර, ආපසු එන ගමනේදී සිසිල් දිය සපිරි දිය පරකින් ගතේ දාහය නැතිකර ගැනීමට ඔබට අවස්ථාවක් හිමි වෙනවා. ඉතින් වැඩි දෙනාගේ නෙත නොගැටුන මෙම භූමිය දැන් ඔබ සැමගේ දර්ශනයට විවෘතයි.
මේ වීඩ්යෝ එකනම් අපේ නෙවේ….You tube එකේ තිබුනේ. මේකත් බලන්නකෝ…































machan,matara indala kanneliye yanna lagama road eka mokakda?galle haraha yanna ona na neda?
kannekiye sampurnayenma cover karanna(ube picture eke dala thiyena okkoma important places http://panhida.files.wordpress.com/2009/09/p1030881.jpg)
6 hour tour eken puluwan da?
මම දන්න විදිහට ගාල්ලට ඇවිල්ල යන එක තමා හොද…මම තව ඒ පැත්තේ කීප දෙනුකුගෙනුත් අහල බැලුවා. ඒ ගොල්ලොත් කියන්නෙ ගාල්ල හරහා යන්න කියලා තමා.පැය 6 එකෙන් සම්පුර්ණයෙන් කන්නෙලිය කවර් කරන්න බැ. පැය 12 එකුනුත් බැයිලු. කැලේ සම්පුර්නයෙන් ඇවිදින්න දවස් ගානක් යනවලු. ඒ වුනාට අපිට යන්න පුලුවන් ප්‍රදේශය සීමා කරලා තමා තියෙන්නේ. පැය 12 එකෙන් හුගක් තැන් වලට යන්න පුලුවන්. යන්න පැය 6 යි එන්න පැය 6.
දැක්කම ගිහින් එන්න ආසා හිතෙනවා…. ඒත් ගමන් කාලය පැය 3, 6, 12 කියලා කට්ටි කරන එකට නම් මගේ කැමැත්තක් නෑ. එහෙම කරන්නෙ ඇයිද කියල හිතාගන්න අමාරුයි.
මේක ලොකු කැලයක්.කැලැව ඇතුලේ තාම නවතින්න අවස්ථාවක් නෑ.ඒ හින්දා උපරිම ගමන පැය 12 කරලා තීයෙන්නේ.ඒත් තමන්ගේ අවශ්‍යතාවය මත කැලැවේ සංචාරයට .අවසර ගන්න පුලුවන්.(පරියේෂන වලට වගේ)යන්න වටින තැනක්….
නියම පිංතූර ටික මලේ. රාමු ගත කිරීම වගේම, පෑහෑදිලිකම අතිනුත් ඉහලයි.
ස්තුතියි…
ela macho
ගිහින් බලන්න වටින තැනක් වගේ. නිවාඩු වෙලාවක යන්න ඕනෙ.
ස්තූතියි මේ විස්තරයට.
අඩුම පැය 6 ඒ ගමනවත් ගියා නම් හුගක් බලන්න තියනවා…